The Leader News
BREAKING
ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය කුසල් මෙන්ඩිස්ට●ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●
Top Ad
පුවත්

විදුලිබිල වැඩිකිරීමේ සැඟවුණු ඇත්ත ආණ්ඩුවේ බැරිකමයි - දුමින්ද නාගමුව

T

The Leader Desk

March 31, 2026 • 3:36 PM

විදුලිබිල වැඩිකිරීමේ සැඟවුණු ඇත්ත ආණ්ඩුවේ බැරිකමයි - දුමින්ද නාගමුව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තරම හොඳින් පේනවා යැයි ජන අරගල සන්ධානය පවසයි.
  • "විදුලිබිල වැඩිකිරීමේ තීරණය සහ ඒ පිටුපස සැඟවුණු ඇත්ත හේතු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ජන අරගල සන්ධානය අද (31) නුගේගොඩදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව පවසා සි‌ටියේය.
  • රජය පාර්ශවය පැත්තෙන් පසුගිය ජනවාරි 5 වෙනිදා තමයි 11.5% ක විදුලි බිල වැඩි කිරීමක් යෝජනා කළේ.
  • දැන් නැවත ආණ්ඩුව පැත්තෙන් 13.5%ක බිල වැඩි කිරීමක් ඉල්ලලා තිබුණත් කොමිශමේ අනුමැතිය ලැබිලා තියෙන්නේ 7 - 8 %ක වගේ විදුලි ගාස්තු වැඩි කිරීමකට විතරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

තරම හොඳින් පේනවා යැයි ජන අරගල සන්ධානය පවසයි.

"විදුලිබිල වැඩිකිරීමේ තීරණය සහ ඒ පිටුපස සැඟවුණු ඇත්ත හේතු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ජන අරගල සන්ධානය අද (31)  නුගේගොඩදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව පවසා සි‌ටියේය.

එහිදී අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව මෙසේද පැවසීය.

"විදුලි බිල වැඩි කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම තීරණයක් ගත්තා. රජය පාර්ශවය පැත්තෙන් පසුගිය ජනවාරි 5 වෙනිදා තමයි 11.5% ක විදුලි බිල වැඩි කිරීමක් යෝජනා කළේ. නමුත් ඒ ඉල්ලීම අපේ කරුණු දැක්වීම් එක්ක මහනජන උපයෝගිතා කොමිසම විසින් ප්‍රතික්ෂේප කළා. දැන් නැවත ආණ්ඩුව පැත්තෙන් 13.5%ක බිල වැඩි කිරීමක් ඉල්ලලා තිබුණත් කොමිශමේ අනුමැතිය ලැබිලා තියෙන්නේ 7 - 8 %ක වගේ විදුලි ගාස්තු වැඩි කිරීමකට විතරයි. ආණ්ඩුව කිව්ව විදිහට ලයිට් බිල වැඩි කළා නම් මීට වඩා අස්ප ගාණකින් බිල වැඩි වෙනවා.

මෙතනදි ජනතාව දැනගන්න ඕන කාරණයක් තියනවා. ඒ තමයි ආණ්ඩුව මේ විදුලි බිල වැඩි කිරීම ඉල්ලා සිටියේ විදුලිබල මණ්ඩලයේ සේවකයින් විශ්‍රාම යැවීමේදී වන්දි ගෙවන්න. විදුලිබල මණ්ඩල සේවකයන්ව විශ්‍රාම යවන්න කියලා මේ රටේ ජනතාවවත් විදුලිබල මණ්ඩල සේවකයන්වත් ඉල්ලලා තිබුණේ නෑ. IMF එකේ න්‍යාය පත්‍රයට අනුව තමයි ආණ්ඩුව විදුලිබල මණ්ඩලය කොටස් කිරීම කලේ. මේ කොටස් කිරීම පිටිපස්සේ තියෙන ඇත්ත වුවමානාව තමයි පෞදගලික අංශයට මේ ආයතන විකුණා දැමීම. ඒක කරන්න නම් මණ්ඩලේ සේවක ප්‍රමාණය අඩු කරලා එය ලාභ ලබන තැනක් බවට පත් කරන්න වෙනවා. ඒක කරගන්න සේවකයන්ව විශ්‍රාම යවන ආණ්ඩුව එහි සමස්ථ බර යවන්නේ ජනතාවගේ කර පිටින්.


