The Leader News
BREAKING
Top Ad
පුවත්

රජයේ වෛද්‍යවරුන් අද සංකේත වැඩවර්ජනයක

T

The Leader Desk

March 31, 2026 • 3:42 AM

රජයේ වෛද්‍යවරුන් අද සංකේත වැඩවර්ජනයක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කිසිදු විමසීමකින් තොරව නීතිවිරෝධිව දේශපාලනික අරමුණකින් යුතුව වෛද්‍ය ස්ථාන මාරුකිරීම් සිදුකර ඇති බවත් එය දැඩි ලෙස හෙළා දකින බවත් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ ප්‍රකාශ කළේය.
  • මෙම ස්ථාන මාරුකිරීම් ක්‍රමවේදයට විරෝධය පෑම සඳහා මෙලෙස අද (31වැනිදා ) උදෑසන අටේ සිට දීප ව්‍යාප්ත එක් දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි.
  • වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුකිරීම් සඳහා ලැයිස්තුවක් සාදා ඇති බවත් මින් පෙර එවැන්නක් සිදුකර නොමැති බවත් මෙය ප්‍රශ්න සහගත බවත් ඔවුන් පෙන්වා දෙයි.
  • කෙසේවෙතත් මාතෘ රෝහල්, ළමා රෝහල්, මහරගම අපේක්ෂා රෝහල, විශේෂ වකුගඩු ඒකක, ත්‍රිවිධ හමුදා රෝහල් සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය යන ආයතනයන්හි මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


කිසිදු විමසීමකින් තොරව නීතිවිරෝධිව දේශපාලනික අරමුණකින් යුතුව වෛද්‍ය ස්ථාන මාරුකිරීම් සිදුකර ඇති බවත් එය දැඩි ලෙස හෙළා දකින බවත් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ ප්‍රකාශ කළේය.

මෙම ස්ථාන මාරුකිරීම් ක්‍රමවේදයට විරෝධය පෑම සඳහා මෙලෙස අද (31වැනිදා ) උදෑසන අටේ සිට දීප ව්‍යාප්ත එක් දින සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි.

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුකිරීම් සඳහා ලැයිස්තුවක් සාදා ඇති බවත් මින් පෙර එවැන්නක් සිදුකර නොමැති බවත් මෙය ප්‍රශ්න සහගත බවත් ඔවුන් පෙන්වා දෙයි.

කෙසේවෙතත් මාතෘ රෝහල්, ළමා රෝහල්, මහරගම අපේක්ෂා රෝහල, විශේෂ වකුගඩු ඒකක, ත්‍රිවිධ හමුදා රෝහල් සහ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය යන ආයතනයන්හි මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කළේය.

මෙම වැඩවර්ජනය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු නොවුණහොත් ඉදිරියේ දී දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

කෙසේවෙතත් වෛද්‍යවරුන් වැඩවර්ජන ක්‍රියාමාර්ගවල නිරත වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි පසුගියදා පවසා සිටියේ, “මං හිතන්නේ වෛද්‍යවරු විදියට වර්ජන ක්‍රියාමාර්ගයකට යන්න බැහැ. ඒ නිසා ඉතිහාසය පුරාම එවැනි දේවල් ලොකුවට වෙලත් නෑ. විශේෂයෙන්ම මේ වෘත්තීය සමිතිය මං හිතන්නේ එහෙම දේවල් කරන්න හැකියාවකුත් නෑ. පසුගිය දවස්වල කිව්ව දේවල් ලොකුවට මුකුත් වුණෙත් නෑ. නමුත් වෛද්‍යවරුන්ට ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ඇහුන්කම් දෙන්න අපි සුදානම්...” යනුවෙනි.

Screenshot 2026 03 31 090512
Screenshot 2026 03 31 090528

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...