The Leader News
BREAKING
බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●කොටුව හිටපු මහෙස්ත්‍රාත් සියලු චෝදනාවලින් නිදහස්: යළි සේවයට●ක්‍රිකට් අර්බුදයේ ICC තීරණය ගැන එරාන්ගෙන් ප්‍රශ්න කිරීමක්●කච්චතිව් ගිවිසුම වෙනස් කරන්නේ නෑ: ඉන්දියාව කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනපතිගෙන් හදිසි මැදිහත්වීමක්●ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන මහ නාහිමිවරුන්ගේ විරෝධය●රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●
Top Ad
පුවත්

ඇමති ලාල්කාන්තගේ වත්කම් ගැන විමර්ශනයක් ඉල්ලා පැමිණිල්ලක්

T

The Leader Desk

April 18, 2026 • 3:29 AM

ඇමති ලාල්කාන්තගේ වත්කම් ගැන විමර්ශනයක් ඉල්ලා පැමිණිල්ලක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති, වෛද්‍ය චමල් සංජීව විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇත.
  • ලාල්කාන්ත 2024 හා 2025 වසරවලට අදාළව පසුගිය වසරේ දෙසැම්බර් 26 වැනිදා භාර දී ඇති වත්කම් බැරකම් ප්‍රකාශය මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් නිර්මාණය වී තිබේ.
  • රුපියල් කෝටි 6.7කට අධික නිෂ්චල දේපොළ තමාට අයත් බවට අමාත්‍යවරයා සිය වත්කම් ප්‍රකාශය මගින් දක්වා තිබීමත්, සිය වියදම් පවා පියවාගැනීම දුෂ්කර බවට ඔහු වසර කිහිපයකට පෙර ප්‍රකාශයක් කර තිබීමත් සැලකිල්ලට ගෙන මෙම පැමිණිල්ල ඉදිරිපත්කර ඇති බව සඳහන්ය.
  • මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය චමල් සංජීව,"ඉතාමත්ම අඩු කාලයක් තුළදී විශාල ධනයක් ඔහු උපයා ගත්තේ කෙසේද?.
අකුරු ප්‍රමාණය (Font Size):


වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති, වෛද්‍ය චමල් සංජීව විසින් මෙම පැමිණිල්ල සිදුකර ඇත.

අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත 2024 හා 2025 වසරවලට අදාළව පසුගිය වසරේ දෙසැම්බර් 26 වැනිදා භාර දී ඇති වත්කම් බැරකම් ප්‍රකාශය මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් නිර්මාණය වී තිබේ.

රුපියල් කෝටි 6.7කට අධික නිෂ්චල දේපොළ තමාට අයත් බවට අමාත්‍යවරයා සිය වත්කම් ප්‍රකාශය මගින් දක්වා තිබීමත්, සිය වියදම් පවා පියවාගැනීම දුෂ්කර බවට ඔහු වසර කිහිපයකට පෙර ප්‍රකාශයක් කර තිබීමත් සැලකිල්ලට ගෙන මෙම පැමිණිල්ල ඉදිරිපත්කර ඇති බව සඳහන්ය.

මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය චමල් සංජීව,"ඉතාමත්ම අඩු කාලයක් තුළදී විශාල ධනයක් ඔහු උපයා ගත්තේ කෙසේද?. එතකොට අල්ලස් හා දූෂණ විරෝධී කොමිෂන් සභාවට ඔහු අවසන්වරට ලබාදීපු වත්කම් ප්‍රකාශයත්, වර්තමානය වනවිට ඔහු සතු වත්කම් සම්බන්ධවත් තිබෙන පරස්පරයත් ගැන සමාජය මතු කරන සිදුවීම ගැන පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස අපි ඉල්ලා සිටිනවා" යැයි පැවසීය.

පරස්පර සංඛ්‍යා ලේඛන හා දත්ත

මේ අතර අමාත්‍ය ලාල්කාන්ත ගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන් මේවනවිට මාධ්‍ය ඔස්සේ එකිනෙකට පරස්පර වාර්තා සහ අදහස් පලවී ඇත.  කෙසේවුවද මෙම කාරණය සම්බන්ධයෙන් අදහස් දැක්වීම අමාත්‍යවරයා විසින් මඟහරිමින් සිටින්නේ නීතිඥයින්ගේ උපදෙස්මත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

WhatsApp Image 2026 04 18 at 7.13.15 AM

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඇමති ලාල්කාන්තගේ වත්කම් ගැන විමර්ශනයක් ඉල්ලා පැමිණිල්ලක් | The Leader