The Leader News
BREAKING
උතුරට දැවැන්ත ආයෝජන රැල්ලක්: පරන්තන් සහ KKS කලාප කඩිනම් වෙයි●බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●කොටුව හිටපු මහෙස්ත්‍රාත් සියලු චෝදනාවලින් නිදහස්: යළි සේවයට●ක්‍රිකට් අර්බුදයේ ICC තීරණය ගැන එරාන්ගෙන් ප්‍රශ්න කිරීමක්●කච්චතිව් ගිවිසුම වෙනස් කරන්නේ නෑ: ඉන්දියාව කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනපතිගෙන් හදිසි මැදිහත්වීමක්●ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන මහ නාහිමිවරුන්ගේ විරෝධය●රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●
Top Ad
පුවත්

'බොරතෙල් ගැන කී පුවත' අහන්න රුපවාහිනී නාලිකාවක් අමාත්‍යංශයට කැඳවයි !

T

The Leader Desk

April 17, 2026 • 5:01 PM

'බොරතෙල් ගැන කී පුවත' අහන්න රුපවාහිනී නාලිකාවක් අමාත්‍යංශයට කැඳවයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ‘අදාළ අමාත්‍යංශය’ ඉදිරියට කැඳවා කරුණු විමසන බව ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.
  • අද පස්වරුවේ පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමැතිවරයා සඳහන් කර සිටියේ, ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලට වඩා විශාල ඉහළ මිලකට ශ්‍රී ලංකාව බොරතෙල් මිලදී ගෙන ඇති බවට අදාළ ජනමාධ්‍ය නාලිකාව අසත්‍ය තොරතුරු වාර්තා කර ඇති බවයි.
  • 'හිරු' ප්‍රවෘත්ති අංශය තවදුරටත් මෙසේද සඳහන් කර ඇත.
  • පවතින තත්ත්වය මත ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සාමාන්‍ය මට්ටමක පැවතියද, ශ්‍රී ලංකාවේ ගැනුම්කරුවෙකු බොරතෙල් බැරලයක් සඳහා අමෙරිකානු ඩොලර් 286ක අතිවිශාල මුදලක් ගෙවා ඇති බව හොංකොං හි පැවැති ආයෝජන සමුළුවකදී HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පවසා සිටියා.
අකුරු ප්‍රමාණය (Font Size):

‘අදාළ අමාත්‍යංශය’ ඉදිරියට කැඳවා කරුණු විමසන බව ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.

අද පස්වරුවේ පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමැතිවරයා සඳහන් කර සිටියේ, ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලට වඩා විශාල ඉහළ මිලකට ශ්‍රී ලංකාව බොරතෙල් මිලදී ගෙන ඇති බවට අදාළ ජනමාධ්‍ය නාලිකාව අසත්‍ය තොරතුරු වාර්තා කර ඇති බවයි.

පවතින තත්ත්වය මත ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සාමාන්‍ය මට්ටමක පැවතියද, ශ්‍රී ලංකාවේ ගැනුම්කරුවකු බොරතෙල් බැරලයක් සඳහා අමෙරිකානු ඩොලර් 286ක අතිවිශාල මුදලක් ගෙවා ඇති බව හොංකොං හි පැවැති ආයෝජන සමුළුවකදී HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජ් එල්හෙඩරි විසින් පවසා තිබෙන බව අදාළ ජනමාධ්‍ය නාලිකාව ඊයේ (16) වාර්තා කර තිබිණි.

 
HSBC, CEO කිව්වා හරී - ඩීසල් බැරලයක් ඇ.ඩො. 286කට මිලදී ගත් බව ලංකා ඛනිජ තෙල් සභාපති පිළිගනී - ප්‍රවෘත්ති අංශය කියයි

1776408324 5025382 hirunews

HSBC හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජ් එල්හෙඩරි ප්‍රකාශ කළ පරිදි, ඩීසල් බැරලයක් ඇමරිකානු ඩොලර් 286 බැගින් මිලදී ගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා පිළිගෙන තිබෙන බව 'හිරු' ප්‍රවෘත්ති අංශය පවසයි.

'හිරු' ප්‍රවෘත්ති අංශය තවදුරටත් මෙසේද සඳහන් කර ඇත.

පවතින තත්ත්වය මත ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සාමාන්‍ය මට්ටමක පැවතියද, ශ්‍රී ලංකාවේ ගැනුම්කරුවෙකු බොරතෙල් බැරලයක් සඳහා අමෙරිකානු ඩොලර් 286ක අතිවිශාල මුදලක් ගෙවා ඇති බව හොංකොං හි පැවැති ආයෝජන සමුළුවකදී HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පවසා සිටියා.

අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය HSBC සමූහයෙන් කළ විමසීමක දී, ලන්ඩන් මූලස්ථානයේ මාධ්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සමූහ කළමණාකරු අප වෙත තහවුරු කළේ, HSBC ප්‍රධාන විධායක නිලධාරි ජෝර්ජ් එල්හෙඩරි විසින් අදාළ ප්‍රකාශය සිදු කර ඇති බවයි.

මේ අතර, තෙල් බැරලයක් සඳහා තමන්ට අසන්නට ලැබුණු ඉහළම මිල වූ ඩොලර් 286 ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ බව ඔහු එහි දී වැඩිදුරටත් පැවසූ බව HSBC සමූහයෙන් කළ විමසීමක දී, ලන්ඩන් මූලස්ථානයේ මාධ්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සමූහ කළමණාකරු අප වෙත තහවුරු කළා.''

ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති කිව්වේ මොනවද ?

අද පැවැති ජනමාධ්‍ය හමුවකදී මේ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කරන ලද්දේ, අමෙරිකානු ඩොලර් 286ක මිලකට ශ්‍රී ලංකාව මිලදීගෙන ඇත්තේ, බොරතෙල් නොව ඩීසල් තොගයක් බවයි.

මැද පෙරදිග ගැටුම් හමුවේ ඩීසල් මිල ද ශීඝ්‍ර ලෙස ඉහළ ගිය බවත්, මේ හේතුවෙන් ඩීසල් මිල දී ගැනීමේදී ඩොලර් 285 සිට ඩොලර් 303 දක්වා මුදලකට මිල දී ගැනීමට සිදුවූ බවත් ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා එහිදී කියා සිටියේ ය.

"අපි බොරතෙල් බැරල් එකක් කිසි ම අවස්ථාවක ඩොලර් 286ට අරන් නෑ. මේ අර්බුදය පටන් ගත්තාට පස්සේ අපිට තෙල් නැවක් ඇවිත් තියෙන්නේ 3 වෙනි මාසේ 11 වැනිදා මර්බන් කෘඩ් එකක් ඒකේ බැරල් එකක් වුණේ ඩොලර් 66.99 ඊට පස්සේ අද තමයි බොරතෙල් නැවක් එන්නේ ඒකේ ප්‍රයිස් එක වෙලා තියෙන්නේ බැරල් එකක් 71.99යි."

"එතකොට ඉතා පැහැදිලියි බොරතෙල් මිල දී ගැනීමක් ඔය කියන ගණන්වලට අරගෙන නෑ. මම හිතන්නේ මෙතන ගැටලුව මතු වෙලා තියෙන්නේ HSBC ප්‍රධාන විධායක නිලධාරීතුමා කරපු ප්‍රකාශයක්. එක්කෝ ඒක වරදවා තේරුම් අරගෙන මාධ්‍ය වැරදි විදිහට ඒක ප්‍රචාරය කරලා තියෙනවා. එහෙම නැත්නම් හිතාමතා ප්‍රචාරයක් කරලා තියෙනවා.

අපි දැන් හොයලා බැලුවා ම HSBC ආයතනයෙන් මාධ්‍ය නිවේදනයක් දාලා තියෙනවා එතුමන්ලා කියලා නෑ බොරතෙල් කියලා. එතුමන්ලා කියන්නේ තෙල් මිල දී ගැනීමක් වෙලා තියෙනවා කියලා. ඒක හරි. ඒ හින්දා මේ ප්‍රචාර කිරීමෙන් රටේ යම් කැළඹීමක් ඇති වෙනවා. අන්න ඒ කඩාකප්පල්කාරී ක්‍රියාවක් විදිහට වෙලා තියෙනව නම් අනිවාර්යෙන් ම ඒ සම්බන්ධයෙන් පියවර ගන්න කියලා අදාළ අංශ වලට දැනුවත් කරලා තියෙනවා.

ලෝක වෙළෙඳපොළේ ඩීසල් මිල විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. අපි ඒවා ගත්තොතින් ෆ්ලැට් ඇවරේජ් එක විතරක් අපි ඩීසල් ගත්ත ඒවා තියෙනවා වැඩි ම ගාණ 242කට ගිහිල්ලා තියෙනවා. ප්‍රිමියම් අගයන් අපිට 50ට 48ට යන්න වුණා. ඒකත් එක්ක මිල වැඩි වෙලා තියෙනවා. අපිට ඒ විදිහට තෙල් ගත්තේ නැත්නම් රටේ තෙල් සැපයුමක් නැතිව යනවා.

ඩීසල් අපිට වෙලා තියෙනවා 285.28ක්. ඒ ඇවිල්ලා තුන්වෙනි මාසේ 31 වැනිදා ආපු නැව. ඊට පස්සේ ආපහු අප්‍රේල් මාසේ 7 වැනිදා නැවක් ඇවිත් තියෙනවා. ඒකට අපිට ඩොලර් 281.87ක් වෙලා තියෙනවා. සුපර් ඩීසල්වලට වෙලා තියෙනවා ඩොලර් 303.77ක්," යයි සභාපතිවරයා පැවසුවේ ය.

