හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටි. චිත්‍රසිරි සභාපතිත්වය දරණ මෙම කොමිෂන් සභාව හමුවේ අබේසේකර ගේ පැමිණිල්ල පසුගියදා කැඳවනු ලැබිණ.
පොලිස් කොමිෂන් සභාව විසින් ඔහුගේ උසස් වීමේ නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමෙන් තමන්ට අගතියක් සිදුව ඇති බව හෙතෙම සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.
ඒ අතර පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ගයේ සඳහන් කරන්නේ අබේසේකර මේ වන විට ස්ථිර සේවයෙන් විශ්‍රාම ලබා කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන බැවින් අදාළ නිර්දේශය පිළිගැනීමේ නීත්‍යානුකූල දුෂ්කරතාවක් ඇති එබැවින් එය ප්‍රතික්ෂේප කළ බවයි.
කෙසේ හෝ පරිපාලන අභියාචනා පිළිබඳ කොමිෂන් සභාව මේ සම්බන්ධව ලබන මස 23 වෙනිදා විභාගයක් පැවැත්වීමට තීන්දු කර ඇත.
මෙම විභාගයේ දී ශානි අබේසේකර වෙනුවෙන් පෙනි සිටින්නේ මෙයට පෙර අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ක්‍රියාකළ ජනාධිපති නීතිඥ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ යි.
( lankalokaya | රන්ජිත් ආනන්ද ජයසිංහ)
පොලිස් කොමිසමට එරෙහිව ශානි අබේසේකරගෙන් පැමිණිල්ලක්
T
The Leader Desk
March 30, 2026 • 6:16 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටි.
- පොලිස් කොමිෂන් සභාව විසින් ඔහුගේ උසස් වීමේ නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමෙන් තමන්ට අගතියක් සිදුව ඇති බව හෙතෙම සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.
- ඒ අතර පොලිස් කොමිෂන් සභාවේ ආරංචි මාර්ගයේ සඳහන් කරන්නේ අබේසේකර මේ වන විට ස්ථිර සේවයෙන් විශ්‍රාම ලබා කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කරන බැවින් අදාළ නිර්දේශය පිළිගැනීමේ නීත්‍යානුකූල දුෂ්කරතාවක් ඇති එබැවින් එය ප්‍රතික්ෂේප කළ බවයි.
- කෙසේ හෝ පරිපාලන අභියාචනා පිළිබඳ කොමිෂන් සභාව මේ සම්බන්ධව ලබන මස 23 වෙනිදා විභාගයක් පැවැත්වීමට තීන්දු කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



