The Leader News
BREAKING
උතුරට දැවැන්ත ආයෝජන රැල්ලක්: පරන්තන් සහ KKS කලාප කඩිනම් වෙයි●බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●කොටුව හිටපු මහෙස්ත්‍රාත් සියලු චෝදනාවලින් නිදහස්: යළි සේවයට●ක්‍රිකට් අර්බුදයේ ICC තීරණය ගැන එරාන්ගෙන් ප්‍රශ්න කිරීමක්●කච්චතිව් ගිවිසුම වෙනස් කරන්නේ නෑ: ඉන්දියාව කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනපතිගෙන් හදිසි මැදිහත්වීමක්●ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන මහ නාහිමිවරුන්ගේ විරෝධය●රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●
Top Ad
පුවත්

චන්දන කත්‍රිආරච්චිව අත්අඩංගුවට ගත්තේ ඇයි ? - පොලීසියෙන් නිවේදනයක්

T

The Leader Desk

April 16, 2026 • 3:27 PM

චන්දන කත්‍රිආරච්චිව අත්අඩංගුවට ගත්තේ ඇයි ? - පොලීසියෙන් නිවේදනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබේ.
  • එම පරීක්ෂා කිරීමේදී පහත සඳහන් අවි ආයුද හමුව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත එම කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් ප්‍රකාරව අද (16) උදෑසන පිළියන්දල පොලිස් වසමේ මාම්පේ ප්‍රදේශයේ පිහිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන චන්දන කත්‍රිආරච්චිගේ නිවස පරික්ෂාවට ලක් කර ඇත.

එම පරීක්ෂා කිරීමේදී පහත සඳහන් අවි ආයුද හමුව ඇත.

* ජීව අත්බෝම්බයක්
* ටී 56 වර්ගයේ මැගසින් දෙකක්
* ටී 56 ජීව පතරොම් 221 ක්
* 0.22 වර්ගයේ පතරොම් 103 ක්
* 84S වර්ගයේ ජීව පතරොම් 31 ක්
* හිටපු මන්ත්‍රීවරයාට අයත් වගා ඉඩමක් සඳහා නිකුත් කර තිබූ බෝර 12 වර්ගයේ ගිනි අවියක්

සැකකරු අද කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර කොළඹ අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදු කරන පොලීසිය වැඩිදුරටත් පවසයි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...