The Leader News
BREAKING
උතුරට දැවැන්ත ආයෝජන රැල්ලක්: පරන්තන් සහ KKS කලාප කඩිනම් වෙයි●බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●කොටුව හිටපු මහෙස්ත්‍රාත් සියලු චෝදනාවලින් නිදහස්: යළි සේවයට●ක්‍රිකට් අර්බුදයේ ICC තීරණය ගැන එරාන්ගෙන් ප්‍රශ්න කිරීමක්●කච්චතිව් ගිවිසුම වෙනස් කරන්නේ නෑ: ඉන්දියාව කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනපතිගෙන් හදිසි මැදිහත්වීමක්●ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන මහ නාහිමිවරුන්ගේ විරෝධය●රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●
Top Ad
පුවත්

බලශක්ති අමාත්‍යවරයා සහ ලේකම්වරයා ධුරවලින් ඉල්ලා අස්වෙති

T

The Leader Desk

April 17, 2026 • 9:16 AM

බලශක්ති අමාත්‍යවරයා සහ ලේකම්වරයා ධුරවලින් ඉල්ලා අස්වෙති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වාර්තා වන අන්දමට, පුරප්පාඩු වූ විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් තනතුර සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු පත් කිරීමට නියමිතය.
  • මීට අමතරව, ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයාට ද වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.
  • විශේෂ මාධ්‍ය හමුවක් එසේම විශේෂ කරුණු පැහැදිලි කිරීම සඳහා අද (17) පස්වරු 4.00 ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනාධිපතිවරයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කරමින් අමාත්‍ය කුමාර ජයකොඩි  සඳහන් කර ඇත්තේ 2009 වසරේ සිට සිදුව ඇති ගල් අඟුරු ආනයන අක්‍රමිකතා පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කිරීමට ජනාධිපතිවරයා ගත් නිර්භීත තීරණය තමන් අගය කරන බවත්, විමර්ශන සිදුවන අතරතුර තමන් අමාත්‍ය ධුරයේ රැඳී සිටීම එම ක්‍රියාවලියට බාධාවක් විය හැකි බැවින් මෙලෙස ඉල්ලා අස්වන බවත්ය.

එසේම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල  පෙන්වා දී ඇත්තේ ඉදිරියේදී ආරම්භ වීමට නියමිත විමර්ශනවල ස්වාධීනත්වය සහ විනිවිදභාවය තහවුරු කිරීමට පහසුකම් සැලසීම සඳහා තමන් ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීම යෝග්‍ය බව තමන් විශ්වාස කරන බවයි. 
 
ගල් අඟුරු ආනයනයේදී සහ විදුලි නිෂ්පාදනයේදී සිදුව ඇති බව කියන දූෂණ සම්බන්ධයෙන් වන මෙම විශේෂ විමර්ශන සඳහා සහය දැක්වීමක් ලෙස අදාළ ඉල්ලා අස්වීම් සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කරයි.
******************************** 
 
3.00 Update 
 
විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 
මෙම හදිසි ඉල්ලා අස්වීමත් සමඟ විදුලිබල අමාත්‍යවරයාගේ ධුරය සම්බන්ධයෙන් ද දේශපාලන ක්ෂේත්‍රය තුළ මේ වන විට දැඩි උණුසුම්කාරී තත්ත්වයක් සහ විවිධ කතාබහ නිර්මාණය වී තිබේ.

වාර්තා වන අන්දමට, පුරප්පාඩු වූ විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් තනතුර සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු පත් කිරීමට නියමිතය.

මීට අමතරව, ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයාට ද වහාම ක්‍රියාත්මක වන පරිදි ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.

විශේෂ මාධ්‍ය හමුවක්

එසේම  විශේෂ කරුණු පැහැදිලි කිරීම සඳහා අද (17) පස්වරු 4.00 ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ඇත.

මෙම විශේෂ මාධ්‍ය හමුව සඳහා කැබිනට් අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් රැසක් සහභාගී වීමට නියමිතය.
 
 ඒ සදහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක, අමාත්‍ය මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය මුහම්මදු ඉල්යාස් මුහම්මදු අර්කම්  සහභාගී වනු ඇත.

 g56u56u56u56u5u67

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...