The Leader News
BREAKING
බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●කොටුව හිටපු මහෙස්ත්‍රාත් සියලු චෝදනාවලින් නිදහස්: යළි සේවයට●ක්‍රිකට් අර්බුදයේ ICC තීරණය ගැන එරාන්ගෙන් ප්‍රශ්න කිරීමක්●කච්චතිව් ගිවිසුම වෙනස් කරන්නේ නෑ: ඉන්දියාව කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනපතිගෙන් හදිසි මැදිහත්වීමක්●ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන මහ නාහිමිවරුන්ගේ විරෝධය●රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●
Top Ad
පුවත්

ශ්‍රී ලංකාවට අනගි අවස්ථාවක් ! රුසියානු තෙල් අලෙවියට අමෙරිකාවෙන් තවත් මසක සහනයක්

T

The Leader Desk

April 18, 2026 • 10:32 AM

ශ්‍රී ලංකාවට අනගි අවස්ථාවක් ! රුසියානු තෙල් අලෙවියට අමෙරිකාවෙන් තවත් මසක සහනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පළ කර ඇති ලේඛනයකට අනුව, ඊයේ වන විට නෞකාවලට පටවා ඇති තෙල් මිලදී ගැනීමට මැයි 16 දක්වා අවසර දී ඇත.
  • මෙය අප්‍රේල් 11 වැනිදා අවසන් වූ දින 30ක සහන කාලය තවදුරටත් දීර්ඝ කිරීමකි.
  • රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට අමෙරිකානු සම්බාධකවලට මුහුණ දීමට සිදු නොවන පරිදි ලබා දී තිබූ මෙම සහනය වොෂින්ටනය විසින් අලුත් නොකරන බවට භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් ප්‍රකාශ කර දින දෙකකට පසුව මෙම තීරණය ගෙන තිබේ.
  • රුසියාවේ ජනාධිපති නියෝජිත කිරිල් දිමිත්‍රීව් (Kirill Dmitriev) පවසා තිබුණේ, මෙම පළමු සහන කාලය හරහා රුසියානු බොර තෙල් බැරල් මිලියන 100ක් නිදහස් වනු ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ පළ කර ඇති ලේඛනයකට අනුව, ඊයේ වන විට නෞකාවලට පටවා ඇති තෙල් මිලදී ගැනීමට මැයි 16 දක්වා අවසර දී ඇත.

මෙය අප්‍රේල් 11 වැනිදා අවසන් වූ දින 30ක සහන කාලය තවදුරටත් දීර්ඝ කිරීමකි.

රුසියානු තෙල් මිලදී ගන්නා රටවලට අමෙරිකානු සම්බාධකවලට මුහුණ දීමට සිදු නොවන පරිදි ලබා දී තිබූ මෙම සහනය වොෂින්ටනය විසින් අලුත් නොකරන බවට භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් ප්‍රකාශ කර දින දෙකකට පසුව මෙම තීරණය ගෙන තිබේ.

රුසියාවේ ජනාධිපති නියෝජිත කිරිල් දිමිත්‍රීව් (Kirill Dmitriev) පවසා තිබුණේ, මෙම පළමු සහන කාලය හරහා රුසියානු බොර තෙල් බැරල් මිලියන 100ක් නිදහස් වනු ඇති බවයි.

එය ලෝකයේ දිනක නිෂ්පාදනයට ආසන්න වශයෙන් සමාන වන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ලංකාවට සහය දෙන්න රුසියාව සුදානමින්

රුසියානු තෙල් අලෙවියට අමෙරිකාවෙන් තවත් මසක සහනයක් ලබාදීම නිසා රුසියාවෙන් ඉන්දන මිලදී ගැනීමට ශ්‍රී ලංකා රජයට අවස්ථාව උදවි ඇත.

ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක දෙරට අතර රාජ්‍යතන්ත්‍රීක ගිවිසුම් යටතේ සහන මිලකට රුසියාවේ ඉන්දන, පොහොර හා ගල් අඟුරු ලබාදීමට රුසියානු රජය එකඟත්වය පළකර ඇතැයි වාර්තවේ.

මුලාශ්‍ර :

US renews Russian oil waiver after pressure from countries dealing with Iran war price shocks 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...