වහාම බාර දෙන ලෙස සමගි ජන බලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටයි.
ආණ්ඩුව එසේ කටයුතු නොකර විවිධ කොමිෂන් සභා පත්කරන්නේ සැබෑ ප්‍රශ්නයෙන් ගැලවීමට බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හිටපු අමාත්‍ය නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.
ඔහු එබව කියා සිටියේ, කොළඹ ඔහුගේ නිවසේ අද (19) පෙරවරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල,
'' ඡන්දයක් ආවොත් විපක්ෂයේ සන්ධානයක් ගොඩනැගෙනවා''
"ආණ්ඩුව පිළිඅරන් තියනවා බාල ගල්අඟුරු ගෙනාවා කියලා. මෙය සනාත කරමින් විගණකාධිපතිවරයා වාර්තාවක් ඉදිරිපත් කරලා තියනවා. මුදල් බලය තියෙන්නෙ පාර්ලිමේන්තුවට. විගණකාධිපතිවරයා වාර්තාවක් ඉදිරිපත් කරාම මේ වාර්තාව මුලින්ම ඉදිරිපත් වෙන්නේ කෝප් සභාවට. ඉතිං දැන් කරන්න තියෙන්නේ පාර්ලිමේන්තුව හරහා නීතිපතිවරයාට යොමු කරන්න. ඒත් ආණ්ඩුව මොකද කළේ කල් මරන්න කොමිෂන් සභා පත්කළා."
"බාල ගල්අඟුරු සම්බන්ධයෙන් විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එකට වැඩ කළා. කිසිම මතභේදයක් තිබුණේ නැහැ. ඡන්දයක් ආවොත් විපක්ෂයේ සන්ධානයක් ගොඩනැගෙනවා. ඒ සන්ධානයේ නායකත්වය අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට හිමිවේවි. මේ ආණ්ඩුව බලයට ආවේ පොරොන්දු රාශියක් ලබාදීලා. ඒ පොරොන්දු කිසිවක් ඉටු කරලා නැහැ."
ගල් අඟුරු වංචාවට සජබයත් සම්බන්ධද? - මරික්කාර් හෙළි කරයි
මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් පවසන්නේ, 2009 වසරේ සිට ගල් අඟුරු මිලදී ගැනීමේ ගණුදෙනු සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කිරීම යහපත් දෙයක් බවත්, සිය පක්ෂයට ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති බවත් ය.
ශ්‍රී ලංකාව තුළ ගල් අඟුරු ආශ්‍රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ අවස්ථාවේ සිට ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කිරීමට ජනාධිපතිවයා ගත් ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
අදාල කාලසීමාව තුල සිය පක්ෂයේ කිසිදු අයෙකු බලශක්ති අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කර නොමැති බව මන්ත්‍රීවරයා තවදුරටත් පැවසිය.