අනිත් කාරණය තමයි දිට්වා ආපදාව වෙලාවේ අපි දිගින් දිගටම කිව්වා වහාම IMF න්‍යායපත්‍රය සංශෝධනය කරන්න කියලා. ඒ වගේම තමයි අපි යෝජනා කළා ජාත්‍යන්තර අධාර සමුළුවක් කැඳවන්න කියලා. හැබැයි ආණ්ඩුව ඒ යෝජනා සියල්ල ප්‍රතික්ෂේප කරලා අපිට මේක කළමනාකරණය කරගන්න පුලුවන්, අපිට කාගෙවත් උපදෙස් ඕන නැහැ වගේ පම්පෝරි කතා තමයි කිව්වේ. ඉස්සරහට එන්න නියමිත විදුලිබිල වැඩි කිරීම් දිහා බැලුවම ඒ කළමනාකරණය කරපු එකේ රඟේ පේනවා. මොකද දිට්වා ආපදාවෙන් සිදුවුණු හානිය පවා ජනතාවගේ විදුලිබිල මත තමයි ආණ්ඩුව පටවන්න ලෑස්ති වෙලා ඉන්නේ. මේ විදුලි ගාස්තු වැඩි කිරීම පිටුපස තව භයානක කතාවක් තියනවා. ඒ තමයි රාජ්‍ය ආයතන සඳහා 14%ක ගාස්තු වැඩි වීමක් යෝජනා වීම. ඉස්සර පාසල් සඳහා යම් සහන පැකේජයකට තමයි විදුලිය ලබා දුන්නේ. හැබැයි මේ අළුත් යෝජනාවෙන් වෙන්නේ පාසල් වැනි අධ්‍යාපන ආයතන වලට විශාල වශයෙන් විදුලි බිල වැඩි වෙන එක. ආණ්ඩුව ටිකෙන් ටික අධ්‍යාපනයට වෙන් කරන ප්‍රතිපාදන කප්පාදු කරමින් යන තත්වයක් ඇතුලේ මේ බිල ගෙවන්න වෙන්නේ දෙමාපියන්ට. මේක ඉතාම බරපතළ තත්වයක්.


අනිත් කාරණය තමයි ගල් අඟුරු වංචාව නිසා සිදුවෙන පාඩුව පියවගන්න ආණ්ඩුව  ඩීසල්වලින් විදුලිය නිපදවනවා. රුපියල් 18ක් පමණ වැය කරලා ගල් අඟුරු වලින් නිපදවගන්න පුලුවන් විදුලි ඒකකයක් නිපදවන්න මේ සෙල්ලමෙන් රුපියල් 100ක් විතර වැය වෙනවා. ලබන ජුනි ජූලි මාස වෙද්දි මේ අලාභයත් පැටවෙන්නේ ජනතාවගේ විදුලි බිලට. ඒක එහෙම තියෙද්දි තමයි බිමල් රත්නායක ඇවිත් කිසිම ලැජ්ජාවක් නැතුව කියන්නේ බලා අඟුරු ගෙන්නපු සමාගමට දඩ ගැහුවොත් සමාගම පාඩු ලබයි කියලා. මුලින් ආණ්ඩුව මේ සමාගමටම ගල් අඟුරු ටෙන්ඩරේ දෙන්න මුළු ක්‍රියාවලියම කණපිට ගැහුවා. මේ සමාගමට ගල් අඟුරු නියමිත වෙලාවට ගේන්න බැරි වෙද්දි කට පියාගෙන හිටියා. ප්‍රමිතියෙන් බාල අඟුරු නැව් පිටින් එද්දි කට පියාගෙන හිටියා. එහෙම ඉඳලා දැන් කියනවා අපෝ සමාගමට නං දඩ ගහන්න බෑ. සමාගමට ඇඬෙයි කියලා. අපි අහන්නේ මේ ආණ්ඩුවට ආණ්ඩුවේ ඇමතිවරුන්ට මේ සමාගම එක්ක මෙච්චර තියෙන ආදරය සෙනෙහස මොකක්ද ? ඒක වහාම රටට හෙළිදරව් කරන්න කියලා අපි ආණ්ඩුවට කියනවා. මේ පාඩුවේ වන්දිය සමාගමෙන් අය කරගන්නෙ නැතුව ඒක ජනතාවගේ කරපිටින් යවන්න හදනකොටම අපිට හිතාගන්න පුලුවන් ආණ්ඩුව හිට ගන්නේ කාගෙ පැත්තෙද කියලා.

අපි ජන අරගල සන්ධානය විදිහට මේ කරපු වංචාවට එරෙහිව අනිවාරෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නවා. ඒ වගේම තමයි අපි ජනතාවට කියනවා ආණ්ඩුවේ මේ ජනතාද්‍රෝහී ප්‍රතිපත්ති දිහා නිහඬව බලාගෙන ඉන්න එපා කියලා. මේ ජනතාද්‍රෝහී තීරණ ආපස්සට හැරවීම සඳහා එකතුවෙමු කියන යෝජනාවත් අපි මේ වෙලාවේ ජනතාවට ඉදිරිපත් කරනවා. "

 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...