The Leader News
BREAKING
ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනපතිගෙන් හදිසි මැදිහත්වීමක්●ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන මහ නාහිමිවරුන්ගේ විරෝධය●රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●
Top Ad
පුවත්

'හිරු කිසිම පොලිස් ආරක්ෂාවක් ඉල්ලුවෙත් නෑ! කිසිම ලිපියක් එව්වෙත් නෑ' - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

T

The Leader Desk

April 20, 2026 • 3:13 PM

'හිරු කිසිම පොලිස් ආරක්ෂාවක් ඉල්ලුවෙත් නෑ! කිසිම ලිපියක් එව්වෙත් නෑ' - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී එෆ්.
  • ඔහුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ, හිරු මාධ්‍ය ආයතනය විසින් ඒ සම්බන්ධයෙන් කිසිදු ඉල්ලීමක් හෝ පැමිණිල්ලක් කර නැති බවයි.
  • මේ අතර හිරු මාධ්‍ය ජාලයේ සාමාජිකයන්ට ආරක්ෂාව ලබා දෙන ලෙස තමන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව සඳහන් කරමින් සමාජ මාධ්‍යවල සංසරණය වනුයේ මුළුමනින්ම ව්‍යාජ ලිපියක් බව හිරු ටී.වී.
  • එසේ කූඨ ලේඛන සකස් කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද හිරු ටී.වී.
අකුරු ප්‍රමාණය (Font Size):

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිවේදී එෆ්. යූ වුට්ලර් සඳහන් කරයි.

ඔහුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ, හිරු මාධ්‍ය ආයතනය විසින් ඒ සම්බන්ධයෙන් කිසිදු ඉල්ලීමක් හෝ පැමිණිල්ලක් කර නැති බවයි.

මේ අතර හිරු මාධ්‍ය ජාලයේ සාමාජිකයන්ට ආරක්ෂාව ලබා දෙන ලෙස තමන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව සඳහන් කරමින් සමාජ මාධ්‍යවල සංසරණය වනුයේ මුළුමනින්ම ව්‍යාජ ලිපියක් බව හිරු ටී.වී. නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තරංග දිනුෂ් ජයකොඩි සිය අත්සනින් යුතු නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

එසේ කූඨ ලේඛන සකස් කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද හිරු ටී.වී. නියෝජ්‍ය ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා කියා සිටියි.

හිරු මාධ්‍ය ආයතනයට සහ සේවකයන්ට ආරක්ෂාව ඉල්ලූ බවට සමාජ මාධ්‍යයේ සංසරණය වනුයේ ව්‍යාජ ලිපියක් බව මෙරට ප්‍රමුඛ පෙළේ කරුණු සමීක්ෂණ ආයතනක් වන Fact Crescendo Sri Lanka ආයතනය ද නිවේදනය කරයි.


වැඩිදුරටත් විස්තර :

හිරු ටීවි ආයතනයට සහ සේවකයින්ට ආරක්ෂාව ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ  පළවන ලිපිය, ව්‍යාජ ලිපියක්!

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...