The Leader News
BREAKING
උතුරට දැවැන්ත ආයෝජන රැල්ලක්: පරන්තන් සහ KKS කලාප කඩිනම් වෙයි●බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●කොටුව හිටපු මහෙස්ත්‍රාත් සියලු චෝදනාවලින් නිදහස්: යළි සේවයට●ක්‍රිකට් අර්බුදයේ ICC තීරණය ගැන එරාන්ගෙන් ප්‍රශ්න කිරීමක්●කච්චතිව් ගිවිසුම වෙනස් කරන්නේ නෑ: ඉන්දියාව කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනපතිගෙන් හදිසි මැදිහත්වීමක්●ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන මහ නාහිමිවරුන්ගේ විරෝධය●රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●
Top Ad
පුවත්

'බොරතෙල් වියදම ගැන පුවත ⁣බොරු' -ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව

T

The Leader Desk

April 17, 2026 • 3:21 AM

'බොරතෙල් වියදම ගැන පුවත ⁣බොරු' -ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවට බොරතෙල් ගෙනෙනු ලබන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සපුගස්කන්ද පිරිපහදුව සදහා පමණක් බව එකී නිවේදනයෙන් අවධාරණය කර සිටියි.
  • ඒ සම්බන්ධයෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව නිකුත් කර ඇති නිවේදනයේ මෙසේද සඳහන් වේ.
  • ''මැදපෙරදිග කලාපයේ නොසන්සුන්තාව ඇතිවීමෙන් පසුව ලංකාව වෙත ලඟාවෙන ප්‍රථම බොරතෙල් නවුකාව අප්‍රේල් 17 දින ලංකාවට ලඟාවේ.
  • මැදපෙරදිග යුද්ධය හටගැනීමෙන් පසු පැමිණෙන බොරතෙල් නවුකා සඳහා දලවශයෙන් බැරලයකට ඇමරිකානු ඩොලර් 71.99, 111.62, 71.81 හා 113.29 ලෙස ගෙවීමට පොරොන්දුවී ඇති අතර, එය දැනට වෙළදපලේ ඇති මිලට සාපේෂව ඉතා වාසිදායක අගයක් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකාවට බොරතෙල් ගෙනෙනු ලබන්නේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සපුගස්කන්ද පිරිපහදුව සදහා පමණක් බව එකී නිවේදනයෙන් අවධාරණය කර සිටියි.

ලෝක වෙළඳපොලේ ඩොලර් සීයකට පමණ මිලදී ගත හැකි බොර තෙල් බැරලයක් ශ්‍රී ලාංකික ගැනුම්කරුවකු ඩොලර් 286ක් ගෙවා මිලට ගෙන ඇතැයි වාර්තා වන බව HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජස් එල්හෙඩරි පසුගිය අඟහරුවාදා හොංකොං හි පැවති ආයෝජන සංසදයක දී පැවසු බව Middle East Eye නමැති වෙබ් අඩවිය වාර්තා කර තිබිණ.

ඒ සම්බන්ධයෙන් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව නිකුත් කර ඇති නිවේදනයේ මෙසේද සඳහන් වේ.

''මැදපෙරදිග කලාපයේ නොසන්සුන්තාව ඇතිවීමෙන් පසුව ලංකාව වෙත ලඟාවෙන ප්‍රථම බොරතෙල් නවුකාව අප්‍රේල් 17 දින ලංකාවට ලඟාවේ. ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ගෙන්වනු ලැබූ හෝ ගෙන්වීමට ගිවිසුම්ගත වූ කිසිදු බොරතෙල් තොගයක, බැරලයක් සදහා ඇමරිකානු ඩොලර් 286 ගෙවා හෝ ගෙවීමට පොරොන්දු වී නොමැත.

මැදපෙරදිග යුද්ධය හටගැනීමෙන් පසු පැමිණෙන බොරතෙල් නවුකා සඳහා දලවශයෙන් බැරලයකට ඇමරිකානු ඩොලර් 71.99, 111.62, 71.81 හා 113.29 ලෙස ගෙවීමට පොරොන්දුවී ඇති අතර, එය දැනට වෙළදපලේ ඇති මිලට සාපේෂව ඉතා වාසිදායක අගයක් වේ.

ඒ අනුව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව අනෙක් තරගකාරී සමාගම් වලට සාපේෂව ඉතා සාධනීය හා වාසිදායක තත්වයක් උදාකරගෙන ඇති අවස්ථාවක, සංස්ථාවේ කීර්තිනාමය විනාශකිරීමේ අරමුණෙන් කෙරෙන සාවද්‍ය ප්‍රකාශ තරයේ හෙලාදකිමු.

එසේම මෙවන් සාවද්‍ය ප්‍රකාශ සමාජගතකොට, ජන සමාජය නොසන්සුන් කීරීම, ආතතියට පත්කිරීම හා ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාවේ කීර්තිනාමය විනාශකිරීම සම්බන්ධයෙන් සියලුම පාර්ශව වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට බලාපොරොත්තු වෙමු.”

Media 2026 4 16 page 0001
HSBC ප්‍රධානියා හෙළිකළ "දොරකඩ මිල" (Door-to-Door Price) සත්‍යය

හොංකොං හි පැවති HSBC ගෝලීය ආයෝජන සමුළුවේදී ජෝර්ජ් එල්හෙඩ්රි සිදු කළ ප්‍රකාශය හුදු දේශපාලන වාර්තාවක් නොව, ජාත්‍යන්තර වෙළඳපොළේ පවතින කටුක යථාර්ථයයි. ඔහු පෙන්වා දෙන්නේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල (Headline Price) ඩොලර් 90-110 මට්ටමේ පැවතියද, ලංකාව වැනි රටකට එම තෙල් ගොඩබෑම දක්වා වැයවන සැබෑ පිරිවැය හෙවත් "දොරකඩ මිල" (Door-to-Door Price) ඩොලර් 286ක් තරම් අධික වී ඇති බවයි.

ඔහු මෙම මිල ගණන් බිඳ දක්වන්නේ මෙසේය:

නැව් ගාස්තු (Shipping):
මීට පෙර පැවති මිලට වඩා බැරලයකට ඩොලර් 30-40ක් අතර අමතර පිරිවැයක්.

රක්ෂණ ගාස්තු (Insurance):
මීට පෙර 0.25% ක්ව පැවති රක්ෂණ ගාස්තුව 5% දක්වා 20 ගුණයකින් ඉහළ යාම.

යුද රක්ෂණ (War Insurance):
යුද අවදානම හේතුවෙන් සාමාන්‍ය රක්ෂණ පවා අහෝසි වී අතිශය ඉහළ වාරික ගෙවීමට සිදුවීම.

මෙම හෙළිදරව්ව හමුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සිය නිවේදනය මගින් පවසන්නේ තමන් බොරතෙල් ගෙන්වන්නේ ඩොලර් 71.99, 111.62 වැනි මිල ගණන්වලට බවයි. නමුත් මෙහිදී සංස්ථාව HSBC ප්‍රධානියා පෙන්වා දෙන නැව් ගාස්තු, රක්ෂණ සහ ලොජිස්ටික් පිරිවැය ඇතුළත් වූ විට අවසන් මිල කොපමණද යන්න පැහැදිලිව සඳහන් කර නොමැත.


සබැඳි ලිපි :

ඩොලර් 150 තෙල් බැරලය ලංකාව මිලට ගෙන ඇත්තේ ඩොලර් 286ටයි - HSBC ප්‍රධාන විධායක හෙළිදරව් කරයි

බොරතෙල් නෞකාවක් හෙට දිවයිනට
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...