The Leader News
BREAKING
Top Ad
පුවත්

වී වගාවට පමණක් යූරියා ලබාදීමට රජය සැරසෙයි

T

The Leader Desk

March 30, 2026 • 9:03 AM

වී වගාවට පමණක් යූරියා ලබාදීමට රජය සැරසෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එම දෙපාර්තමේන්තුව පවසන්නේ, පවතින තත්ත්වය හමුවේ මේ වසරේ යල කන්නයේ වගා කටයුතු සඳහා වී වගාවට පමණක් අමිශ්‍ර යූරියා පොහොර තොග ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා පමණක් නිකුත් කිරීමට තීරණය කර ඇති බවය.
  • ඒ අනුව පොහොර නිකුත් කිරීමේදී ඒ ඒ ගොවීන් වගා කරනු ලබන භූමි ප්‍රමාණය අනුව අවශ්‍ය පොහොර ප්‍රමාණය පමණක් නිකුත් කිරීමට සියලු ගොවි ජන සංවර්ධන නිලධාරීන්ට දැනුම් දී ඇත.
  • ඒ අනුව පවතින පොහොර තොග කළමනාකරණය කර ගනිමින් 2026 යල කන්නයේ වී වගා කටයුතු බාධාවකින් තොරව සිදුකර ගැනීමට කටයුතු කරන ලෙස ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව සියලු ගොවි ජන සංවර්ධන නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
  • සමාගම් සතු පොහොරවලින් 68%ක් රජයට ලබා දීමට සමාගම් එකඟ වෙයි මේ අතර කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න පවසන්නේ, පොහොර සමාගම් සතු පොහොර තොගවලින් 68%ක් රජය වෙත ලබාදීමට එකඟ වී ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


එම දෙපාර්තමේන්තුව පවසන්නේ, පවතින තත්ත්වය හමුවේ මේ වසරේ යල කන්නයේ වගා කටයුතු සඳහා වී වගාවට පමණක් අමිශ්‍ර යූරියා පොහොර තොග ගොවි ජන සේවා මධ්‍යස්ථාන හරහා පමණක් නිකුත් කිරීමට තීරණය කර ඇති බවය.

මේ සම්බන්ධයෙන් දිවයිනේ සියලු ගොවි ජන සංවර්ධන නිලධාරීන් දැනුවත් කිරීමට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව පොහොර නිකුත් කිරීමේදී ඒ ඒ ගොවීන් වගා කරනු ලබන භූමි ප්‍රමාණය අනුව අවශ්‍ය පොහොර ප්‍රමාණය පමණක් නිකුත් කිරීමට සියලු ගොවි ජන සංවර්ධන නිලධාරීන්ට දැනුම් දී ඇත.

පොහොර ගොවීන් වෙත නිකුත් කිරීමේදී කන්න රැස්වීම්වල තීරණ මත හෝ වී වගා කරන බවට තහවුරු වීමෙන් අනතුරුව දත්ත පද්ධතියට තොරතුරු ඇතුළත් කරන ලද ගොවීන්ගේ තොරතුරු පාදක කර ගනිමින් අදාළ වගා භූමි ප්‍රමාණය සැළකිල්ලට ගනිමින් මෙලෙස ගොවීන්ට යූරියා පොහොර නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

ඒ අනුව පවතින පොහොර තොග කළමනාකරණය කර ගනිමින් 2026 යල කන්නයේ වී වගා කටයුතු බාධාවකින් තොරව සිදුකර ගැනීමට කටයුතු කරන ලෙස ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව සියලු ගොවි ජන සංවර්ධන නිලධාරීන්ට උපදෙස් ලබා දී  තිබේ.

සමාගම් සතු පොහොරවලින් 68%ක් රජයට ලබා දීමට සමාගම් එකඟ වෙයි

මේ අතර කෘෂිකර්ම හා පශුසම්පත් නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න පවසන්නේ, පොහොර සමාගම් සතු පොහොර තොගවලින් 68%ක් රජය වෙත ලබාදීමට එකඟ වී ඇති බවයි.

ඒ අනුව, අදාළ පෞද්ගලික සමාගම් සතු යූරියා පොහොර මිටියක් රුපියල් 9,500කටද, රජයේ පොහොර සමාගම සතු යූරියා පොහොර මිටියක් රුපියල් 9,200කටද අලෙවි කිරීමට නියමිතය.

පොහොර සහනාධාරය ලෙස ගොවීන්ට හෙක්ටයාර 2ක් සඳහා රුපියල් පනස්දාහක (රු. 50,000) මුදලක් ලබා දෙන අතර, වී වගා කරන ඉඩම්වල අතුරු භෝග වගා කරන ගොවීන්ටද හෙක්ටයාර 2ක් සඳහා රුපියල් 3,000 බැගින් ලබා දීමට පියවර ගන්නා බව නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න වැඩිදුරටත් සඳහන් කරයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...