භූචලනයත් සමග මීටර් 3 ක පමණ උසැති සුනාමි රළ පිළිබද අනතුරු ඇගවීමක්ද නිකුත් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.
එම පළමු රළ පහර ජපානයේ ඉවාටේ ප්‍රාන්තයට ළඟා වෙමින් පවතින බවත් එහි එක් රළක් සෙන්ටිමීටර් 40ක අගයක් ගෙන ඇති බවත් ජපාන මාධ්‍ය වාර්තා කර ඇත.
හොන්ෂු දිවයින් බද ඉවාතේ සහ අමොරි පළාත් සහ හොකයිදෝ උතුරු පළාත් බද ප්‍රදේශ වෙත ප්‍රබල උස් සුනාමි රළ පතිත වෙතැයි අපේක්ෂා කෙරේ.
ජපාන වේලාවෙන් ප.ව. 4.52ට වාර්තා වූ භූ කම්පනයත් සමග සේ.මී. 80ක සුනාමි රළ වාර්තා විය. එය මීටර 3ක් උස් රළ තෙක් ඉහළ යනු ඇතැයි අපේක්ෂිත ය.
වෙරළ තීරයෙන් හැකි තාක් ඉවත්ව සිටින ලෙස එරට රජය විසින් ප්‍රදේශවාසීන් දැනුම්වත් කර ඇත.
(සටහන |Reuters ඇසුරින්; හර්ෂ උදයකාන්ත පීරිස්)
මුලාශ්‍රය :
Major 7.5-magnitude quake hits off Japan, triggers tsunami warnings




