The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

මුළු කැබිනෙට්ටුවම ගෙදර යා යුතුයි - මහාචාර්ය ජී.එල් පීරිස්

T

The Leader Desk

April 23, 2026 • 8:53 AM

මුළු කැබිනෙට්ටුවම ගෙදර යා යුතුයි - මහාචාර්ය ජී.එල් පීරිස්  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු එම කාරණය අවධාරණය කර සිටියේ, කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (23) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී ය.
  • බලශක්ති ඇමතිවරයා පමණක් ඉල්ලා අස්වීමෙන් පලක් නැති බව කී මහාචාර්ය පීරිස්, බලශක්ති ඇමති යනු අත කොලුවක් පමණක් බවද පැවසීය.
  • මේ ප්‍රෝඩාකාරී වංචාව පියවරෙන් පියවර ඉදිරියට ගෙනයාමට හැකිවූයේ සමස්ත රජයේම අනුග්‍රහයෙන් බව කී මහාචාර්යවරයා, සමස්ත රජයම මෙහි වගකීම සාමූහිකව බෙදා ගත යුතු බව සඳහන් කළේය.
  • ''ඇමතිවරයා බිල්ලට දීලා වගකීමෙන් නිදහස් වීමට කිසිසේත්ම රජයට පුළුවන්කමක් නැහැ'' ''පසුගිය අප්‍රේල් 10 වෙනිදා සම්පූර්ණ දවස තුළම පාර්ලිමේන්තුවේ දී විදුලිය බල ශක්ති ඇමති කුමාර ජයකොඩි මැතිතුමාට විරුද්ධව විශ්වාසභංග යෝජනා විවාදය පැවැත්වුණා.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු එම කාරණය අවධාරණය කර සිටියේ, කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ අද (23) පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේදී ය.

බලශක්ති ඇමතිවරයා පමණක් ඉල්ලා අස්වීමෙන් පලක් නැති බව කී මහාචාර්ය පීරිස්, බලශක්ති ඇමති යනු අත කොලුවක් පමණක් බවද පැවසීය.

මේ ප්‍රෝඩාකාරී වංචාව පියවරෙන් පියවර ඉදිරියට ගෙනයාමට හැකිවූයේ සමස්ත රජයේම අනුග්‍රහයෙන් බව කී මහාචාර්යවරයා, සමස්ත රජයම මෙහි වගකීම සාමූහිකව බෙදා ගත යුතු බව සඳහන් කළේය.

ඒ නිසා  මුළු කැබිනට් මණ්ඩලයම රටේ නීතියට, සම්ප්‍රදායට, ජනතාවට තියෙන බැඳීමට ගරු කර වහාම ඉල්ලා අස්විය යුතු යැයිද එය  නොකෙරනවා නම් ඊට එරෙහිව නීති පියවර ගැනීමට අනාගත ආණ්ඩුවක් පැහැදිලිව බැඳී සිටින්නේ යැයි ද ජී.එල්.පීරිස් කීය

මහාචාර්ය ජී. එල්. පීරිස් එහිදී තවදුරටත් මෙසේද පැවසිය.

''ඇමතිවරයා බිල්ලට දීලා වගකීමෙන් නිදහස් වීමට කිසිසේත්ම රජයට පුළුවන්කමක් නැහැ''

''පසුගිය අප්‍රේල් 10 වෙනිදා සම්පූර්ණ දවස තුළම පාර්ලිමේන්තුවේ දී විදුලිය බල ශක්ති ඇමති කුමාර ජයකොඩි මැතිතුමාට විරුද්ධව විශ්වාසභංග යෝජනා විවාදය පැවැත්වුණා. ඇමතිවරයා රැකගැනීම වෙනුවෙන් රජය කරන්න පුළුවන් සෑම දෙයක්ම කළා. අවස්ථා කිහිපයකදීම ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිත් ඇමතිවරයා සම්පූර්ණයෙන් නිර්දෝෂීයි, කිසිම වරදක් එතුමාගෙන් සිදුවුණේ නැහැයි කියන ස්ථාවරය බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා. ඒ වගේම ආණ්ඩුවේ මන්ත්‍රීවරු 153 දෙනෙක් ඒ කියන්නේ සමස්ථ ආණ්ඩුවම එක්කාසු වුණා මේ යෝජනාව පරාජයට පත් කරන්න. අංග සම්පූර්ණ සුදු හුණු ගෑමේ වැඩපිළිවෙලකට තමයි ඒ අය එදා ඉදිරිපත් වුණේ.

