The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

ඉරාන-ඇමෙරිකා සාකච්ඡා ශක්තිමත් කිරීමට කලාපීය හවුලක් අවශ්‍යයයි

T

The Leader Desk

April 21, 2026 • 3:39 PM

ඉරාන-ඇමෙරිකා සාකච්ඡා ශක්තිමත් කිරීමට කලාපීය හවුලක් අවශ්‍යයයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෝලීය බදු හමුවේ විකල්ප විසඳුම් සඳහා වන සමාජ ව්‍යාපාරයේ සම්බන්ධීකරණ කමිටුව වෙනුවෙන් ඇන්ටන් මාකස් - චතුර සමරසිංහ - නිමල්කා ප්‍රනාන්දු - මදු හෙට්ටිආරච්චි - සුජීව සෙනරත් - රන්ජන් කුරියන් යන සමාජ ක්‍රියාකාරීන්ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන් වේ.
  • ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉකුත් අප්‍රේල් 07 වන දින කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයට අනුව, ඉරානයට එරෙහි ඇමෙරිකානු හමුදා ප්‍රහාර අත්හිටුවීම සති දෙකකින් නැවත දීර්ඝ කෙරිණ.
  • මීට ඉහතින් ඔහු විසින් පැය 48 ක් ක්‍රියාක්මක කෙරුණු ඇමෙරිකානු හමුදා ප්‍රහාර අත්හිටුවීම, අප්‍රේල් 07 වන දින සවස අවසන් වන්නට තිබූණි.
  • ඒ ගැටුම් විරාමය අවසන් කරන්නේ, සමස්ථ ඉරාන ශිෂ්ඨාචාරයම නැවත එසවිය නොහැකි ලෙස සමතලා කිරීමේ දැවැන්ත හමුදා ප්‍රහාර මගින් යැයිද ජනාධිපති ට්‍රම්ප් කියා තිබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

සමාජ ව්‍යාපාරය'' පවසයි.

ගෝලීය බදු හමුවේ විකල්ප විසඳුම් සඳහා වන සමාජ ව්‍යාපාරයේ සම්බන්ධීකරණ කමිටුව වෙනුවෙන් ඇන්ටන් මාකස් - චතුර සමරසිංහ - නිමල්කා ප්‍රනාන්දු - මදු හෙට්ටිආරච්චි - සුජීව සෙනරත් - රන්ජන් කුරියන් යන සමාජ ක්‍රියාකාරීන්ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති නිවේදනයක එබව සඳහන් වේ.

එම නිවේදනය මතු පළවේ.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉකුත් අප්‍රේල් 07 වන දින කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයට අනුව, ඉරානයට එරෙහි ඇමෙරිකානු හමුදා ප්‍රහාර අත්හිටුවීම සති දෙකකින් නැවත දීර්ඝ කෙරිණ. මීට ඉහතින් ඔහු විසින් පැය 48 ක් ක්‍රියාක්මක කෙරුණු ඇමෙරිකානු හමුදා ප්‍රහාර අත්හිටුවීම, අප්‍රේල් 07 වන දින සවස අවසන් වන්නට තිබූණි. ඒ ගැටුම් විරාමය අවසන් කරන්නේ, සමස්ථ ඉරාන ශිෂ්ඨාචාරයම නැවත එසවිය නොහැකි ලෙස සමතලා කිරීමේ දැවැන්ත හමුදා ප්‍රහාර මගින් යැයිද ජනාධිපති ට්‍රම්ප් කියා තිබිණ. එයට ගැලපෙන අකාරයෙන් ප්‍රතිප්‍රහාර දියත් විය හැකි බැව් ඉරාන විදෙස් ඇමති අබාස් අරාග්චි පිළිතුරු දී තිබිණ.  

එවැනි වාග් සංග්‍රාම සමග දියත් වන්නට තිබූ ඇමෙරිකානු හමුදා ප්‍රහාර, පාකිස්තාන අගමැති ෂෙභාස් ෂරීෆ් ගේ මැදිහත්වීමෙන් තාවකාලිකව ඉදිරි දෙසතියක කාලයකට අත්හිටුවීම අපි අතිශයින් අගය කරමු. ඉරානය එයට එකඟව ඇත්තේ කොන්දේසි 10 ක් ඉදිරිපත් කරමින් ය. ඇමෙරිකාව එම කොන්දේසි සාකච්ඡා කිරීමට සූදානම් බවද පල කර ඇත. එම කොන්දේසි ඊශ්‍රායෙලය විසින් පිළිගන්නේද නැද්ද යන්න පැහැදිළි නැතත් මාධ්‍ය වාර්තා අනුව, ඇමෙරිකානු ප්‍රහාර තාවකාලිකව අත්හිටුවීමේ ජනාධිපති ට්‍රම්ප්ගේ තීන්දුව සමග ඊශ්‍රායෙලය ඉන්නා බවට ඔවුන් සහතික කර ඇතැයි වාර්තා විය.

