බලපැවැත්වෙන පරිදි එම අධ්‍යක්ෂ මණ්ඩලවලින් ඉල්ලා අස්වී තිබේ.
ඊට අමතරව, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සහ ශ්‍රී ලංකන් කේටරින් සමාගමේ අධ්‍යක්ෂ රොහාන් ගුණතිලක ද එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වී ඇත.
මොවුන් දෙදෙනාම, ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාට වැඩි කොටස් අයිතියක් ඇති හේලීස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරුන් වෙති.
පසුගිය දිනවල සමාජ මාධ්‍යවලින් 'හේලීස්' නියෝජිතයින් සම්බන්ධයෙන් දිගින් දිගටම එල්ලවූ විරෝධය ඔවුන්ගේ ඉල්ලා අස්වීමට බලපෑ ප්‍රධාන හේතුවක් බව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
සරත් ක්ලෙමන්ට් ගනේගොඩ
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සහ කේටරින් සමාගමේ සභාපති ලෙස කටයුතු කළ සරත් ක්ලෙමන්ට් ගනේගොඩ හේලීස් පීඑල්සී සමාගමේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු වන අතර, හේලීස් බිස්නස් සොලියුෂන්ස් ඉන්ටර්නැෂනල් ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයෙකි.
ඊට අමතරව, හේලීස් ෆෙන්ටන්ස් සමාගමේ ද අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කරයි.
2007 වසරේදී හේලීස් සමූහයට නැවත එක්ව ඇති ඔහු 2009 වසරේදී සමූහයේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඇතුළත් කෙරිණි.
එරංග රොහාන් පීරිස් ගුණතිලක
එරංග රොහාන් පීරිස් ගුණතිලක හේලීස් ෆැබ්රික් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී සහ විධායක අධ්‍යක්ෂ ධූර දරයි.
ඔහු හේලීස් ෆැබ්රික් සමාගමට එක්වූයේ, 2013 මාර්තු මාසයේදී ය.
එම මාසයේම ඔහු සමූහ කළමනාකරණ කමිටුවට පත් කරන ලද බව හේලීස් සමාගමේ වෙබ් අඩවියේ දැක්වෙයි.
හේලීස් නියෝජිතයින්ගේ ක්‍රියාමාර්ග ප්‍රශ්නසහගත වුයේ ඇයි?
සරත් ක්ලෙමන්ට් ගනේගොඩ සහ අධ්‍යක්ෂ එරංග රොහාන් පීරිස් ගුණතිලක 2024 ඔක්තෝබර් 09 වන දා සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයට අනුයුක්ත කර සිටි අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කළහ.
ඔවුන් දෙදෙනා ම තවමත් හේලීස් පීඑල්සී සමාගමේ සේවය කරන අතර, ශ්‍රීලන්කන් ගුවන් සේවයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සේවය කිරීම වෙනුවෙන් වැටුපක් නොලබන බව මීට පෙර සඳහන් කර තිබිණි.
හේලීස් සමාගමේ අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු ශ්‍රීලන්කන් අධ්‍යක්ෂ මණ්ඩලයට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ගැටලු කිහිපයක් මතු විය. එක් ගැටලුවක් වන්නේ, ශ්‍රීලන්කන් ආයතනය මිල දී ගැනීමට ලංසු ඉදිරිපත් කළ සමාගම් 6ක් අතර හේලීස් සමාගම ද වීම ය.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කොටස් මිල දී ගැනීම සඳහා වන ලංසු ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය 2024 අප්‍රේල් මස 22 වන දා අවසන් වූ අතර, සමාගමේ කොටස් මිල දී ගැනීම සඳහා පාර්ශව 6කින් ලංසු ඉදිරිපත් වී තිබිණි.
එම සමාගම් 6 මෙසේ ය.
- AirAsia Consulting Sdn. Bhd.
- Dharshaan Elite Investment Holding (Pvt) Ltd
- FITS Aviation (Private) Limited
- Sherisha Technologies Private Limited
- Treasure Republic Guardians Limited
- Hayleys PLC
මිට අමතරව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට හිමි ගුවන් වාර හේලීස් සමාගමට අනුබද්ධ ජාත්‍යන්තර සමාගම් වලට ලබාදීම සම්බන්ධයෙන් ද ශ්‍රී ලන්කන් හි හේලීස් නියෝජිතයින්ද චෝදනා එල්ලවී වී ඇත.