ඊට සතියකට පස්සේ සම්පූර්ණයෙන්ම මේ තත්ත්වය වෙනස් වුණා. ඇමතිවරයාට කිව්වා ඉල්ලා අස්වෙන්න කියලා. එතුමා සමඟ අමාත්‍යාංශ ලේකම්තුමාත් ඉල්ලා අස්වුණා. හැබැයි ඇමතිවරයා බිල්ලට දීලා වගකීමෙන් නිදහස් වීමට කිසිසේත්ම රජයට පුළුවන්කමක් නැහැ. මේක අතිශයින් ප්‍රෝඩාකාරී ක්‍රියාමාලාවක්. මෙයින් එකක්වත් තනියෙන් කිරීමට ඇමතිවරයාට පුළුවන්කමක් හෝ බලයක් තිබුණේ නැහැ. මේ සියල්ලටම සම්පූර්ණ රජයේ දායකත්වය තිබුණා.

''ඇමතිවරයාට හුදකලාව කිසිසේත් කරන්න පුළුවන් දේවල් නෙමෙයි''

ආණ්ඩුවේ සමස්ත සහභාගීත්වය නිසා තමයි මේ දැවැන්ත ප්‍රෝඩාව පියවරෙන් පියවර ඉදිරියට ගෙනයාමට පුළුවන් වුණේ. ඇමතිවරයාට හුදකලාව කිසිසේත් කරන්න පුළුවන් දේවල් නෙමෙයි.

අපි ගමු එකින් එක:

* මේ කොන්ත්‍රාත්තුව දීපු සමාගම ලියාපදිංචි වෙච්ච සමාගමක් නෙමෙයි. අතීතයේ ගල් අඟුරු සැපයීම සම්බන්ධයෙන් අත්දැකීම් තිබිච්ච සමාගමක් නෙමෙයි.
ඉතින් එවැනි සමාගමක් තෝරා බේරාගෙන මේසා විශාල කොන්ත්‍රාත්තුවක් ඒ සමාගමට දීමේ වගකීම හුදෙක් ඇමතිවරයාට පැවරීම කිසිසේත් සාධාරණ නැහැ. මුළු ආණ්ඩුවම එක්කාසු වෙලා අනුමැතිය දීලා ඒකාබද්ධ වැඩපිළිවෙලක් හැටියට තමයි මේ දේ සිදු කළේ.

* අනික ඉතාමත් වැදගත්, මේ ගිවිසුම අත්සන් කරන වෙලාවේ ඒකට කිසිම විදිහක අනුමැතියක් නීතිපතිවරයාගෙන් ලැබිලා තිබුණේ නැහැ. මේ රටේ ජනතාවගේ මුදල්වලට සෘජුව බලපාන මේ දැවැන්ත ගනුදෙනුවට රජය අවතීර්ණ වුණේ නීතිපතිවරයාගේ කිසිම අනුදැනුමක් හෝ අනුමැතියකින් තොරව.

ඒක ඇමතිවරයාට තනියෙන් කරන්න පුළුවන් ද? මේ සඳහා සම්පූර්ණ රජයේ අනුග්‍රහය ඇමතිවරයාට තිබුණා. ඒ ශක්තිය ලබාගෙන තමයි ඇමතිවරයා ඒ ක්‍රියාව කළේ.

