The Leader News
BREAKING
ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය කුසල් මෙන්ඩිස්ට●ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●
Top Ad
පුවත්

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනයක් - මහ බැංකුව

T

The Leader Desk

March 31, 2026 • 3:39 PM

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනයක් - මහ බැංකුව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තා අනුව, 2026 පෙබරවාරි මාසයේදී මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ක්‍රියාකාරකම්වල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කර තිබේ.
  • ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (PMI) පෙබරවාරි මාසයේදී දර්ශකාංක 70.3ක අගයක් වාර්තා කර ඇත.
  • පසුගිය ජනවාරි මාසයේ වාර්තා වූ දර්ශකාංක 75.0ක ඉහළ අගයට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී වර්ධන වේගය මඳක් අඩු වී තිබුණද, ක්ෂේත්‍රයේ ප්‍රගතිය අඛණ්ඩව සිදුවන බව මහ බැංකුව පෙන්වා දෙයි.
  • සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ ඉදිකිරීම් සමාගම් තමන්ට විවිධ නව ව්‍යාපෘති ලැබී ඇති බව තහවුරු කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තා අනුව, 2026 පෙබරවාරි මාසයේදී මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ක්‍රියාකාරකම්වල අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ඉදිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය (PMI) පෙබරවාරි මාසයේදී දර්ශකාංක 70.3ක අගයක් වාර්තා කර ඇත.

පසුගිය ජනවාරි මාසයේ වාර්තා වූ දර්ශකාංක 75.0ක ඉහළ අගයට සාපේක්ෂව පෙබරවාරි මාසයේදී වර්ධන වේගය මඳක් අඩු වී තිබුණද, ක්ෂේත්‍රයේ ප්‍රගතිය අඛණ්ඩව සිදුවන බව මහ බැංකුව පෙන්වා දෙයි. අඛණ්ඩව නව ඉදිකිරීම් ව්‍යාපෘති ලැබීම සහ පවතින යහපත් කාලගුණික තත්ත්වය මෙම වර්ධනයට මූලික වශයෙන් හේතු වී තිබේ. සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ ඉදිකිරීම් සමාගම් තමන්ට විවිධ නව ව්‍යාපෘති ලැබී ඇති බව තහවුරු කර ඇත.

නව ව්‍යාපෘති පිළිබඳ පවතින සුබවාදී අපේක්ෂාවන් හේතුවෙන් ඉදිකිරීම් අංශයේ සේවා නියුක්ති දර්ශකය වේගයෙන් වර්ධනය වී ඇති අතර, එය ජනවාරි මාසයේ පැවති 54.2 සිට පෙබරවාරි මාසයේදී 56.8 දක්වා ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත්, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉහළ ඉල්ලුම සහ චීන අලුත් අවුරුදු සැමරුම් හේතුවෙන් සිදු වූ ආනයන ප්‍රමාදයන් නිසා ඇණවුම් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය තවදුරටත් වැඩි වී ඇත.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳව තවදුරටත් ඉහළ විශ්වාසයක් පවතින නමුත්, ඇතැම් ගෝලීය තත්ත්වයන් කෙරෙහි ක්ෂේත්‍රයේ අවධානය යොමු වී තිබේ. විශේෂයෙන්ම මැදපෙරදිග පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී අමුද්‍රව්‍ය පිරිවැය ඉහළ යාමට සහ සැපයුම් සීමා වීමට ඇති ඉඩකඩ පිළිබඳව ව්‍යාපාරිකයෝ අවධානයෙන් සිටිති.

මෙම සමීක්ෂණය ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ (CIDA) ලියාපදිංචි ඉහළම ශ්‍රේණිගත දේශීය ඉදිකිරීම් සමාගම් 35ක් පමණ ඉලක්ක කරගනිමින් සිදුකරන ලද්දකි.

- ජේ.මුණසිංහ

 xfgdgrrr

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...