The Leader News
BREAKING
ක්‍රිකට් අර්බුදයේ ICC තීරණය ගැන එරාන්ගෙන් ප්‍රශ්න කිරීමක්●කච්චතිව් ගිවිසුම වෙනස් කරන්නේ නෑ: ඉන්දියාව කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනපතිගෙන් හදිසි මැදිහත්වීමක්●ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන මහ නාහිමිවරුන්ගේ විරෝධය●රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●
Top Ad
පුවත්

අනුර කරුණාතිලක බලශක්ති අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

T

The Leader Desk

April 20, 2026 • 1:04 PM

 අනුර කරුණාතිලක බලශක්ති අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අනුව අනුර කරුණාතිලක අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ බලශක්ති අමාත්‍යධුරයේ දිවුරුම් දෙනු ලැබීය.
  • බලශක්ති අමාත්‍යධුරයට අමතරව ඔහු වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසද කටයුතු කරයි.
  • ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වූයේ, නිසි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය හරහා රජයට රුපියල් මිලියන 2237.7ක අලාභයක් සිදුව ඇති බවට විගණන වාර්තා මගින් ද සනාථ කර ඇති පසුබිමක ය.
  • ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, 'ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා ස්වාධීන විමර්ශනයකට ඉඩ සලසමින්' ඔවුන් ඉල්ලා අස්වූ බව ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව අනුර කරුණාතිලක අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ බලශක්ති අමාත්‍යධුරයේ දිවුරුම් දෙනු ලැබීය.

බලශක්ති අමාත්‍යධුරයට අමතරව ඔහු වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසද කටයුතු කරයි.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක ද සහභාගි විය.


කුමාර ජයකොඩි අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් සිදුවූ පුරප්පාඩුවට  


 බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක මෙසේ පත්කරනු ලැබුවේ, නිසි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි එම ධුරයෙන් සිකුරාදා (17) ඉල්ලා අස්වීමෙන් සිදුවූ පුරප්පාඩුව සඳහාය.

ඔහු සිය ධූරයෙන් ඉල්ලා අස්වූයේ, නිසි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය හරහා රජයට රුපියල් මිලියන 2237.7ක අලාභයක් සිදුව ඇති බවට විගණන වාර්තා මගින් ද සනාථ කර ඇති පසුබිමක ය.

එම චෝදනා හේතුවෙන්, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඇමති ධූරයේ තවදුරටත් රැඳී සිටීම සම්බන්ධයෙන් විපක්ෂය දැඩි විවේචන එල්ල කළේ ය.

ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, 'ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා ස්වාධීන විමර්ශනයකට ඉඩ සලසමින්' ඔවුන් ඉල්ලා අස්වූ බව ය 

9cdba1f0 3a45 11f1 b0ac b54021fa6ada.jpg

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...