 

ඉන්ධන බැරලයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව ඩොලර් 286ක් ගෙව්වා ද?

ඉරානයට එරෙහි ඇමෙරිකා-ඊශ්‍රායල යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ආසියාවේ ඉන්ධන බැරලයක් සඳහා ගෙවන ලද මිල අවම වශයෙන් එක් අවස්ථාවකදී ඩොලර් 286ක් දක්වා ඉහළ ගොස් තිබූ බව HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජස් එල්හෙඩරි ඉකුත් අඟහරුවාදා හොංකොංහි පැවති ආයෝජන සංසදයකදී පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණ.

මාධ්‍ය වාර්තාවල පළවූ පරිදි HSBCහි ගෝලීය ආයෝජන සමුළුවේදී බ්ලූම්බර්ග් රූපවාහිනියේ ඩේවිඩ් ඉන්ගල්ස් සමග කළ සංවාදයකදී, HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජස් එල්හෙඩරි සඳහන් කර ඇත්තේ, "ගෝලීය ආර්ථිකය පිළිබඳ තමාගේ විශාලතම කණස්සල්ල වන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් හෝ අර්ධ වශයෙන් වසා දැමීමෙන් සිදුවන ආර්ථික බලපෑම කෙරෙහි" බව ය.

මෙම පුවත පළමු වරට sherwood.news වාර්තා කර තිබූ අතර, පසුව middleeasteye.net යන වෙබ් අඩවිය ද වාර්තා කර තිබිණි.

HSBC ප්‍රධාන විධායක නිලධාරියා පැවසුවේ කුමක් ද?

එම සංවාදයේදී HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජස් එල්හෙඩරි වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් ප්‍රකාශ කර තිබුණේ, ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් දැකිය හැකි මිල ගණන්වලට වඩා වැඩි මිලක් ගැනුම්කරුවන්ට ගෙවීමට සිදුවන බව ය.

මාධ්‍යවල පළවී තිබූ ඔහුගේ අදහස්වල දළ සිංහල පරිවර්තනය මෙසේ ය.

"මම කනගාටුවට පත්වෙන්නේ මේ ශීර්ෂ පාඨ ගැන නෙමෙයි. මම ඒකෙන් අදහස් කළේ, ඉන්ධන මිල ඩොලර් 100ක් හෝ ඩොලර් 110ක් දක්වා වැඩි වෙලා කියලා ශීර්ෂ පාඨවල සඳහන් වෙනවා. නමුත් යථාර්ථය තමයි ඔබ දැන් මැද පෙරදිගින් ඉන්ධන ලබා ගැනීමට උත්සහ කරනවා නම්, ඔබ ඉන්ධන බැරලයකට ඩොලර් 140, ඩොලර් 150ක් ගෙවලා ගන්නවා වෙන්න පුළුවන්."

"යථාර්ථයක් විදිහට ගත්තොත්, ඔබ රතු මුහුද හරහා ඉන්ධන ලබා ගන්න උත්සහ කරන්නේ නම්, ඔබට එක ඉන්ධන බැරලයක් වෙනුවෙන් නැව් ගාස්තු විදිහට ඩොලර් 30ක් හෝ ඩොලර් 40කට වඩා ගෙවන්න සිද්ධ වෙනවා. ඒ වගේ ම යුද රක්ෂණය පවා නැතිව කලින් තිබුණ රක්ෂණ වියදම භාණ්ඩ වටිනාකමෙන් 0.25%ක් වගෙයි. නමුත් දැන් ඒක 5%ක් වගේ වෙනවා."

"ප්‍රවෘත්තිවල ඔබ දකින ඉන්ධන මිල, බෙදාහැරීමෙන් පස්සේ ජනතාව ඇත්තට ම ගෙවන සැබෑ ම ඉන්ධන මිල නෙමෙයි. ප්‍රවාහනය, රක්ෂණය, ඉන්ධන පිරිපහදු කිරීම සහ අනෙකුත් වියදම් ඇතුළත් කළාට පස්සේ අවසානයේදී "බෙදා හරින විට" ඉන්ධන බැරලයේ මිල විශාල වශයෙන් අධික වෙනවා."

"එක්තරා අවස්ථාවක, ශ්‍රී ලංකාවට බෙදා හරින ලද ඉන්ධන බැරලයකට ඩොලර් 286ක් තරම් ඉහළ මිලක් ගෙවන්න සිදුවුණා. දුර්වල ආර්ථික ඇති රටවලට ඒ වගේ මිල ගණන් දරන්න නොහැකි නිසා යම් ගැටලුසහගත තත්ත්වයන් මතු වෙන්න පුළුවන්."

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'බොරතෙල් ගැන කී පුවත' අහන්න රුපවාහිනී නාලිකාවක් අමාත්‍යංශයට කැඳවයි ! | The Leader