The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

'අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට, නැටවෙන ආණ්ඩුවට එරෙහි වැඩකරන ජනතා බලයක් - පෙරටුගාමී මැයි රැලිය හයිඩ් පිටියේදී

T

The Leader Desk

April 23, 2026 • 9:19 AM

'අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට, නැටවෙන ආණ්ඩුවට එරෙහි වැඩකරන ජනතා බලයක් - පෙරටුගාමී මැයි රැලිය හයිඩ් පිටියේදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් සේනාධීර ගුණතිලක, බහුජන ලේකම් දුමින්ද නාගමුව සහ මධ්‍යම කාරක සභික හේමමාලි අබේරත්න සහභාගී වූ එම මාධ්‍ය හමුවේදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පහත අදහස් දැක්වීය.
  • මේ බලපොරය ලෝකයම වෙලාගත් යුද්ධයක් බවට පත්වී විශාල විනාශයක් බවට පත්විය හැකියි.
  • හිරෝශීමා - නාගසාකි නගර දෙකට පරමාණු බෝම්බ හෙලු දවසේ සිට පවත්වාගෙන යන මෙම දර්ශකයේ මහා විනාශයක අවදානම වැඩිම සහ සාමූහික වඳවී යාමකට අප ආසන්නම වසර ලෙස 2026 වසර දක්වා තිබෙනවා.
  • නිදසුනක් ලෙස යුද්ධයකදී පවා අප ආරක්ෂා කිරීමට බැඳී සිටි ඇතැම් සීමාවන් තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සංවිධායක ලේකම් සේනාධීර ගුණතිලක, බහුජන ලේකම් දුමින්ද නාගමුව සහ මධ්‍යම කාරක සභික හේමමාලි අබේරත්න සහභාගී වූ එම මාධ්‍ය හමුවේදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පහත අදහස් දැක්වීය.

"මැයි පළමුවැනිදා ජාත්‍යන්තර කම්කරු දිනයේදී අපි "අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට, නැටවෙන ආණ්ඩුවට එරෙහි වැඩකරන ජනතා බලයක්"  තේමාවෙන් පවත්වන පෙළපාලිය මරදාන, මාලිගාකන්ද, වයිට් පිටියෙන් ආරම්භ වෙනවා. 

 
රැලිය සවස 3.00ට කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වෙනවා. 
 
එහිදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිති, ගොවි සංවිධාන, ධීවර සමිති, ශිෂ්‍ය සංගම්, කාන්තා සංවිධාන, තරුණ සංගම් ගණනාවක් සම්බන්ධ වෙනවා.
 
 ජාත්‍යන්තර කම්කරු දිනය පවත්වන මේ මොහොත ජාත්‍යන්තර වශයෙන් ගත්තත්, දේශීය වශයෙන් ගත්තත් ඉතාම තීරණාත්මක මොහොතක්. අධිරාජ්‍යවාදී බල වියරුව විසින් ලෝකය විනාශය කරා ගෙනයමින් තිබෙනවා. මේ බලපොරය ලෝකයම වෙලාගත් යුද්ධයක් බවට පත්වී විශාල විනාශයක් බවට පත්විය හැකියි.

ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පිහිටි ලෝක පරමාණුක විද්‍යාඥයන්ගේ සංසදය න්‍යෂ්ටික ව්‍යසනයක් මගින් ලෝකයේ මහා සංහාරයක් සිදුවීමේ අවදානම ගණන් බලන ඔරලෝසුවක් පවත්වාගෙන යනවා. 1945 හිරෝශීමා - නාගසාකි නගර දෙකට පරමාණු බෝම්බ හෙලු දවසේ සිට පවත්වාගෙන යන මෙම දර්ශකයේ මහා විනාශයක අවදානම වැඩිම සහ සාමූහික වඳවී යාමකට අප ආසන්නම වසර ලෙස 2026 වසර දක්වා තිබෙනවා. අධිරාජ්‍යවාදයේ වියරු බල පොරය ලෝකය විනාශය කරා කැඳවාගෙන යමින් තිබෙනවා. එය ජීවිත පමණක් නොව ශිෂ්ඨාචාරය විනාශ කරනවා. යුක්රේනයෙන් සහ පලස්තීනයේ ගාසා තීරයෙන් ආරම්භ වී අප අත්දුටු ඒ අත්දැකීම අද වෙනිසියුලාව, ඉරානය හරහා කියුබාව වෙතත් දිගුවී තිබෙනවා.