* ඒ විතරක් නෙවෙයි, ප්‍රමිති පරීක්ෂණය. ඒක සම්පූර්ණයෙන්ම තාක්ෂණික වැඩක්. ඒ සඳහා රසායනාගාරයක් තියෙනවා. නමුත් මේ තෝරාගත්ත රසායනාගාරයට ඒ සම්බන්ධයෙන් කිසිම සුදුසුකමක් තිබුණේ නැහැ. ඒ රසායනාගාරයෙන් ලබාදුන්නේ කිසිම සත පහකට වැඩක් නැති සහතිකයක්. එහෙනම් දැන් ඒ වැඩපිළිවෙළ සුදුසුයි කියලා ඒක අනුමත කරලා, ඒකේ වගකීම සම්පූර්ණයෙන් ඇමතිවරයාට පවරන්න පුළුවන්ද? ඇමතිවරයා නෙවෙයි, මෙහි වගකීම සම්පූර්ණ ආණ්ඩුවම, රජයම සාමූහිකව දැරිය යුතුයි.
 
 
මෙතැන තියෙන්නේ එක නැවක් නෙවෙයි, නැව් දොළහක් තිබෙනවා. ඒ නැව් දොළහෙන්ම අපේ රටට ගෙනාපු ගල්අඟුරුවල ගුණාත්මකභාවය අඩුයි. තිබුණු ගිවිසුම අනුව රජයට පූර්ණ අයිතිය තිබුණා ඒවා ප්‍රතික්ෂේප කරන්න. මේ පොරොන්දු වෙච්ච ගුණාත්මකභාවයෙන් යුක්ත ගල්අඟුරු නෙවෙයි එවලා තියෙන්නේ කියලා. නමුත් ආණ්ඩුව ගිවිසුමට පටහැනි, ගිවිසුමේ වගන්ති අමු අමුවේ උල්ලංඝනය කරලා තියෙනවා. ගල් අඟුරු ප්‍රතික්ෂේප කිරීමේ පූර්ණ අයිතිය තිබුණත් ආණ්ඩුව චේතාන්විතව එය කරේ නැහැ.
 
 
මෙය සම්පූර්ණයෙන් ඇමතිවරයාගේ වගකීම් ක්ෂේත්‍රය තුළ පිහිටලා තිබෙන දෙයක්ද? කොහෙත්ම නෙවෙයි. මේ සම්පූර්ණ ක්‍රියාමාලාව සමස්තයක් හැටියට ගත්තාම, මේකට ඇමතිවරයාට පමණක් වගකීම පවරලා, රජයේ අන් සියලු දෙනා සුදනෝ වෙලා අත හෝදගන්න පුළුවන්ද?

ඇමතිවරයා අතකොළුවක් පමණයි...

* ඇත්ත වශයෙන්ම මෙය විග්‍රහ කරාම මොකක්ද සිදුවෙලා තිබෙන්නේ? ඇමතිවරයා අතකොළුවක් පමණයි. ඇමතිවරයා තමන්ගේ පොදු වගකීම අනුව මේ තීරණ අරන්, මේ මහා දැවැන්ත ප්‍රෝඩාවට එකතු වෙලා තිබෙනවා. මේ වංචාව මහ බැංකු බැඳුම්කර වංචාවක් සිදුවුණා යැයි කියන ප්‍රමාණයට වඩා තුන්ගුණයකට වැඩියි. ඒ විදිය මහා වංචාවක් කිරීමට චේතනාන්විතව ලොකු සැලසුමක් හදලා මේකට ඉදිරිපත් වුණේ ඇමතිවරයා පමණක් නෙවෙයි, ඇමතිවරයා අතකොළුවක් පමණයි. සමස්ථ රජයම මෙහි වගකීම බාරගත යුතුයි.

