ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඉරාජ් පතිරාජ, ඉකුත් 2025-05-19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම තනතුරේ පූර්ණ කාලීනව වැඩබැලීම සඳහා පත්කිරීමට අනුමැතිය ලබාදී තිබුණි.
ඒ අනුව ඔහුව ස්ථිර පදනමින් ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරට පත් කිරීම සඳහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මෙලෙස අනුමත කර ඇත.




