The Leader News
BREAKING
ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනපතිගෙන් හදිසි මැදිහත්වීමක්●ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන මහ නාහිමිවරුන්ගේ විරෝධය●රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●
Top Ad
පුවත්

පාස්කු සැමරුමේදී කාදිනල් හිමිගෙන් නීතිපති දෙපාර්තමේන්තුවට චෝදනාවක්

T

The Leader Desk

April 21, 2026 • 11:33 AM

පාස්කු සැමරුමේදී කාදිනල් හිමිගෙන් නීතිපති දෙපාර්තමේන්තුවට චෝදනාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විමර්ශනවලදී දැන් දැන් හෙළිදරව් වන කරුණු නිසා කලබල වී සිටින ඇතැම් දේශපාලන ප්‍රභූන් සිය නිරුවත හෙළිවීමේ බියෙන් බොළඳ උත්සාහයන් ගනිමින් සිටින්නේ යැයි ද කාදිනල් හිමිපාණෝ පැවැසූහ.
  • වසරේ බලයට පැමිණී වත්මන් රජය මේ පිළිබඳව වඩාත් සුභවාදී පිළිවෙතක් අනුගමනය කරන බව පිළිගතයුතු යැයි කී කාදිනල් හිමිපාණෝ පාස්කු ප්‍රහාරයේ විමර්ශන යටගැසීමට පාර රාජ්‍ය නිලධාරී තන්ත්‍රයක් ක්‍රියාත්මක වී යැයි ද කීහ.
  • එවැනි පසුබිමක මෙම සිදුවීමට සම්බන්ධ බවට සැක නිලධාරීන් භාරයට ගෙන ප්‍රශ්න කිරීමේ වරදක් නැතැයි ද අවශ්‍ය වන්නේ සත්‍ය සෙවීම යැයි ද උන්වහන්සේ කීහ.
  • කාදිනල් හිමිපාණන් මෙම අදහස් පළ කළේ 2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසර 7ක් පිරීම නිමිත්තෙන් වින්දිතයින් සිහිපත් කිරීමේ ප්‍රධාන වැඩසටහන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී පැවැති අවස්ථාවේ ප්‍රධාන දෙසුම පවත්වමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


විමර්ශනවලදී දැන් දැන් හෙළිදරව් වන කරුණු නිසා කලබල වී සිටින ඇතැම් දේශපාලන ප්‍රභූන් සිය නිරුවත හෙළිවීමේ බියෙන් බොළඳ උත්සාහයන් ගනිමින් සිටින්නේ යැයි ද කාදිනල් හිමිපාණෝ පැවැසූහ.

2024 වසරේ බලයට පැමිණී වත්මන් රජය මේ පිළිබඳව වඩාත් සුභවාදී පිළිවෙතක් අනුගමනය කරන බව පිළිගතයුතු යැයි කී කාදිනල් හිමිපාණෝ පාස්කු ප්‍රහාරයේ විමර්ශන යටගැසීමට පාර රාජ්‍ය නිලධාරී තන්ත්‍රයක් ක්‍රියාත්මක වී යැයි ද කීහ.

එවැනි පසුබිමක මෙම සිදුවීමට සම්බන්ධ බවට සැක නිලධාරීන් භාරයට ගෙන ප්‍රශ්න කිරීමේ වරදක් නැතැයි ද අවශ්‍ය වන්නේ සත්‍ය සෙවීම යැයි ද උන්වහන්සේ කීහ.

විමර්ශන හමුවේ කලබලන නොවන්නේ නම් ඒවා ගැන දුර්මත නිර්මාණකරන්නේ ඇයිදැයි ප්‍රශ්න කළ කාදිනල්හිමිපාණෝ මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් මිනිසුන් අදටත් විඳින වේදනාව හා අගතිය ඔවුන් තේරුම් ගත යුතු යැයි ද කීහ.

කාදිනල් හිමිපාණන් මෙම අදහස් පළ කළේ 2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට වසර 7ක් පිරීම නිමිත්තෙන් වින්දිතයින් සිහිපත් කිරීමේ ප්‍රධාන වැඩසටහන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දී පැවැති අවස්ථාවේ ප්‍රධාන දෙසුම පවත්වමිනි.

එහිදී අද පෙරවරු 8.45 සිට විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කිරීමෙන් පසුව සැමරුවේ වැඩකටයුතු ආරම්භ විය.

මලවුන්ගේ සීනුව වරක් නාද කිරීම, විනාඩි දෙකක නිශ්ශබ්දතාව රැකීම සහ ආරාධිතයින් ඉටිපන්දම් දැල්වීම මෙහිදී සිදුකෙරුණු අතර සැමරුම් ස්මාරකය අභියස ඉටිපහන් දැල්වීමට සර්ව ආගමික පූජකවරු ද එක්ව සිටියහ.

2019 වසරේ අප්‍රේල් 21 වනදා පාස්කු ඉරිදා උදෑසන 8.45ට පමණ දේවස්ථාන තුනක් සහ කොළඹ පිහිටි සුඛෝපභෝගී හෝටල් 3ක් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය.

අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායමක් එල්ල කළ මෙම ප්‍රහාරවලින් පුද්ගලයින් 273 ක් ජීවිතක්ෂයට පත්ව 500කට අධික පිරිසක් තුවාල ලැබූහ.

ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකරමින් සහ තුවාල ලැබූවන්ට ආශිර්වාද කරමින් එම සෑම දේවස්ථානයකම අද දිනයේ යාඥා සිදුකෙරුණි.

(සටහන | ගිම්හාන් ද සිල්වා)

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...