The Leader News
BREAKING
ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය කුසල් මෙන්ඩිස්ට●ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●
Top Ad
පුවත්

කුමාර ජයකොඩිගේ ඇමතිකමේ වෙනසක් නෑ ! - රජය පවසයි

T

The Leader Desk

March 31, 2026 • 3:32 PM

කුමාර ජයකොඩිගේ ඇමතිකමේ වෙනසක් නෑ ! - රජය පවසයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු දිගටම සිය අමාත්‍ය ධූරයේ කටයුතු කරනු ඇති බවත් රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.
  • අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශකවරයා තවදුරටත් සඳහන් කළේ, අදාළ අමාත්‍යවරයාට එරෙහිව නඩු පවරා ඇත්තේ ද වත්මන් රජය විසින්ම බවයි.
  • රජය අධිකරණ ක්‍රියාවලියට කිසිදු අයුරකින් බලපෑම් නොකරන බැවින්, ඔහු අමාත්‍ය ධූරයේ කටයුතු කිරීම ගැටලුවක් නොවන බව රජයේ ස්ථාවරය වී තිබේ.
  • “ඔහු රජයේ නිලධාරියෙකු ලෙස කටයුතු කිරීමේදී සිදු වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් නඩු පැවරුවේ පෙර රජයෙන් නොවෙයි, අපේ රජය යටතේයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු දිගටම සිය අමාත්‍ය ධූරයේ කටයුතු කරනු ඇති බවත් රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.

අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශකවරයා තවදුරටත් සඳහන් කළේ, අදාළ අමාත්‍යවරයාට එරෙහිව නඩු පවරා ඇත්තේ ද වත්මන් රජය විසින්ම බවයි. රජය අධිකරණ ක්‍රියාවලියට කිසිදු අයුරකින් බලපෑම් නොකරන බැවින්, ඔහු අමාත්‍ය ධූරයේ කටයුතු කිරීම ගැටලුවක් නොවන බව රජයේ ස්ථාවරය වී තිබේ.

“ඔහු රජයේ නිලධාරියෙකු ලෙස කටයුතු කිරීමේදී සිදු වූ මෙම සිදුවීම සම්බන්ධයෙන් නඩු පැවරුවේ පෙර රජයෙන් නොවෙයි, අපේ රජය යටතේයි. නඩු පැවරුවේ මෙම රජයෙන් නම්, ඒ සඳහා වෙනත් ඇඟිලි ගැසීම් පවතින බවට කිසිවෙකුට චෝදනා කළ නොහැකියි,” යැයි හෙතෙම පැහැදිලි කළේය.

ඒ අනුව දැනට අමාත්‍යවරයාගේ ධූරය සම්බන්ධයෙන් කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවත්, ඔහු තවදුරටත් අදාළ අමාත්‍ය ධූරයේ කටයුතු කරන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් තහවුරු කළේය.

| lankasara

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...