The Leader News
BREAKING
ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය කුසල් මෙන්ඩිස්ට●ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●
Top Ad
පුවත්

විද්‍යාජෝති මහාචාර්ය රෙෂ්වි ෂෙරිෆ් අභාවප්‍රාප්ත වෙයි

T

The Leader Desk

March 31, 2026 • 9:02 AM

 විද්‍යාජෝති මහාචාර්ය රෙෂ්වි ෂෙරිෆ් අභාවප්‍රාප්ත වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විශේෂඥ කායික වෛද්‍යවරයෙකු (Consultant Physician) සහ වකුගඩු රෝග පිළිබඳ (Nephrology) විශේෂඥයෙකු ලෙස දශක ගණනාවක් පුරා එතුමා මෙරට රෝගී ජනතාව වෙනුවෙන් ඉටුකළ මෙහෙවර අතිමහත්ය.
  • අභාවප්‍රාප්ත වන විට ඒ මහතා බොරැල්ල වෙස්ටර්න් රෝහලේ (Western Hospital) නිර්මාතෘ සහ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.
  • පශ්චාත් උපාධි වෛද්‍ය විද්‍යායතනයේ (PGIM) අධ්‍යක්ෂවරයා ලෙසත්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) සභාපතිවරයා ලෙසත් කටයුතු කරමින් මෙරට වෛද්‍ය පරිපාලනය සහ අධ්‍යාපන ප්‍රමිතීන් ඉහළ නැංවීමට විශාල දායකත්වයක් ලබා දුන් ඔහු, පසුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පදවියක් ද හෙබවීය.
  • වෛද්‍ය විද්‍යාව සහ සමාජය උදෙසා ඉටුකළ සුවිශේෂී සේවය අගයමින් රජය විසින් ඔහු වෙත “විද්‍යාජෝති” වැනි ඉහළම ගෞරව නාමයන් පුද කර තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):


විශේෂඥ කායික වෛද්‍යවරයෙකු (Consultant Physician) සහ වකුගඩු රෝග පිළිබඳ (Nephrology) විශේෂඥයෙකු ලෙස දශක ගණනාවක් පුරා එතුමා මෙරට රෝගී ජනතාව වෙනුවෙන් ඉටුකළ මෙහෙවර අතිමහත්ය.

අභාවප්‍රාප්ත වන විට ඒ මහතා බොරැල්ල වෙස්ටර්න් රෝහලේ (Western Hospital) නිර්මාතෘ සහ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු වූ රෙෂ්වි ෂෙරිෆ් මහතා, වෛද්‍යවරුන් පරම්පරා ගණනාවක් දැයට දායාද කළ කැපවූ ගුරු පියෙක් ද වේ. පශ්චාත් උපාධි වෛද්‍ය විද්‍යායතනයේ (PGIM) අධ්‍යක්ෂවරයා ලෙසත්, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) සභාපතිවරයා ලෙසත් කටයුතු කරමින් මෙරට වෛද්‍ය පරිපාලනය සහ අධ්‍යාපන ප්‍රමිතීන් ඉහළ නැංවීමට විශාල දායකත්වයක් ලබා දුන් ඔහු, පසුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පදවියක් ද හෙබවීය.

වෛද්‍ය විද්‍යාව සහ සමාජය උදෙසා ඉටුකළ සුවිශේෂී සේවය අගයමින් රජය විසින් ඔහු වෙත “විද්‍යාජෝති” වැනි ඉහළම ගෞරව නාමයන් පුද කර තිබුණි. පටු වර්ගවාදී අදහස් දරන්නවුන් වෙතින් එල්ල වන පදනම් විරහිත අභූත චෝදනා සිනාමුසු මුවින් බැහැර කරමින්, වටිනා මිනිස් ජීවිත රැසක් අකල් මරණවලින් මුදා ගැනීමෙහි ලා පුරෝගාමී වූ මෙම කීර්තිමත් ශ්‍රී ලාංකිකයාගේ නාමය ශ්‍රී ලංකා වෛද්‍ය ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙනු ඇත.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද ප.ව. 2.30ට කුප්පියාවත්ත මුස්ලිම් සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතව තිබිණි.

 vinivida.lk

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

විද්‍යාජෝති මහාචාර්ය රෙෂ්වි ෂෙරිෆ් අභාවප්‍රාප්ත වෙයි | The Leader