The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

පොත් තහනමට එරෙහිව දෙමළ ලේඛකයෙක් මානව හිමිකම් කොමිසමට යයි

T

The Leader Desk

April 23, 2026 • 3:41 PM

පොත් තහනමට එරෙහිව දෙමළ ලේඛකයෙක් මානව හිමිකම් කොමිසමට යයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ සඳහා මැදිහත් වන ලෙස ප්‍රමුඛ පෙළේ දෙමළ ලේඛකයකු ශ්‍රී ලංකාවේ නිල මානව හිමිකම් නිරීක්ෂණ ආයතනයෙන් ඉල්ලා තිබේ.
  • යුද්ධයෙන් පීඩාවට පත් වන්නි ප්‍රදේශයේ සිටින එම ලේඛකයාගේ දෙමළ කෘති හතරක පිටපත් 300කට අධික ප්‍රමාණයක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මසකට වැඩි කාලයක් කොළඹ වරායේ රඳවා තබා ගෙන තිබුණි.
  • තම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය කිරීමට එරෙහිව ලේඛක ප්‍රදීපන් දීපචෙල්වන් අඟහරුවාදා (21) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) වෙත පැමිණිල්ලක් ගොනු කළේය.
  • බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ කලා මණ්ඩලය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශය මත ‘எழுத்தால் நான் யுத்தம் செய்கிறேன்’ (අකුරෙන් මම යුද වදිමි) සහ ‘இப்போதும் இங்கே இரண்டு தேசங்கள்தான்’ (තවමත් මෙහි රටවල් දෙකකි) යන කෘති දෙක රාජසන්තක කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ සඳහා මැදිහත් වන ලෙස ප්‍රමුඛ පෙළේ දෙමළ ලේඛකයකු ශ්‍රී ලංකාවේ නිල මානව හිමිකම් නිරීක්ෂණ ආයතනයෙන් ඉල්ලා තිබේ.

යුද්ධයෙන් පීඩාවට පත් වන්නි ප්‍රදේශයේ සිටින එම ලේඛකයාගේ දෙමළ කෘති හතරක පිටපත් 300කට අධික ප්‍රමාණයක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මසකට වැඩි කාලයක් කොළඹ වරායේ රඳවා තබා ගෙන තිබුණි.

තම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය කිරීමට එරෙහිව ලේඛක ප්‍රදීපන් දීපචෙල්වන් අඟහරුවාදා (21) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) වෙත පැමිණිල්ලක් ගොනු කළේය.


බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ කලා මණ්ඩලය සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නිර්දේශය මත ‘எழுத்தால் நான் யுத்தம் செய்கிறேன்’ (අකුරෙන්  මම යුද වදිමි) සහ ‘இப்போதும் இங்கே இரண்டு தேசங்கள்தான்’ (තවමත් මෙහි රටවල් දෙකකි) යන කෘති දෙක රාජසන්තක කර ඇත. අනෙක් කෘති දෙක මුදා හැර තිබේ.


මසකට වැඩි පීඩාකාරී කාලයකින් පසු නිදහස් කිරීමට අවසර ලැබුණු කෘති දෙක වන්නේ ‘பயங்கரவாதி’ (ත්‍රස්තවාදියා) සහ සයනයිඩ් ය. අත්අඩංගුවට ගත් පොත්වල “දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තිය සමඟ කියවිය යුතු රේගු ආඥාපනතේ (235 වැනි පරිච්ඡේදය) ‘ආ’ උපලේඛනය  යටතේ දඬුවම් ලැබිය හැකි ක්‍රියාවන්ට මග පෑදිය හැකි කරුණු ඇතුළත් බව සොයාගෙන ඇති බැවින් ඒවා නිදහස් කළ නොහැකි” යැයි රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ සඳුදා දිනයේදී ආනයනකරු වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තියට අනුව, ශ්‍රී ලංකාවේ ජනතාව අතර ‘අසමගිය ඇති කිරීම හෝ ඇති කිරීමට තැත් කිරීම’ වසර දෙකක සිරදඬුවම් නියම කළ හැකි වරදකි. ශ්‍රී ලංකාවේ රේගු නීතිය ගොඩනැගී ඇත්තේ රේගු ආඥාපනත (235 වැනි පරිච්ඡේදය) මත ය.

