The Leader News
BREAKING
ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනපතිගෙන් හදිසි මැදිහත්වීමක්●ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන මහ නාහිමිවරුන්ගේ විරෝධය●රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●
Top Ad
පුවත්

‘බලය ගන්න ලොකු සැලැස්මක් තියෙනවා’- මහින්ද කියයි

T

The Leader Desk

April 20, 2026 • 3:22 PM

 ‘බලය ගන්න ලොකු සැලැස්මක් තියෙනවා’- මහින්ද කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මේ බව පැවසුවේ, අලුත් අවුරුද්දෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේ කටයුතු අද (අප්‍රේල් 20) ආරම්භ කිරීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ය.
  • හිටපු ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ, නුදුරේදී ම දේශපාලනයේ වෙනසක් සිදුවන බවත් එයට තම පක්ෂය සුදානම් බවත් ය.
  • අලුත් අවුරුදු සැමරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ජනතාවට නම් අවුරුදු ගැන කිසිම හැඟීමක් නොතිබුණු බවයි.
  • ඊට හේතුව ජීවන වියදම ඉහළ යෑම බවත් එම නිසා ජනතාව ප්‍රශ්න ගොඩක සිටින බවත් හිටපු ජනාධිපතිවරයා පැවසිය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මේ බව පැවසුවේ, අලුත් අවුරුද්දෙන් පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේ කටයුතු අද (අප්‍රේල් 20) ආරම්භ කිරීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ය.

හිටපු ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කළේ, නුදුරේදී ම දේශපාලනයේ වෙනසක් සිදුවන බවත් එයට තම පක්ෂය සුදානම් බවත් ය.

අලුත් අවුරුදු සැමරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ජනතාවට නම් අවුරුදු ගැන කිසිම හැඟීමක් නොතිබුණු බවයි.

ඊට හේතුව ජීවන වියදම ඉහළ යෑම බවත් එම නිසා ජනතාව ප්‍රශ්න ගොඩක සිටින බවත් හිටපු ජනාධිපතිවරයා
පැවසිය.

''අවුරුදු නම් අපිට ජයයි මං දන්නෑ ආණ්ඩු පක්ෂයට කොහොමද කියලා'' යනුවෙන්ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

මෙවර මැයි දින සැමරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මැයි දිනය වෙසක් පොහොය දවසේ සැමරිය නොහැකි බවයි. එම නිසා එදිනට ආගමික වැඩසටහන් සංවිධානය කිරීමට කටයුතු කරන බවද තමා එදින සිල් සමාදන් වීමට බලාපොරොත්තුවන බවද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...