එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කළ අධිචෝදනා පත්‍රයක් බලරහිත කරමින් අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (31) ඉවත දැමීමට තීන්දු කර තිබේ.
අදාළ අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ඇපෑලක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දී තිබුණි.
ප්‍රියන්ත ප්‍රනාන්දු, සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගේ එකඟතාවය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
1999 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනයක් සිදුකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් 2015 වසරේ හිටපු ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් ට එරෙහිව නීතිපතිවරයා විසින් මහනුවර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබුණි.
එම චෝදනා පත්‍ර බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ඇමතිවරයා විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කළ අතර එම පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය 2020 වසරේ නොවැම්බර් මස 20 තීන්දුවක් ලබාදෙමින් නීතිපතිවරයා විසින් ජනක බණ්ඩාර තෙන්නකෝන් ට එරෙහිව මහනුවර මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ අධි චෝදනා පත්‍රය බලරහිත කරමින් රිට් ආඥාවක් නිකුත් කර තිබුණි.
අභියාචනාධිකරණයේ එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කර ඇත.
ඇපෑල ඉදිරිපත් කරමින් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කර තිබුණේ අභියාචනාධිකරණයේ තීන්දුව දෝෂ සහගත බවය. ඒ අනුව සියලු කරුණු පරීක්ෂා කිරීමෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද සිය තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
තීන්දු ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අභියාචනය බලරහිත කරමින් අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුව වැරදි සහගත බවය.
ඒ අනුව අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුව ඉවත දමන බවත් නීතිපතිවරයාගේ අභියාචනය ගාස්තුවට යටත්ව පිළිගන්නා බවත් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ වැඩි දුරටත් සඳහන් කර සිටියේය.
| adaderana




