මෙම වංචනිකයන් ගුවන් සමාගමේ සේවාවක් බව අඟවමින් පුද්ගලයින් වෙත සම්බන්ධ වෙමින්, ව්‍යාජ වෙබ් අඩවි හරහා ‘SriLankan.apk’ නැමැති ව්‍යාජ ජංගම දුරකථන යෙදුමක් (Trojan App) ස්ථාපනය කරගැනීමට සලස්වයි.
මෙම යෙදුම දුරකථනයට ඇතුළත් කරගත් වහාම එහි දුරස්ථ පාලනය (remote access) වංචනිකයින් සතු වන අතර, ඒ හරහා දුරකථනයේ ඇති අතිශය සංවේදී පෞද්ගලික දත්ත ඔවුන්ගේ ග්‍රහණයට නතු වේ.
මෙලෙස දුරකථනයේ පාලනය නතු කරගන්නා සයිබර් අපරාධකරුවන්, ව්‍යාජ ගනුදෙනුවක් සිදු කිරීමට සලස්වා ගනුදෙනුකරුවන්ගේ OTP අංක, බැංකු ගිණුම් තොරතුරු සහ සත්‍යාපන දත්ත ඉතා සූක්ෂමව සොරා ගනිමින් වෙනත් ගිණුම් වෙත මුදල් බැර කරගන්නා බව පොලීසිය අනාවරණය කරයි.
මෙම වංචාව සඳහා,
* 077 45 58 361,
* 011 77 71 979,
* 074 11 42 208,
* 077 57 91 209 සහ
* 074 32 68 200 යන දුරකථන අංක භාවිත කරන බවට මේ වනවිට නිරීක්ෂණය වී ඇත.
ක්ෂණික මූල්‍ය වාසි අපේක්ෂාවෙන් මෙවැනි නාඳුනන සබැඳි (Links) වෙත පිවිසීමෙන් හෝ යෙදුම් බාගත කිරීමෙන් වළකින ලෙසත්, මෙම සංවිධානාත්මක ජාලයන්ට හසු නොවන ලෙසත් පොලීසිය ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
| lankalokaya