මුලින්ම මෙල්බර්න් වලට ශ්‍රීලන්කන් ගුවන්සේවයේ ගුවන්වාර වැඩි නොකර, ඕස්ට්‍රේලියාවේ ජෙට්ස්ටාර් (Jetstar) ගුවන් සේවයට මෙල්බර්න් සහ කොළඹ අතර ගුවන් මාර්ග අලුතින් විවර කර 'හේලීස් ඒවිඒෂන්' ශ්‍රී ලංකාවේ නියෝජිතායතනය (GSA) බවට පත් කිරීමත්,
ඉන් අනතුරුව 2026 ශීත සෘතුව වෙනුවෙන් British Airways හට ලන්ඩන් කොළඹ ගුවන් මාර්ග හේලීස් ඒවිඒෂන් British Airways හි ශ්‍රී ලංකාවේ නියෝජිතායතනය (GSA) බවට පත් වෙමිත් සමාජ මාධ්‍යවල දැඩි විවේචනයට ලක්විය
වැඩබලන සභාපතිවරයෙක්
භාණ්ඩාගාර ලේකම්වරයා විසින් නව සභාපතිවරයෙකු පත් කරන තෙක්, ඒ.කේ. ඩී.ඩී. ඩිමාල් අරන්දර ශ්‍රීලංකන් ගුවන් සේවයේ සහ ශ්‍රීලංකන් කේටරින් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලවල වැඩබලන සභාපතිවරයා ලෙස කටයුතු කරනු ඇතැයි ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කළේය.
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය
මොවුන් දෙදෙනාගේ ඉල්ලා අස්වීම් සමඟ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩලයේ සංයුතිය මෙසේය.
* ඒ. කේ. ඩී. ඩී. ඩිමල් අරන්දර- වැඩබලන සභාපති සහ භාණ්ඩාගාර නියෝජිත
* Flt./ Lt. (විශ්‍රාමික) සුගත් රාජපක්ෂ
* විපුල ගුණතිලක
* ආචාර්ය හර්ෂ කබ්රාල්
* දුමිත් ප්‍රනාන්දු
* සෙනරත් ලියනගේ
ශ්‍රීලංකන් කේටරින් මණ්ඩලයේ වර්තමාන සංයුතිය
* ඒ. කේ. ඩී. ඩී. ඩිමල් අරන්දර- වැඩබලන සභාපති සහ භාණ්ඩාගාර නියෝජිත
* Flt./ Lt. (විශ්‍රාමික) සුගත් රාජපක්ෂ
* විපුල ගුණතිලක
* ආචාර්ය හර්ෂ කබ්රාල්
* දුමිත් ප්‍රනාන්දු
COPF සභාපති හුලංගමුව සහ අර්නස්ට් ඇන්ඩ් යන්ග් (EY) ගැනත් ප්‍රශ්න කරයි
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති සරත් ගනේගොඩ මහතාගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව, එම සමාගමේ යහපාලනය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා බරපතල ප්‍රශ්න කිහිපයක් මතු කර ඇත.
මේ සම්බන්ධයෙන් 'X' (ට්විටර්) පණිවුඩයක් නිකුත් කරමින් ආචාර්ය ද සිල්වා මෙසේ සඳහන් කර තිබේ:
"මෙම පත්වීම ආරම්භයේ සිටම ගැටලුසහගත වූයේ එය පැහැදිලි පරස්පර විරෝධී උත්සාහයක් (Conflict of Interest) වූ බැවිනි. සරත් ගනේගොඩ මහතා පමණක් නොව, ගුවන් සේවා සහ සැපයුම් ක්ෂේත්‍රයේ සෘජු ව්‍යාපාරික අවශ්‍යතා ඇති හේලීස් සමූහ ව්‍යාපාරයේ තවත් ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මෙහෙයවීම මෙයට හේතුවයි.
නමුත් මෙහි මීට වඩා බරපතල තත්ත්වයක් තිබේ... හුලංගමුව සහ අර්නස්ට් ඇන්ඩ් යන්ග් (EY) ආයතනය සම්බන්ධයෙන් ඇති තත්ත්වය කුමක්ද? ඇතැමුන් පවසනු ඇත්තේ 'හර්ෂ පක්ෂග්‍රාහීයි' කියාය. එබැවින් මම කිසිවක් නොකියා ඒ පිළිබඳව @grok ගෙන් විමසන ලෙස ඉල්ලා සිටිමි. ඒ අතරම, නිවැරදි දේ සිදුකරන හාන්ස් විජයසූරිය මහතාට මාගේ ප්‍රණාමය හිමිවේ."




