The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

මුදල් අමාත්‍යාංශ ලේකම් වහා ඉල්ලා අස්විය යුතුයි ! - ෆී ලෝයර්ස්

T

The Leader Desk

April 23, 2026 • 12:07 PM

මුදල් අමාත්‍යාංශ ලේකම් වහා ඉල්ලා අස්විය යුතුයි ! - ෆී ලෝයර්ස්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ' ෆී ලෝයර්ස්’ එබව සඳහන් කර ඇත්තේ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමිනි.
  • මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා රටත් ජාතියත් සියළු පාර්ශයන් ද රැවටීමට ලක් කර ඇතැයි ද එම සංවිධානය පවසයි.
  • මේ බව අද පුවත්පත් සාකච්ඡාවේ දී ද, ඔහු විසින් වසන් කරන ලදී.
  • තව ද, ලේකම්වරයා අප විසින් මෙය අනාවරණය කරන තෙක්, මාස 7 ක් පුරා, අවම වශයෙන් මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩලයට, පාර්ලිමේන්තුවට හෝ වෙනත් කිසිදු වගකිවයුතු පාර්ශවයක් වෙත දැනුම්දීමට පියවර ගෙන නැත.
අකුරු ප්‍රමාණය (Font Size):


' ෆී ලෝයර්ස්’ එබව සඳහන් කර ඇත්තේ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමිනි.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා රටත් ජාතියත් සියළු පාර්ශයන් ද රැවටීමට ලක් කර ඇතැයි ද එම සංවිධානය පවසයි.

එම නිවේදනය මතු පළවේ.

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා විසින් අද දින පැවැත්වූ පුවත්පත් සාකච්ඡාව කෙරෙහි අප සංවිධානයේ අවධානය යොමු විය.  2025 සැප්තෑම්බර් මස මුදල් අමාත්‍යාංශයේ පරිගණක සර්වරයේ ‘රූට් ඇස්කස්’ (Root Access) ලබාගැනීමට යම් පුද්ග‍ලයෙකු සමත්වී තිබුණි.  අමාත්‍යාංශ ලේකම්වරයා එම තොරතුර දැන සිටි නමුත්, ඒ පිළිබඳ කිසිදු විධිමත් ආරක්ෂක පියවරක් ගනු නොලැබීය.  මේ බව අද පුවත්පත් සාකච්ඡාවේ දී ද, ඔහු විසින් වසන් කරන ලදී.  එමගින් ඔහු රටත් ජාතියත් සියළු පාර්ශයන් ද රැවටීමට ලක් කරනු ලැබීය.

 තව ද, ලේකම්වරයා අප විසින් මෙය අනාවරණය කරන තෙක්, මාස 7 ක් පුරා, අවම වශයෙන් මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩලයට, පාර්ලිමේන්තුවට හෝ වෙනත් කිසිදු වගකිවයුතු පාර්ශවයක් වෙත දැනුම්දීමට පියවර ගෙන නැත. මෙය පැහැදිලි ලෙස ‘වගකීම් පැහැර හැරීමේ අපරාධයකි’.

 මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මෙම සිද්ධිය හුදු ‘සයිබර් ප්‍රහාරයකට’ ලඝු කිරීමට උත්සහ දරමින් ඇත.  මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ගේ ලිඛිත අනුමැතිය සහිතව මෙම ගෙවීමේ සියළු කටයුතු සිදුව ඇත.  විදේශ සම්පත් දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය ණය කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඉහළ සිට පහලට සෑම මට්ටමකම නිලධාරීන් 16 කට ආසන්න පිරිසකගේ දායකත්වය මෙයට ලැබී ඇත. එබැවින් මෙම ඔවුන් පවසන පරිදි සයිබර් ප්‍රහාරයක් නොවන බවත් මෙය මුල්‍ය අපරාධයක් බව අපගේ විශ්වසයයි.

 ලංකා භාණ්ඩාගාරයට ඩොලර් මිලියන 2.5 ක් අහිමිවීට හේතුව මුදල් අමාත්‍යාංශයේ හා භාණ්ඩාගාරයේ කටයුතු සම්බන්ධයෙන් කිසිදු අත්දැකීමක් හෝ පළපුරුද්දක් නොමැති හර්ෂ සුරියප්පෙරුම ලේකම්වරයා ලෙස කටයුතු කිරීමය. ඔහු මෙම තනතුරට පත්වීමට පෙර ජාතික ජන බලවේගයේ පාර්ලමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වී මුදල් නියෝජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කිරීමයි. ඒ හැර මෙම තනතුර දැරීමට ඔහුට කිසිදු සුදුසුකමක් නැත. ඉතිහාසයේ කිසිදු අවස්ථාවක භාණ්ඩාගාර ලේකම්වරයා ලෙස අවම වශයෙන් ප්‍රාදේශීය ලේකම්, සහකාර ලේකම්, දෙපාර්තමේන්තු ප්‍රධානී, අතිරේක ලේකම් වැනි වගකීමක් දරනු නොලැබූ සහ රාජ්‍ය සේවයේ පරිපාලන අත්දැකීම් නොමැති ආධුනිකයෙකු පත් වී නැත.

 ඔස්ට්‍ර්ලියානු ගෙවීම සම්බන්ධයෙන් සියළු මුලික අනුමැතීන් ලබාදුන් මුදල් අමාත්‍යාං‍ශ ලේකම්වරයා මෙම තනතුරේ තබාගනිමින් සිදු කරන කිසිදු විමර්ශනයකින් සාධාරණයක් ඉටුවිය නොහැකිය. එබැවින් මෙම වංචාව සම්බන්ධයෙන් පළමු අනුමැතිය ලබාදුන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂ සුරියප්පෙරුම මහතා එම ධූරයෙන් ඉවත් විය යුතුය. ඔහු ඉවත් නොවන්නේ නම්, අමාත්‍යාංශ ලේකම්වරයෙකු පත් කිරීමේ බලය සහිත අතිගරු ජනාධිපතිතුමන් විසින් ඔහු එම ධූරයෙන් ඉවත් කර, පරිපාලන අත්දැකීම් සහිත වගකීම් දැරිය හැකි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු එම තනතුරට පත් කළ යුතු බව ‘‍ෆී ලෝයර්ස්’ සංවිධානය අවධාරණය කරයි.

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න
නීතිඥ අතුල ද සිල්වා  


ri78or7ro78

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...