The Leader News
BREAKING
බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●කොටුව හිටපු මහෙස්ත්‍රාත් සියලු චෝදනාවලින් නිදහස්: යළි සේවයට●ක්‍රිකට් අර්බුදයේ ICC තීරණය ගැන එරාන්ගෙන් ප්‍රශ්න කිරීමක්●කච්චතිව් ගිවිසුම වෙනස් කරන්නේ නෑ: ඉන්දියාව කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනපතිගෙන් හදිසි මැදිහත්වීමක්●ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන මහ නාහිමිවරුන්ගේ විරෝධය●රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●
Top Ad
පුවත්

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සාධාරණව සිදුකිරීම සඳහා ආරක්ෂක නි.ඇමතිව ඉවත් කරන්නැයි ඉල්ලයි

T

The Leader Desk

April 18, 2026 • 3:40 AM

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සාධාරණව සිදුකිරීම සඳහා ආරක්ෂක නි.ඇමතිව ඉවත් කරන්නැයි ඉල්ලයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් රොහාන් ද සිල්වා පියතුමා මේ බව සඳහන් කළේය.
  • 'මතකය, වේදනාව සහ බලාපොරොත්තුව, වසර 07 කට පසු යුක්තිය සොයා' මැයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධ විශේෂ වාර්තාවක් එළිදැක්වීමේ වැඩසටහනක් මෙලෙස කොළඹදී පැවැත්වුණි.
  • ඊට අදාල කරුණු ගෙනහැර දක්වමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකරට එරෙහි විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට භාර දෙනු ලැබුවේ, අගෝස්තු 12 වන දා ය.
  • කතානායකවරයා වෙත භාර දුන් විශ්වාසභංග යෝජනාවේ කරුණු 15ක් දක්වා ඇති අතර, මන්ත්‍රීවරුන් 32 දෙනෙකු ඊට අත්සන් තබා තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):


කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් රොහාන් ද සිල්වා පියතුමා මේ බව සඳහන් කළේය.

'මතකය, වේදනාව සහ බලාපොරොත්තුව, වසර 07 කට පසු යුක්තිය සොයා' මැයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධ විශේෂ වාර්තාවක් එළිදැක්වීමේ වැඩසටහනක් මෙලෙස කොළඹදී පැවැත්වුණි.

එය සංවිධානය කර තිබුණේ සමාජය හා සාමයික කේන්ද්‍රය මගිනි.

එහිදී අදහස් දැක්වූ රොහාන් ද සිල්වා පියතුමා,

"ප්‍රහාරයෙන් වසර 7කට පසු විමර්ශන යම් සාධනීය දිශානතියකට යොමුවෙමින් පවතින බව පෙනී යන නිසා විමර්ශන සාධාරණය සිදුකරීමට අවශ්‍ය වටපිටාව සැකසීම සඳහා ආන්දෝලනාත්මක සයින්දමර්දු සිදුවීම්වල අවස්ථාවේ නැගෙනහිර පළාත් ආඥාපතිව සිටි වත්මන් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා විමර්ශන අවසන් වනතෙක් අදාළ තනතුරෙන් ඉවත් කරන්න කියලා ඉල්ලා සිටිනවා."

විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර ආරක්‍ෂක නියෝජ්‍ය ඇමති ධූරයේ කටයුතු කිරීම 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ නිසි පරීක්‍ෂණ සඳහා බාධාවක් විය හැකි බැවින් මේ පිළිබඳ සුදුසු තීරණයක් ගන්නා ලෙස කතෝලික සභාව ද ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු රජයෙන් පසුගිය දා ඉල්ලා සිටියේ ය.




විස්වාස භංග යෝජනාව !

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සිදුවන කාලසීමාවේදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා නැගෙනහිර පළාත් ආඥාපති ලෙස කටයුතු කළ බවත්, ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධව සිදුකරන විමර්ශනවලට අදාළව ඔහු සිය අමාත්‍ය ධූරයේ කටයුතු කිරීම සදාචාරාත්මක නොවන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මිට ඉහතදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර තිබිණ.

ඊට අදාල කරුණු ගෙනහැර දක්වමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකරට එරෙහි විපක්ෂයේ විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට භාර දෙනු ලැබුවේ, අගෝස්තු 12 වන දා ය.