ඉරාන කොන්දේසි සාකච්ඡාවකට හෝ භාර ගනිමින් හමුදා ප්‍රහාර දෙසතියකට අත්හිටුවන්නට ඇමෙරිකාවත් ඉරානයත් පැමිණි එකඟතාවයෙහි ආසියානු කලාපයේ අපට ඇති වැදගත්ම කොන්දේසිය වන්නේ, ඔවුන්ගේ අධීක්ෂණය යටතේ හෝමුස් සමුද්‍රවංකය නාවික ගමනා ගමනයට විවෘතව තබන බවට ඉරානය දෙන පොරොන්දුවය. එවැනි වටපිටාවක, ආසියාවේ අපටත් අප වැනි ලොව අනෙක් රටවලටත් අවිනිශ්චිත, අනාරක්ෂිත අනාගතයක් ගැන නොසිතා ගෝලීය ගනුදෙනු කළ හැකි ස්ථාවර පැවැත්මක් හැදීමේ වගකීමට, අපද හවුල් විය යුතු යැයි අපි කියමු. ඒ වෙනුවෙන්, මේ ලැබූ සාම විවරය, දෙසතියකට වැඩි කාලයක ගැටුම් විරාමයක් ලෙස තහවුරු කර ගැනීම මූලික කාර්ය වනු ඇත.

ඇමෙරිකාව හා ඉරානය සාකච්ඡා කිරීමට එකඟවූ කොන්දේසි දහයෙහි අවසන් කොන්දේසිය වන, “ලෙබනනයෙන් ඉදිරිපත්වන ප්‍රතිරෝධයද ඇතුළත්ව සියලු පැතිකඩ වලින් දිග හැරෙන යුධ ගැටුම් වහා නතර කිරීම” සම්බන්ධව ඊශ්‍රායලය දැක්විය හැකි ප්‍රතිචාර ගැන අපට ඇත්තේ කුකුසකි. ජනාධිපති ට්‍රම්ප් ගේ තීන්දුවට ඊශ්‍රායෙලය එකඟ යැයි කීවත්, ඉරානය, ලෙබනනය හා ඊශ්‍රායලය ගැට ගැසෙන හමුදා ගැටුමෙහි දේශපාලනය ඒ සඳහා ඉඩ තබන්නේ නැත. එය ලෙබනනයට එරෙහිව ඊශ්‍රායලය පසු දිනයේ දියත් කළ මිසයිල ප්‍රහාර මගින් පෙන් වූවකි. ලෙබනනයට එරෙහි ඊශ්‍රායලයේ එවැනි ආක්‍රමණික ප්‍රහාර සම්බන්ධව ඉරානයේ ප්‍රතිචාර මඳක් විපරමෙන් බැලිය යුත්තක් යැයි අපි සිතමු. එනිසාම, ලෙබනනයට එරෙහි ඊශ්‍රායෙලයේ යුධ ප්‍රහාර සටන් විරාමය බිඳ දැමීමට පෙර, එය දෛනිකව නියාමනය කිරීම අත්‍යාවශ්‍ය වන්නකි. ඒ වෙනුවෙන් ස්වාධීන යාන්ත්‍රණයක අවශ්‍යතාවය අපි අවධාරණය කරමු.

සටන් විරාමය ස්වාධීනව නියාමනය කිරීම, එක්සත් ජාතීන්ගේ සංවිධානයට හා එහි ආරක්ෂක මණ්ඩලයට භාර කළ නොහැකි යැයිද අපි කියන්නෙමු. ලෝක යුධ අවි-ආම්පන්න වෙළඳපළේ විශාලම නිෂ්පාදකයින් හා වෙළඳුන් කිහිපදෙන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිශේධ බලය ඇති ස්ථිර සාමාජිකයින් වන විට, යුධ ගැටුම් නොමැති ලෝකයක් වෙනුවෙන් එක්සත් ජාතීන් ගැන විශ්වාසය තැබීම රැවටීමක් යැයි අපි කියමු. පසුගිය අවුරුදු කිහිපයේ එක්සත් ජාතීන් සහ එහි ආරක්ෂක මණ්ඩලය ලෝක සාමය වෙනුවෙන් කිසිදු වැදගත් මැදිහත්වීමක් නොකළ බව මෙහි අලුතින් සඳහන් කළ යුත්තක් නොවේ.

එවැනි අවාසනාවන්ත පසුබිමක, අරාබිකරයේ සාමය තහවුරු කෙරෙන විසඳුමක් වෙනුවෙන් මේ අවස්ථාව වර්ධනය කර ගැනීමේ දකුණු ආසියානු කලාපීය වාසිය සළකා, පාකිස්තානයටද හයියක් ලැබිය හැකි කලාපීය අන්තර් රාජ්‍ය හවුලක් හැදීමට සමාජ ක්‍රියාකාරීන් කලාපීය රාජ්‍ය නායකයින්ට බල කළ යුතු යැයි අපි කියමු. කලාපීය ඒකාබද්ධ සමාජ ව්‍යාපාරයක බලපෑම සමග, ඊශ්‍රායෙලයට අවි ආයුද සම්බාධක පැනවීමටත්, ගාසා තීරයෙන් හා බටහිර ඉවුරෙන් ඔවුන්ගේ අනවසර, බලහත්කාර ජනාවාස වහා ඉවත් කර ගන්නා ලෙසත් ආරම්භ කෙරෙන සාකච්ඡාවල මූලික ඉල්ලීමක් විය යුතු යැයිද, ඒ වෙනුවෙන් කලාපීය අන්තර් රාජ්‍ය හවුල පෙනී සිටිය යුතු යැයිද අපි කියමු.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...