The Leader News
BREAKING
Top Ad
පුවත්

රජය විදුලි බිල වැඩි කළේ අන්ත දූෂිත ගල් අගුරු ගණුදෙනුවට අවශ්‍ය මුදල් සොයා ගන්න -සජිත්

T

The Leader Desk

March 30, 2026 • 4:31 PM

රජය විදුලි බිල වැඩි කළේ අන්ත දූෂිත ගල් අගුරු ගණුදෙනුවට අවශ්‍ය මුදල් සොයා ගන්න -සජිත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.
  • දිගින් දිගටම විදුලිය බිල වැඩි කර අන්ත දූෂීත ගණුදෙනුවල බර ජනතාවගේ කරපිට පැටවීමට රජය කටයුතු කරන බවට තමා ප්‍රමුඛ සමගි ජන බලවේගය පැවසූ බවත් ඒ ආකාරයට ම විදුලි බිල වැඩි කිරීමට රජය කටයුතු කර ඇති බවත් ඔහු කියා සිටියි.
  • සබැඳි පුවතක් : අප්‍රේල් පළවෙනිදා විදුලිය ගාස්තුවත් නගී !
අකුරු ප්‍රමාණය (Font Size):

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.

දිගින් දිගටම විදුලිය බිල වැඩි කර අන්ත දූෂීත ගණුදෙනුවල බර ජනතාවගේ කරපිට පැටවීමට රජය කටයුතු කරන බවට තමා ප්‍රමුඛ සමගි ජන බලවේගය පැවසූ බවත් ඒ ආකාරයට ම විදුලි බිල වැඩි කිරීමට රජය කටයුතු කර ඇති බවත් ඔහු කියා සිටියි.

අන්ත දුෂිත බාල ගල් අගුරු ගණුදෙනුවේ පාඩුව ජනතාව කරපිට පටවා ඇති බවත් ඊයේ සහ පෙරේදා දින ද නියමිත ආකාරයට විදුලි ජනනය ලක්විජය නොරොච්චෝල බලාගාරයෙන් සිදු නොවූ බවත් ඊයේ දිනයේ මෙගවොට් 146ක් පෙරේදා දිනයේ මෙගවොට් 158ක් අඩුවෙන් ජනනය කර ඇති බවත් මේවාට යොදගෙන ඇත්තේ අප්‍රිකාවෙන් ගෙන ආ 13 වැනි නැවේ ගල් අගුරු බවත් මෙතෙක් ගෙන ආ නැව් 12 බාල බවට මේ වන විටත් පැහැදිලි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.


දිගින් දිගටම බාල ගල් අගුරු ගැටලුවක් නොවන බවට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කිව්වත් සමහර මැති ඇමතිවරු කියන ආකාරයට මේ බාල ගල් අගුරු නිසා සිදුවූ පාඩුව අදාළ ආයතනයෙන් අය කර ගතහොත් අදාළ සැපයුම්කාර ආයතනය බංකොලොත් වන බවත් රජය සිටින්නේ ගල් අගුරු සපයන ආයතනය සුරැකීමට ද විදුලි පාරිභෝගිකයා රැක ගන්නටද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.


රජය බලයට පැමිණියේ කම්කරු ජනතාව පාරිභෝගික ජනතාව ආරක්ෂා කරනවා කියා බවත් කෙසේ හෝ බහුජාතික සමාගම්වල අතකොලුවන් බවට පත් නොවන බවට පැවසූ වත්මන් මාලිමා රජයම අද වන විට බාල ගල් අගුරු සමාගම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත්ව ඇති බවත් එබැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි ගල් අගුරු ප්‍රශ්නයෙන් නිර්මාණය වූ අලාභය මගහරවා ගැනීමට මේ විදුලි බිල වැඩි කිරීම නතර කළ යුතු බවත් මේ බාල ගල් අගුරුවලට වගකිවයුතු වන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මිස ජනතාව නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප්‍රේල් ජුනි හා ජූලි යන මාසවල සමහර බලාගාර නඩත්තුවට නතර කිරීම තුළ වැඩිම විදුලි ඉල්ලුම ඇති අවස්ථාවේ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවට මහජන උපයෝගීතා කොමිසම පවා අනතුරු අගවා ඇති බවත් එයට හේතුව රජයේ බාල ගල් අගුරු කුමන්ත්‍රණය බවත් මේ බාල ගල් අගුරු නිසා වැඩි කළ විදුලි බිල වහාම අඩු කළ යුතු බවත් එසේ නොකරන්නේ නම් විදුලි පාරිභෝගිකයන්ගේ අයිතිය වෙනුවෙන් කළ හැකි උපරිම කැපකිරීම සමගි ජන බලවේගය ඉටු කරන බවත් මේ අනිතික දූෂිත ක්‍රියාවලියට විරුද්ධව මහපාරට බහින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

 
සබැඳි පුවතක් :

අප්‍රේල් පළවෙනිදා විදුලිය ගාස්තුවත් නගී !
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...