The Leader News
BREAKING
බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●කොටුව හිටපු මහෙස්ත්‍රාත් සියලු චෝදනාවලින් නිදහස්: යළි සේවයට●ක්‍රිකට් අර්බුදයේ ICC තීරණය ගැන එරාන්ගෙන් ප්‍රශ්න කිරීමක්●කච්චතිව් ගිවිසුම වෙනස් කරන්නේ නෑ: ඉන්දියාව කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනපතිගෙන් හදිසි මැදිහත්වීමක්●ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන මහ නාහිමිවරුන්ගේ විරෝධය●රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●
Top Ad
පුවත්

මැතිසබේ අමුතු වැඩ: හිටපු මන්ත්‍රීලාගෙන් ලෝක සංවිධාන තුනකට පැමිණිලි

T

The Leader Desk

April 18, 2026 • 3:47 PM

මැතිසබේ අමුතු වැඩ: හිටපු මන්ත්‍රීලාගෙන් ලෝක සංවිධාන තුනකට පැමිණිලි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිද්ධීන් හතරක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇත.
  • එහි ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ ගේ අත්සනින් එම ආයතනවලට වෙන වෙනම ලිපි යොමු කරමින් මෙලෙස පැමිණිලි කර ඇත.
  • පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කමිටුව හරහා එවැනි විනය බලතල ක්‍රියාත්මක කිරීමට නීත්‍යානුකූල බලයක් නොමැති බවත් එම ක්‍රියාව අතිශයින්ම චර්යා ධර්ම වලට පටහැනි ක්‍රියාවක් බවත් ලිපිය පෙන්වා දෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

සිද්ධීන් හතරක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇත.

එහි ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ ගේ අත්සනින් එම ආයතනවලට වෙන වෙනම ලිපි යොමු කරමින් මෙලෙස පැමිණිලි කර ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප නීති විරෝධී සහ සදාචාර විරෝධී ආකාරයට අහෝසි කිරීම, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයාගේ වැඩ  නීති විරෝධී සහ ද්වේෂ සහගත ලෙස තහනම් කිරීම, පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකට විවිධ හිරිහැර සහ අඩන්තේට්ටම්  සිදුවී ඇති බවට හිටපු මහාධිකරණ විනිශ්චකාරවරියක පැවැත්වූ විමර්ශනයේ වාර්තාව පැහැදිලිව පෙන්වාදී තිබියදී එම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක නොකර පැහැර හැරීම සහ වෙනස් කොට සැලකීම හේතුවෙන් නිලධාරිනියක පාර්ලිමේන්තු සේවයෙන් ඉවත්වීම යනාදී වශයෙන් කරුණු හතරක් මෙම ලිපියෙන් එම සංවිධාන වල අවධානයට යොමු කර ඇත.

නිසි නීතිමය බලයක් නොමැතිව පවත්වන ලද මූලික පරීක්ෂණයක් මත පදනම් වූ, ක්‍රියාදාමයකින් පසුව නියෝජ්‍ය මහ ලේකම්වරයාගේ වැඩ තහනම් කර ඇති බව පෙන්වා දෙන එම ලිපිය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය, පරිපාලන සාධාරණත්වය සහ ආයතනික ස්වාධීනත්වය බරපතළ ලෙස අඩපණ කරන වර්ධනයක්  මතුව ඇතැයිද සඳහන් කරයි.

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කමිටුව  හරහා  එවැනි විනය බලතල ක්‍රියාත්මක කිරීමට නීත්‍යානුකූල බලයක් නොමැති බවත් එම ක්‍රියාව අතිශයින්ම චර්යා ධර්ම වලට පටහැනි ක්‍රියාවක් බවත් ලිපිය පෙන්වා දෙයි.

මෙම සිදුවීම් මගින් පෙන්නුම් කරන්නේ පරිපාලනමය ක්‍රියාදාමයේ කැළඹිලි සහගත රටාව මෙන්ම පාර්ලිමේන්තුව තුළ ආරක්ෂිත, ස්වාධීන සහ වෘත්තීය වැඩ පරිසරයක් සහතික කිරීමට අපොහොසත් වීම බව සංගමය දැනුම්දී ඇත

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම මෙන්ම යහපාලනය ඇති කිරීමට නොපමාව මැදිහත් වන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය එම සංවිධාන වලින් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

(lankadeepa | සුජිත් හේවාජුලිගේ)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...