මහතා ගේ අවසරයකින් තොරව "සඳකඩපහණ" නැමැති DVD පටයකට ඇතුළත් කර බෙදා හැරීම වෙනුවෙන් 'ටොරානා ඩිස්ටිබියුටර්ස් සමාගම' විසින් රුපියල් ලක්ෂ දහයක් ඒ මහතා වෙත ගෙවන ලෙස නියම කරමින් 2014 වසරේදී දෙන ලද වානිජ්‍ය මහාධිකරණ තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරන ලදි.
එගින්ම ගීතයේ රචක ලූෂන් බුලත්සිංහල මහතාගේ බුද්ධිමය දේපල අවභාවිතා කිරීමක් 'ටොරානා ඩිස්ටිබියුටර්ස් සමාගම' විසින් සිදු කර ඇති බවට දෙන ලද තීන්දුවද අනුමත කරන ලදි.
ඊට අමතරව අදාල නඩු ගාස්තු ගෙවන ලෙසද අදාළ සමාගමට නියෝග කෙරිණි.
එම මහාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් එම සමාගම ගොනු කළ තිබූ අභියාචන පෙත්සමක විභාගය අවසන් කර එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම නියෝගයන් සිදු කෙරිණි.
කුමුදුනී වික්‍රමසිංහ, ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ගේ එකගත්වයෙන් යුතු නඩු තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී.නවාස් මහතා විවෘත අධිකරණයේදී ප්‍රකාශයට පත් කළේය.
අදාළ ගීතය DVD තැටියකයට ඇතුළත් කර බෙදා හැරීම සම්බන්ධයෙන් ගොනු කළ නඩුකරයක තීන්දුව ලබාදෙමින් වානිජ්‍ය මහාධිකරණය 2014 වසරේදී 'ටොරානා ඩිස්ටිබියුටර්ස් සමාගම' ට නියෝගයක් ලබා දී ඇත.
ඊට එරෙහිව 'ටොරානා ටිස්ටිබුටර් සමාගම' විසින් මෙම අභියාචනය ගොනු කර තිබුණි.
එම සමාගම අභියාචන පෙත්සම ඉදිරිපත් කරමින් කියා සිටින්නේ, ප්‍රශ්නගත DVD තැටියට ලූෂන්බුලත්සිංහල මහතා විසින් රචනා කළ එක් ගීතයක් පමණක් ඇතුළත් කර ඇති බවය.
එම ගීතයේ පද රචනය ම DVD සමග බෙදා හැර නොමැති අතර කිසිදු ආකාරයක බුද්ධිමය දේපල උල්ලංඝණය කිරිමක් සිදුවී නොමැති බවට අදාළ සමාගම විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණි.
එම ගීතයේ තනුනිර්මාණය කර ඇත්තේ ප්‍රවීණ සංගීතඥ වික්ටර් රත්නායක මහතා වන අතර ප්‍රවීණ ගායක එදිරිසිංහ මහතා විසින් දශක හතරකට අධික කාලයක් එළිමහන් ප්‍රසංගවල ගායනා කර ජනතාව අතර ඉමහත් ප්‍රසිද්ධියට පත් වූ ගීතයක් බව නඩු තීන්දුවෙහි සදහන් වේ.
සුනිල් එදිරිසිංහ මහතාගේ 'සඳකඩපහණ" නමැති ගායනා කරනු ලැබූ ගීත විසි දෙකට මෙම ගීත ද ඇතුළත් වී ඇත.
පසුව මෙම ප්‍රසංගය "සඳකඩපහණ" නමින් DVD තැටියක් ලෙස බෙදා හැරීමට අදාල සමාගම කටයුතු කර තිබෙන අතර ගීතය්ෆ රචක ලූෂන් බුලත්සිංහල මහතා ගෙන් ඒ සම්බන්ධයෙන් අවසරයක් ලබා ගෙන නැති අතර කිසිදු ආකාරයක මූල්‍ය ප්‍රතිලාභයක් ඔහුට ලබා දීමක් ද සිදු කර නැති බව නඩු විභාගයේදී අනාවරණය වූ බව තීන්දුවෙහි දැක්වේ.
මෙමගින් ලූෂන් බුලත් සිංහල මහතාගේ බුද්ධිමය දේපළ උල්ලංඝනය වී ඇති බවට විනිසුරු මඩුල්ල විසින් තීරණය කර ඇත.
ඒ අනුව වාණිජ මහාධිකරණය මගින් ලබාදුන් තීන්දුව අනුමත කරන බව ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වේ.
අභියාචන සමාගම වෙනුවෙන් නීතිඥ එම්.එස්.ඩාවුඩ් පාලිත සුභසිංහ සහ හර්ෂණ මල්ලවාරච්ච යන නීතිඥවරු පෙනී සිටියහ.
ප්‍රවීණ ගීත රචාක ලූෂන් බුලත්සිංහල මහතා වෙනුවෙන් නීතිඥ චරිත් ගල්හෙන මහතා පෙනී සිටියේ ය.
(සටහන | නෙල්කා මැදගෙදර)
Nelka Medagedara
'ද ලීඩර්' අධිකරණ වාර්තාකාරිනිය
nelindum41@gmail.com




