එහෙත්, මන්ත්‍රිවරයාට කිසිදු අනතුරක් සිදුව නොමැති බව හලාවත මූලස්ථාන පොලිසිය කියයි.
තම පුද්ගලික කටයුත්තක් සදහා ගොස් ආපසු මදුරන්කුලිය ප්‍රදේශයේ නිවස වෙත ගමන් කරමින් සිටියදී මෙම අනතුරට ලක්වි ඇති බව පොලිසිය පවසයි.
අනතුර සිදුවන අවස්ථාවේදි මන්ත්‍රිවරයා පමණක් මෝටර් රථයේ ගමන් කර ඇති අතර නින්ද යාමත් සමග මෝටර් රථය මන්ත්‍රිවරයාගේ පාලනයෙන් මිදි හලාවත කාක්කපල්ලිය ප්‍රදේශයෙදී මාර්ගයෙන් ඉවතට පැන තාප්පක ගැටි නැවති ඇත.
මෙම අනතුරින් මෝටර් රථයට හා තාප්පයට බරපතළ හානි සිදුව ඇති බවද වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් හලාවත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




