සහ කොලොන්නාව නගර සභාව විසින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
එසේම අක්කර දෙකක පමණ භූමි ප්‍රමාණයක කැලි කසළ බැහැර කිරීම සඳහා කොළඹ මහනගර සභාවට සහ කොලොන්නාව නගර සභාවට අවසර දීම තුළින් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ද මූලික අයිතිවාසිකම් උල්ලංඝනය සිදුකර ඇති බවට ද තීන්දු කෙරිණි.
එසේම කැලි කසල බැහැර කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිය ව්‍යවස්ථාපිත වගකීම ඉටුකිරීම පැහැර හැරීම මගින් බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරන අධිකාරිය විසින් ද මූලික අයිතිවාසිකම් උල්ලංඝනයක් කර ඇති බව ද තීන්දු කරන ලදී.
මෙම කුණු කන්ද පිපිරියාම හේතුවෙන් වින්දිතයින් බවට පත් වූ පුද්ගලයින්ට වග උත්තරකරුවන් විසින් දැනටමත් රුපියල් 908, 314,020.70 ක් වන්දි වශයෙන් ගෙවා ඇති නිසා මෙම මූලික අයිතිවාසිකම් කඩ කිරීම වෙනුවෙන් වන්දි ගෙවීමට නියෝග නොකිරීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය වැඩි දුරටත් තීරණය කළේය.
අදාළ ප්‍රදේශයට කුණු බැහැර කර කුණු කන්දක් නිර්මාණය කිරීමට එරෙහිව නීතිඥ නුවන් බෝපගේ ඇතුළු අදාල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක විභාගය අවසන් කර එහි තීන්දුව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මේ බව තීන්දු කළේය.
පෙත්සම විභාගයට ගත් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුප්‍රියන්ත ප්‍රනාන්දු මහත්වරුන්ගේ එකගතාවය සහිත නඩු තීන්දුව විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා ප්‍රකාශයට පත් කළේය.
2009 වසරේ සිට 2017 වසර දක්වා කාලසීමාව තුළ අදාල ප්‍රදේශයේ නීතියට පටහැනි ලෙස කැලි කසල බැහැර කිරීම කොළඹ මහ නගර සභාව සහ කොලොන්නාව නගර සභාව විසින් සිදු කළ බව තීන්දුවෙහි සදහන් වේ.
කොළඹ නගරයේ රැස්වන කැලිකසල මීතොටමුල්ල පොතුවිල් කුඹුර නමැති භූමියට බැහැර කිරීමට කොළඹ මහ නගර සභාව කටයුතු කර ඇති අතර එලෙස කැලිකසල එකතු වීම නිසා 2017 වසරේ අදාල කුණු කන්ද පිපිරියාමෙන් විශාල ඛේදවාචකයක් හටගත් බවත් තීන්දුවේ සඳහන් වෙයි.
කොළඹ මහනගර සභාව ඇතුළු වග උත්තරකරුවන්ගේ අසාර්ථක ක්‍රියා කලාපය හේතුවෙන් මෙවැනි බරපතල තත්ත්වයක් උද්ගත වූ බව පෙන්වා දෙන විනිසුරු මඩුල්ල ඒ සම්බන්ධයෙන් ඔවුන් පසුතැවිලි විය යුතු බවද පෙන්වා දී ඇත.
නීතියට පටහැනිව ක්‍රියා කිරීම මගින් කොළඹ මහ නගර සභාව සහ කොලොන්නාව නගර සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික අයිතිය උල්ලංඝනය කර ඇති බවට විනිසුරු මඩුල්ල විසින් තීරණය කර ඇත.
(සටහන | නෙල්කා මැදගෙදර)
Nelka Medagedara
'ද ලීඩර්' අධිකරණ වාර්තාකාරිනිය
nelindum41@gmail.com