නිදසුනක් ලෙස යුද්ධයකදී පවා අප ආරක්ෂා කිරීමට බැඳී සිටි ඇතැම් සීමාවන් තිබෙනවා. මේ අධිරාජ්‍යවාදී යුද්ධය ඒ සියල්ල විනාශ කරමින් ම්ලේච්ඡත්වය කරා අප ගෙන යනවා. පලස්තීනයේ ගාසා තීරයේ 75,000ක් මරා දමන විට එයින් 30,000ක් පමණ වයස අවුරුදු 12ට වඩා අඩු කුඩා දරුවන්. සිතාමතා සැලසුම්සහගතව කුඩා ළමුන් මරා දමමින් වාර්ගිකශුද්ධයක ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය නිරත වෙන්නේ. ඉරානයට එරෙහි යුද්ධයේ පළමු දවසේම ප්‍රාථමික බාලිකා පාසලකට මිසයිල් ප්‍රහාර එල්ල කර කුඩා දැරියන් 168 දෙනෙකු ඝාතනය කළා. එය අත්වැරදීමක් නෙවෙයි, සැලසුම්සහගතව කළ ප්‍රහාරයක් කියලා පසුව අනාවරණය වුනා. මේ අධිරාජ්‍යවාදී යුද්ධය මනුෂ්‍ය ජීවිත පමණක් නොව මනුෂ්‍ය ශිෂ්ඨාචාරයේ වටිනාකම් උදුරා ගන්නවා.

වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව ආර්ථික -දේශපාලන - ජාත්‍යන්තර සබඳතා - මිලිටරිමය ආදී කුමන ක්ෂේත්‍රයක ගත්තත් මේ අධිරාජ්‍යවාදී බල පොරයේ එක කඳවුරක රූකඩයක් වෙමින් යන්නේ. ගාසා තීරයේ අමානුෂික ආක්‍රමණ ඉදිරියේ ආණ්ඩුව ගත්තේ ඊශ්‍රායලයේ පැත්ත. අවම වශයෙන් ඊශ්‍රායල හමුදා සාමාජිකයන්, සියොන්වාදී අපරාධකරුවන් ලංකාවට පැමිණ රැකවරණය ලබා ගැනීමේ සහ නිදැල්ලේ හැසිරීමේ තත්වයවත් ආණ්ඩුව වෙනස් කරන්නේ නෑ. ජාත්‍යන්තර වශයෙන් යුද අපරාධකරුවෙකු ලෙස නම් කර තිබෙන සියොන්වාදී සොල්දාදුවෙකු ලංකාවේ රැකවරණය ලබන බව ගිය සතියෙත් වාර්තා වී තිබෙනවා.

ආර්ථික වශයෙන් මූල්‍ය අරමුදල සමග එකතුවෙලා ආණ්ඩුව යන්නේ ඒ පාරෙමයි. මැතිවරණයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයත් සම්බන්ධ ජන අරගල සන්ධානය පැවසුවේ අයි එම් එෆ් වැඩසටහනෙන් ඉවත් වෙන්න කියලා. නමුත් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය වුණේ මූල්‍ය අරමුදල සමග කතා කරලා ජනතාවට අහිතකර කොන්දේසි ඉවත් කරගෙන වැඩසටහන සංශෝධනය කිරීම. ජනවරම ලැබුනේ අපේ ප්‍රතිපත්තියට නෙවෙයි, ආණ්ඩුවේ ප්‍රතිපත්තියට. ඒ ගොල්ලෝ ඒක කඩකලා. පසුගිය කාලයේ ලෝකයේ ඇතිවූ යුදමය අර්බුදයත් සමග බොහෝ රටවල් අයි එම් එෆ් වැඩසටහන් සංශෝධනය කළා. ලංකාව ඒ ගැන කතා කළේවත් නෑ. ආජන්ටිනාව නියඟයක් ආවා කියලා වැඩසටහන සංශෝධනය කරන්න අයි එම් එෆ් එකෙන් ඉල්ලුවා. ලංකාවට දිට්වා සුළි කුනාටුව ඇවිත් විශාල විනාශයක් වුනාට පස්සෙවත් ලංකාවේ ආණ්ඩුව ඒක කලේ නෑ.