කතානායකවරයා වෙත භාර දුන් විශ්වාසභංග යෝජනාවේ කරුණු 15ක් දක්වා ඇති අතර, මන්ත්‍රීවරුන් 32 දෙනෙකු ඊට අත්සන් තබා තිබිණ.

විශ්වාසභංගයේ තිබු කරුණු මොනවා ද?

විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය විසින් කතානායකවරයා වෙත භාර දුන් විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කරුණු,

* පාස්කු ඉරිදා ප්‍රහාරයේ කුමන්ත්‍රණයේ මූලාරම්භයක් ලෙස සැලකෙන 2018 ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණ සමයේ එනම් 2018 නොවැම්බර් මාසයේදී 17 වන ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති [17th Commander of the Security Force (East)] ලෙස අරුණ ජයසේකර පත් කළ හෙයින් ද, ඒ අනුව ඔහු ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ලෙස වැඩ බාරගත් හෙයින් ද;

* පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන විමර්ශනවලදී වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගනිමින් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා වව්නතිව් පොලිස් මුරපොළේ දී ශ්‍රී ලංකා පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනෙක් ඝාතනය කිරීම සිදුවන අවස්ථාවේ අරුණ ජයසේකර ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ලෙස කටයුතු කළ හෙයින් ද;

* පාස්කු ඉරිදා ප්‍රහාරයේ තීරණාත්මක සංසිද්ධියක් වන සයින්දමරුදු බොලිවේරියන් ග්‍රාමයේ සිදුවීම සිදුවන අවස්ථාවේ අරුණ ජයසේකර ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ලෙස කටයුතු කළ හෙයින් ද;

* අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ කිහිප දෙනකුට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබාගෙන ඇති හෙයින් ද;

* කටුවාපිටිය දේවස්ථානයේ බෝම්බකරුවූ හස්තුන් නැමැත්තාගේ බිරිඳ ලෙස හැඳින්වෙන සාරා ජස්මින් නොහොත් පුලස්තිනී මහේන්ද්‍රන් සයින්දමරුදු එම ස්ථානයේ සිටි බවට සහ ඇය බෝම්බය පිපිරීමෙන් පසු ද ජීවතුන් අතර සිටි බවට සහරාන්ගේ බිරිඳ ෆාතිමා හාදියා ප්‍රකාශ කර ඇති හෙයින් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද ඇය මිය ගිය බවට කී සිද්ධිය සැක සහිත යැයි ප්‍රකාශ කර ඇති හෙයින් ද;

* අදාළ සයින්දමරුදු සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර යුද හමුදාවේ එදින මෙහෙයුමට සහභාගී වූ එකල අරුණ ජයසේකර යටතේ සිටි නිලධාරීන්ගෙන් ප්‍රකාශ ගැනීම ආරම්භ කර ඇති හෙයින් ද,


* මෙම සිද්ධියට අදාළව ගරු අරුණ ජයසේකර විසින්ම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි ඔහුගෙන් ද ප්‍රකාශ ලබා ගෙන ඇති හෙයින් ද,

* වව්නතිව් සහ සයින්දමරුදු සිදුවීම් දෙකට ම අදාළ විමර්ශනයේදී සාක්ෂි /කටඋත්තර යුද හමුදාවේ පිරිස්වලින් තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබා ගනිමින් සිටින හෙයින් ද;

* අරුණ ජයසේකර පූර්ව මැතිවරණ සමයේ ජාතික ජන බලවේගයේ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් සිට, අංක 2410/08 දරන 2024-11-17 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව ජාතික ජන බලවේග රජයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්ව, අංක 2412/23 දරන 2024-11-28 දිනැති අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ හෙයින්ද; සහ ඇතැම් අවස්ථාවල වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද කටයුතු කරන බැවින් ද;

* අදාළ සිදුවීම් ගැන සාක්ෂි දෙනු ලබන යුද හමුදාවේ නිලධාරීන් විසින් සාක්ෂි ලබාදීමේදී එවකට ප්‍රදේශය භාර ප්‍රධානියා වූ අරුණ ජයසේකර වර්තමානයේ යුද හමුදාව භාර අමාත්‍යංශයේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටින බැවින් නිලධාරීන් සාක්ෂි ලබාදීමේදී ඔවුන් උසස්වීම්/මාරුවීම් සහ වෙනත් කටයුතුවලට බලපෑමක් ඇතිවේයැයි බියෙන් සාක්ෂි ලබාදීමේ මැලිකමක් දැක්වීමට ඉඩ ඇති බැවින් ද;

