මීට අමතරව වැට් බද්ද අදාල වන සියලුම භාණ්ඩ අලෙවියේදී වැට් ඉන්වොසියක් නිකුත් කිරීමට ක්‍රමවේදයක් සකසන බව ද රජය පාර්ශවයෙන් ප්‍රකාශ විය.
ඒ අනුව වැට් බද්දෙන් නිදහස් කරන භාණ්ඩ ලැයිස්තුව ඇතුලත් ගැසට් පත්‍රය අප්‍රේල් 1 දින නිකුත්කරන ලදී.
අදාල භාණ්ඩ ලැයිස්තුව පහත සඳහන් කර ඇත.
එහෙත් ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන අපහසුතාවයන් නිවැරැදි කර ගන්නා තෙක් මෙම නව ක්‍රමය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුව පහත සදහන් නිවේදනය නිකුත් කර ඇත.
අප්‍රේල් 1 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ නව ප්‍රමිතිගත එකතු කළ අගය මත බදු (VAT) ඉන්වොයිස් ආකෘතිය ක්‍රියාත්මක කිරීම ජූලි 1 වන දින දක්වා කල් දමා ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
(සටහන | සේන සූරියප්පෙරුම)ආර්ථික සහ මූල්‍ය විශ්ලේෂක
sapsuriyapperuma@gmail.com
සබැඳි ලිපි :
වැට් බදු ඉන්වොයිස් සඳහා ලබාදුන් සහනය මාස 03කින් දීර්ඝ කෙරේ
පිසින තෙල් සදහා ආනයන තීරු බදු සංශෝධනය වේ
වැට් බදු සීමාව රුපියල් මිලියන 36 දක්වා අඩු කිරීම උද්ධමනය වැඩිවීමට හේතු වේද?