රඳවා ගත් එක් කෘතියක ලේඛක දීපචෙල්වන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන කිහිපයකට ලබා දුන් සම්මුඛ සාකච්ඡා ඇතුළත් වේ. අනෙක් කෘතිය ‘ද හින්දු’ සහ ‘විකටන්’ ඇතුළු ප්‍රමුඛ පෙළේ ඉන්දීය පුවත්පත්වල පළ වූ ඔහුගේ ලිපි එකතුවකි. ඒවා මුද්‍රිතව හෝ අන්තර්ජාලය හරහා ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකාවේ ආරක්ෂක බලධාරීන් හෝ සංස්කෘතික නියාමකයින් මින් පෙර කිසිදු විරෝධයක් දක්වා නොතිබුණි.

ප්‍රබන්ධ කෘති නිදහස් කළ යුතු වුවද, මතවාද සහ තොරතුරු අඩංගු ප්‍රකාශන පරීක්ෂාවට ලක් කළ යුතු බව ශ්‍රී ලංකා ජාතික කලා මණ්ඩලයේ නිලධාරීහු ප්‍රකාශ කරති.

මූලික තහනමෙන් පසුව රාජ්‍ය රූපවාහිනි නාළිකාවක අදහස් දක්වමින්, ජාතික කලා මණ්ඩලයේ ප්‍රධානී කීර්ති වැලිසරගේ සහ විධායක කමිටු සාමාජික ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන කියා සිටියේ, අත්අඩංගුවට ගත් කෘතිවල ‘වෙහෙස වී දිනාගත් සංහිඳියාවට’ හානි කරන ව්‍යාජ දත්ත සහ බෙදුම්වාදී මතවාද ඇතුළත් බවයි. මෙම සිංහල ලේඛකයන් දෙදෙනාම දෙමළ භාෂාවෙන් ලේඛනයේ හෝ භාෂණයේ යෙදෙන බවක් දැනගන්නට නැත. මෙම තහනමට විරෝධය පළ කරමින් කිවිඳියක සහ සිවිල් ක්‍රියාකාරිනියක වන කල්පනා මාලතී ඇම්බ්‍රෝස් කමිටුවෙන් ඉල්ලා අස්වූවාය.


දෙමළ භාෂාව කියවීමට නොහැකි බව පිළිගන්නා බලධාරීන් සහ සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රඛලයන් දීපචෙල්වන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්විය. ‘සංහිඳියාවක්’ ආරක්ෂා කිරීමේ මුවාවෙන් මර්දනය දිගටම කරගෙන යාම සඳහා ඔවුන් කුමන්ත්‍රණය කරන බව ඔහු ප්‍රකාශ කළේය


“දෙමළ ලේඛකයෙක් ලිව්වොත්, දෙමළ බාසාවෙන් පොතක් තිබුනොත්, ඒක රටේ සංහිදියාවට බාධාවක්, සමගියට හානියක් කියලා බලන දෘෂ්ටිය තමයි ජාතිවාදී වෙන්නේ, වෙනස්කොට සැලකීමක් වෙන්නේ. මේක තමයි ශ්‍රී ලංකාවේ දිගින් දිගටම පවත්වාගෙන යන මර්දනකාරී වෙනස්කම් පෑමක් හැටියට තියෙන්නේ. ඒක මේ ආණ්ඩුවත් දිගටම පවත්වාගෙන යනවා කියන එක තමයි ආණ්ඩුවේ මේ පොත් තහංචියෙනුත් එළිදරව් වෙන්නේ,” යනුවෙන් මානව හිමිකම් කොමිෂන් සභාවේ යාපනය  ශාඛාවට සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු ලේඛකයා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...