* එවකට ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති ලෙස සිටි අරුණ ජයසේකර යටතේ සිටින නිලධාරීන් විමර්ශනයට ලක්වෙමින් සිටින බැවින් ඔහු එම නිලධාරීන් සිටි යුද හමුදාව භාර අමාත්‍යංශයේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන හෙයින් විමර්ශන ගැන සැක සංකා මතුවීමට ඉඩ ඇති හෙයින්ද සහ ලබැඳියාවන් අතර ගැටුමක් ඇතිවීමට ඉඩ ඇති හෙයින් ද;

* පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන බවට මැතිවරණ පොරොන්දුවක් ලබාදුන් රජයක අරුණ ජයසේකර නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස වගකිව යුතු තනතුරක් දැරුව ද මේ දක්වා පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමට අපොහොසත් වී ඇති හෙයින් ද;

* පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් අරුණ ජයසේකර යුද හමුදාවේ ධූරය දරන සමයේ නිසි ක්‍රියාමාර්ග නොගත් පසුබිමක, වත්මන් රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කිරීම මත, එම විමර්ශනවලට යම් බලපෑමක් ඇතිවිය හැකි බවට කතෝලික සභාවට හැඟී යාම සහ එම පරීක්ෂණවල විශ්වසනීයත්වය සම්බන්ධයෙන් ගැටලු පවතින බවට කාදිනල් හිමිපාණන්ගේ ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් ප්‍රකාශ කර ඇති හෙයින් ද;

* පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන සිදුකිරීම අභියෝගයක් බවත්, රජය රජය තුළම විමර්ශනයට ලක්කිරීම දුෂ්කර වී ඇති බවත්, රජය රජය විසින්ම පරීක්ෂාවට ලක් කළ යුතුව තිබෙන බවත් ජනාධිපතිවරයා කාදිනල් හිමියන්ගේ පූජක දිවියට වසර 50ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පැවති උත්සවයේදී කළ ප්‍රකාශය මඟින් පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන අඩපණ කිරීමට තවමත් රාජ්‍ය යාන්ත්‍රණය තුළින්ම කුමන්ත්‍රණ සිදුවන බව හැඟෙන හෙයින් ද;

* ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර 2025-07-09 වන දින පාර්ලිමේන්තුවේ දී සිදු කළ ප්‍රකාශයකට අනුව පස්කු ප්‍රහාරයේ විමර්ශනවල දී අනාවරණය වන පරිදි දේශපාලන අරමුණු ඉෂ්ඨ කරගැනීම වෙනුවෙන් බුද්ධි අංශයේ සුළු පිරිසක් සහ රජයේ නිලධාරීන් සුළු පිරිසක් මේ සඳහා යොදාගෙන ඇති බවට ප්‍රකාශ කිරීම මඟින් ඊට සම්බන්ධ බුද්ධි අංශ නිලධාරීන් පිළිබඳව දැනුවත්භාවයක් හෝ අවබෝධයක් ඔහුට තිබෙන්නට ඇතැයි හැඟී යන බැවින් හෙයින්ද;

අරුණ ජයසේකර ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධූරය දරන රජයක, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය මඟින් පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන සිදුකිරීම මත, බලපෑම් සහ ළබැඳියාවන් අතර ගැටීමක් ඇති වන අතර, එමගින් පාස්කු ඉරුදින ප්‍රහාරයේ විමර්ශන අපක්ෂපාතීව හා ස්වාධීනව සිදුවන්නේ දැයි පාස්කු ඉරුදින ප්‍රහාරයේ වින්දිතයන්ගේත්, කතෝලික සභාවේත්, පොදු මහජනතාවගේත්, විශ්වාසය බිඳ වැටී ඇති හෙයින් සහ අරුණ ජයසේකර ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ සිටියදී පාස්කු විමර්ශන සිදුකිරීමෙන් සභාවේ විශ්වාසය කඩව ඇති බැවින් ඔහු එම ධූරයෙන් ඉවත් කළ යුතු බවට යෝජනා සම්මත කර ගත යුතු යැයි විශ්වාසභංග යෝජනාවේ සඳහන් වේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...