ඇමතිවරයාට සම්පූර්ණ වගකීම භාර දීලා අනිත් අය වගකීමෙන් මිදීමට කිසිසේත් පුළුවන්කමක් නැහැ. මේකේ වගකීම සමස්ථ කැබිනට් මණ්ඩලය සතුයි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ගැබ්වෙලා තිබෙන මූලික සංකල්පයක් තමයි කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම. ඒ විතරක් නෙවෙයි, ශ්‍රේෂ්ඨාධිකරණයේ බලාත්මක නඩු තීන්දුවක් තියෙනවා. ඒ නඩු තීන්දුවේ පදනම තමයි මහජන විශ්වාසය.
 
 
රජයකට පැවරිලා තිබෙන සියලුම බලතල පාවිච්චි කරන්න ඕනේ මහජන සුභසිද්ධිය වෙනුවෙන්. එතකොට ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය මූලික සාධකයක් හැටියට සලකපු ඒ සමස්ත වගකීම අමු අමුවේ මේ ආණ්ඩුව උල්ලංඝනය කරලා තියෙනවා.
 
 
එබැවින් අපි ඉතාමත් පැහැදිලිව කියනවා ඇමතිවරයා අස්වීමෙන් මේ ප්‍රශ්නය කිසිසේත් විසඳෙන්නේ නැහැ. එය නෙවෙයි මෙහි අවසානය. කොහෙත්ම මේක අවසාන වෙලා නැහැ. අවසාන වන්නේ සම්පූර්ණ කැබිනට් මණ්ඩලය මෙහි වගකීම බාර අරගෙන ඉල්ලා අස් වුනාමයි.

* ශ්‍රී ලංකාවේ නීතිය හා සම්ප්‍රදාය අනුව ඒක අනිවාර්යයෙන් සිදුවිය යුතුයි. එම නිසා අපි බල කරනවා මුළු කැබිනට් මණ්ඩලයටම මේ මහා දැවැන්ත ප්‍රෝඩාවේ වගකීම ගන්න කියලා. දැන් ඇමතිවරයා වගකීම බාර අරන් තියෙනවා. ඒකනේ අස් වුනේ. ඇමතිවරයෙකු අස් වෙනවා කියන්නෙ සුළු පටු දෙයක් නොවේ. මේ රජය පත් වූ දා සිට මේ ප්‍රථම වතාවට තමයි ඇමතිවරයෙකු ඉල්ලා අස්වෙන්නෙ.

''ඇමතිවරයා විතරක් නොවේ වරද කළේ සමස්ත ආණ්ඩුවමයි''


ඒකෙන් සංඛේතවත් වෙන්නෙ වරදක් කළා, වරද පිළිගත්තා කියලා, එහෙම නැත්තම් අස්වෙන්නෙ නැහැ. හැබැයි ඇමතිවරයා විතරක් නොවේ වරද කළේ සමස්ත ආණ්ඩුවමයි, සමස්ත කැබිනට් මණ්ඩලයමයි. ඒ නිසා අපි බල කරනවා මුළු කැබිනට් මණ්ඩලයටම මේ රටේ නිතියට, සම්ප්‍රදායට, ජනතාවට තියෙන බැඳීමට සහ ඒ සියල්ලටම ගරු කරලා වහාම ඉල්ලා අස්වෙන්න කියලා. ඒක කළ යුතුයි. ඒක නොකෙරනවා නම් අනාගත ආණ්ඩුවක් පැහැදිළිව බැඳී සිටිනවා මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න. 
වගවීම සමස්ත ආණ්ඩුවට පවරලා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ, ප්‍රවෘත්ති පත්තරවල විතරක් නොවේ උසාවියේ අධිකරණ හමුවේ ඒ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගන්න, මේ ජනතාවට සිදුවුණු මහා විශාල පාඩුව පියවගන්න, ඒ අදාළ පුද්ගලයන්ගෙන් වන්දි ලබා ගන්න, ඒ වැඩපිළිවෙල ජනතාව වෙනුවෙන් ඉදිරියට ගෙනියන්න අනාගත ආණ්ඩුවක් බැඳී සිටින බව අපි බොහොම පැහැදිළිව ප්‍රකාශ කරනවා."

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...