The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

'ඒහිපස්සිකෝ' සාමයේ පාගමන අද දඹුල්ලෙන් ඇර‍ඹෙයි

T

The Leader Desk

April 22, 2026 • 4:12 AM

'ඒහිපස්සිකෝ' සාමයේ පාගමන අද දඹුල්ලෙන් ඇර‍ඹෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද උදෑසන 6.30ට මෙම සාම පා ගමන ආරම්භවිය.
  • භික්ෂූන් වහන්සේ 200 නමකට වැඩි පිරිසක් පසුගිය ඔක්තෝබර් මස අමෙරිකාවේ ටෙක්සාස් සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසුකරමින් දින 110ක් පුරා සාමය වෙනුවෙන් පාගමනේ නිරත වුයේ මුළු මහත් ලෝකයේම අවධානය ඒ වෙත යොමු කර ගනිමිනි.
  • එය ''ඒහිපස්සිකෝ ''සාමයේ පාගමන නමින් අප්‍රේල් 28 වැනිදා දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙරටදී පැවැත්වීමට කටයුතු සංවිධාන කෙරුණි.
  • ඒ අනුව වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ ඊයේ දිනයේදී දිවයිනට ළඟා වුණි.
අකුරු ප්‍රමාණය (Font Size):


අද උදෑසන 6.30ට මෙම සාම පා ගමන ආරම්භවිය.

භික්ෂූන් වහන්සේ 200 නමකට වැඩි පිරිසක් පසුගිය ඔක්තෝබර් මස අමෙරිකාවේ ටෙක්සාස් සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසුකරමින් දින 110ක් පුරා සාමය වෙනුවෙන් පාගමනේ නිරත වුයේ මුළු මහත් ලෝකයේම අවධානය ඒ වෙත යොමු කර ගනිමිනි.

එය ''ඒහිපස්සිකෝ ''සාමයේ පාගමන නමින් අප්‍රේල් 28 වැනිදා දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙරටදී පැවැත්වීමට කටයුතු සංවිධාන කෙරුණි.

ඒ අනුව වියට්නාම් ජාතික පූජ්‍ය පඤ්ඤාකර ස්වාමින් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේ ඊයේ දිනයේදී දිවයිනට ළඟා වුණි.

මෙම සාම පා ගමන සඳහා "ආලෝකා" නැමැති සුනඛයාද භික්ෂූන් වහන්සේ සමග එක්ව සිටී.

සාම පාගමනේ පළමු දිනය අද මාතලේ අලුවිහාරය දක්වා ගමන් කිරීමට නියමිතය.

WALK FOR PEACE - ශ්‍රී ලංකා සංචාරය කාලසටහන

*  පළමු දිනය | අප්‍රේල් 21: අනුරාධපුරය → දඹුල්ල දක්වා

* දෙවැනි දිනය | අප්‍රේල් 22: (47 km): දඹුල්ල → මාතලේ දක්වා

* තුන්වන දිනය | අප්‍රේල් 23: (28 km): මාතලේ → මහනුවර

* හතරවන දිනය| අප්‍රේල් 24 (25 km): මහනුවර → බෙලිගම්මන

* පස්වන දිනය | අප්‍රේල් 25 (25 km): බෙලිගම්මන → තෝලංගමුව

* හයවන දිනය | අප්‍රේල් 26 (33 km): තෝලංගමුව → යක්කල

* හත්වන දිනය | අප්‍රේල් 27 (21 km): යක්කල → කැලණිය

* අටවන දිනය | අප්‍රේල් 28 (15 km): කැලණිය → කොළඹ

* නව වන සහ දහවන දින | අප්‍රේල් 29-30: කොළඹ ගංගාරාම විහාරස්ථානයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනය

* එකලොස්වන දිනය | මැයි1: ඇමෙරිකාව බලා යළි පිටත්ව යෑම



වැඩිදුරටත් විස්තර :

'සැබෑ බුදු දහම' සොයා යන Walk for Peace පා ගමනට නායකත්වය දෙන පූජ්‍ය පඤ්ඤාකර හිමි යනු කවුද?

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...