The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

'කන්ටේනර් කමිටුවට' ජනපති බිමල් කැදවන යෝජනාව විසිවෙයි

T

The Leader Desk

April 22, 2026 • 4:04 PM

'කන්ටේනර් කමිටුවට' ජනපති බිමල් කැදවන යෝජනාව විසිවෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කරුණු සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (22) රැස්වූ අවස්ථාවේදී ඇතිවූ විවිධ වාද විවාද හේතුවෙන් එහි උණුසුම් තත්වයක් ඇතිවිය.
  • කන්ටේනර් පිට කිරීමට අදාල සිද්ධියේදී ඉහත පිරිසටද යම් වගකීමක් පැවරෙන හෙයින් ඔවුන්ගෙන් ඒ සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම ප්‍රශ්න කළ යුතු බවට විපක්ෂ මන්ත්‍රීවරුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
  • මෙලෙස බෙදීමක් හට ගැනීම හේතුවෙන් විපක්ෂයේ ඒ යෝජනාව සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට කමිටු සභාපතිවරයා අනතුරුව තීරණය කළේය.
  • ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී ඉහත පිරිස කැඳවීමට විරුද්ධව වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබිණ.
අකුරු ප්‍රමාණය (Font Size):

කරුණු සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (22)  රැස්වූ අවස්ථාවේදී ඇතිවූ විවිධ වාද විවාද හේතුවෙන් එහි උණුසුම් තත්වයක් ඇතිවිය.

ශ්‍රී ලංකා රේගුව අයත් වන මුදල් අමාත්‍යාංශය බාර අමාත්‍ය ධුරය දරන ජනාධිපතිවරයාද සිද්ධිය වන අවස්ථාවේදී වරාය අමාත්‍යවරයා ලෙස කටයුතු කටයුතු කළ  බිමල් රත්නායක ද වරාය නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු සහ වරාය අමාත්‍යාංශයේ ලේකම්වරයාද කාරක සභාව හමුවට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන්   කරුණු විමසිය යුතු බවට විපක්ෂයේ මන්ත්‍රීවරු මෙහිදී දිගින් දිගටම ඉල්ලීම් කළහ.

කන්ටේනර් පිට කිරීමට අදාල සිද්ධියේදී ඉහත පිරිසටද යම් වගකීමක් පැවරෙන හෙයින් ඔවුන්ගෙන් ඒ සම්බන්ධයෙන් අනිවාර්යෙන්ම ප්‍රශ්න කළ යුතු බවට විපක්ෂ මන්ත්‍රීවරුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් එම පිරිස කැඳවීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුවිරෝධය පළ කළහ.  මෙලෙස බෙදීමක් හට ගැනීම හේතුවෙන් විපක්ෂයේ ඒ යෝජනාව සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට කමිටු සභාපතිවරයා අනතුරුව තීරණය කළේය.

ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී ඉහත පිරිස කැඳවීමට විරුද්ධව වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබිණ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු කීවේ කමිටුව මේ ආකාරයට කටයුතු කිරීමෙන් පරීක්ෂණවලට බාධා වන බවයි.

ආනයනික කන්ටේනර් 323ක් රේගු පරීක්ෂාවෙන් තොරව නිශ්කාෂණය කළ බවට පළවන වාර්තා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඉකුත්දා පත් කෙරුණේ විපක්ෂයේ ඉල්ලීමකට අනුවය.

සිද්ධිය සම්බන්ධයෙන් කාරක සභාව රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ ඇතුළු ප්‍රධානීන් ඇතුළු පිරිසකගෙන්ද පසුගියදා ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනිණ.

( lankadeepa | සුජිත් හේවාජුලිගේ)

වැඩිදුරටත් විස්තර :

රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් 300ක් නිදහස් කිරීම ගැන ඇමති බිමල් රත්නායකට චෝදනා එල්ල වන්නේ ඇයි?


 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...