මේ සියල්ලෙන් පෙනී යන්නේ ආණ්ඩුව අධිරාජ්‍යවාදී පදයට නටන බව. මේ ගෝලීය ප්‍රතිවිරෝධයෙදී ලංකාව එක කඳවුරකට හේත්තු කරන එක තමයි ආණ්ඩුව කරන්නේ. යුදමය වශයෙනුත් ලංකාව උගුලක පැටලෙනවා. ආණ්ඩුව 2025 අප්‍රේල් 5 ඉන්දියාව සමග, සැප්තැම්බර් 27 ජපානය සමග, නොවැම්බර් 14 ඇමරිකා එක්සත් ජනපදය සමග ආරක්ෂක සහයෝගිතා ගිවිසුම් අත්සන් කළා. ඒ ගිවිසුම් ජනතාවට පෙන්වලා නෑ. පාර්ලිමෙන්තුවවත් දන්නේ නෑ. ඒ වගේම අපේ කලාපයේ යුද සන්ධානයක් තියෙනවා කවද් කියලා. ඒ යුද සන්ධානයේ ඉන්නේ ඇමරිකා එක්සත් ජනපදය, ජපානය, ඉන්දියාව සහ ඔස්ට්‍රලියාව. මේ යුද සන්ධානයේ ඔස්ට්‍රේලියාව හැර ඉතිරි රටවල් තුනත් එක්කම ආරක්ෂක ගිවිසුම් අත්සන් කරලා ලංකාව යුද සන්ධානයේ නූල් රූකඩයක් කරලා තියෙන්නේ ආණ්ඩුව.

ගෝලීය පරිමාණයෙන් හිතුවොත් මේ විනාශය වළක්වන්නේ කොහොමද? අධිරාජ්‍යවාදී යුද ගැටුමේ එක පාර්ශවයකට ජයග්‍රහණ අරන් දීලා මේ අර්බුදය නිමා වෙන්නේ නෑ. කරන්න වෙන්නේ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි ලෝක පරිමාන වැඩකරන පන්තියේ බලයක් ගොඩ නැගීම. අද ඇමරිකාවේ වැඩකරන ජනතාව වීදි පුරා ලක්ෂ ගණනින් පෙළපාලි යමින් ඒ බලයට එක වෙනවා. අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වය පැරදවිය හැක්කේ වැඩකරන ජනතා බලයකින් පමණයි.

 ජාතික වශයෙන් ගත්තොත් පාර්ලිමේන්තුව ඇතුලේ හෝ ආණ්ඩු හැදීමෙන් පෙරලීමෙන් මේ ප්‍රශ්නය විසඳන්න බෑ. ඉතිහාසයක් තිස්සේ දිනාගත් කම්කරු අයිතිවාසිකම් උදුරා ගන්නා තනි කම්කරු නීතිය, ආයෝජන ආරක්ෂණ පනත වගේ නීති එද්දී ආණ්ඩුවයි විපක්ෂයයි දෙකම එකඟයි. රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරද්දී, ගොවියාගේ ඉඩම උදුරා ගන්න සහ සුළු ගොවියාට ඇති රාජ්‍ය රැකවරණය ඉවත් කරන්න නීති එනවිට දෙගොල්ලොම එකඟයි. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නැති කරන පනත් ගෙනෙද්දී විපක්ෂය නිහඬයි.

ජනතාවට අධිකරණයට යන්න තිබෙන අවකාශය පවා හකුළුවමින් අප්‍රේල් 9 වැනිදා අධිකරණ නිවාඩුව ආසන්නයේ පාර්ලිමේන්තුවේ පනත් කෙටුම්පත් තුනක් සභාගත කළා. නඩු පවරන්න තිබෙන සති දෙක අදින් අවසන් වෙනවා. ඒ අතර අධිකරණය නිවාඩු. ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළක්වීමේ සම්මුති පනත වගේ ඒවා අතිශය ප්‍රජාතන්ත්‍ර විරෝධීයි. මේවා හොරෙන්ම පාර්ලිමේන්තුවට එනවිට පාර්ලිමේන්තු විපක්ෂය මොකක්ද කරන්නේ. විරුද්ධ වෙන්නේ නෑ විතරක් නෙවෙයි ඒ ගැන ජනතාවට කියන්නේවත් නෑ.

 මේ සියල්ල පරාජය කළ හැක්කේ වැඩකරන ජනතාවගේ නායකත්වයෙන් පුළුල් ජනතා කොටස් සංවිධානාත්මක බලයක් ගොඩනැගුවොත් පමණයි. මෙවර ජාත්‍යන්තර කම්කරු දිනයේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වැඩපිළිවෙල වෙන්නේ ඒ සඳහා ආරම්භයක් ගැනීම. වැඩකරන ජනතා බලයක් සඳහා කැපවන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කම්කරු දින රැලියට සහ පෙළපාලියට එක්වෙන්න කියලා අපි සියල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා."

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයට, නැටවෙන ආණ්ඩුවට එරෙහි වැඩකරන ජනතා බලයක් - පෙරටුගාමී මැයි රැලිය හයිඩ් පිටියේදී | The Leader