The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

‘ඒහිපස්සිකෝ’ භික්ෂු සාම පාගමන අතරතුර ජනාධිපති මාධ්‍ය උපදේශකයකුගේ තිරශ්චීන හැසිරීමක් !

T

The Leader Desk

April 24, 2026 • 6:56 AM

‘ඒහිපස්සිකෝ’ භික්ෂු සාම පාගමන අතරතුර ජනාධිපති මාධ්‍ය උපදේශකයකුගේ තිරශ්චීන හැසිරීමක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රාජ්‍ය නිලධාරියකුගේ බලතල ඉක්මවා යමින් පෞද්ගලික මාධ්‍ය ආයතනයකට අනවශ්‍ය ලෙස ප්‍රමුඛත්වය දෙමින් සූරියබණ්ඩාර එහිදී හැසිරී ඇතැයි ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එමගින් චෝදනාකරයි.
  • ජනාධිපති මාධ්‍ය අංශයේ උපදේශකවරයෙකුගෙන් මෙසේ පීඩාවට ලක්ව ඇත්තේ රාජ්‍ය මාධ්‍ය ආයතනයකම මාධ්‍යවේදීන් දෙදෙනෙකු වීම උත්ප්‍රාසජනක කරුණක් යැයිද ඊට කඩිනමින් මැදිහත්වීමක් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද එම සංගමය පවසයි.
  • ගිම්හාන් ද සිල්වා ජනමාධ්‍ය අමාත්‍යවරයාට ද පිටපතක් සහිතව යොමුකර ඇති ලිපියේ මෙසේ සඳහන් වේ.
  • ඔබගේ මෙම මැරවර මාධ්‍ය උපදේශකවරයාගේ තිරශ්චීන ක්‍රියාවට දඹුල්ලේදී මුහුණපා ඇත්තේ ඔබගේම රාජ්‍ය ග්‍රහණය යටතේ පාලනය වන රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදී බුවනෙක එස්.
අකුරු ප්‍රමාණය (Font Size):

 

රාජ්‍ය නිලධාරියකුගේ බලතල ඉක්මවා යමින් පෞද්ගලික මාධ්‍ය ආයතනයකට අනවශ්‍ය ලෙස ප්‍රමුඛත්වය දෙමින් සූරියබණ්ඩාර එහිදී හැසිරී ඇතැයි ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එමගින් චෝදනාකරයි.

 

ජනාධිපති මාධ්‍ය අංශයේ උපදේශකවරයෙකුගෙන් මෙසේ පීඩාවට ලක්ව ඇත්තේ රාජ්‍ය මාධ්‍ය ආයතනයකම මාධ්‍යවේදීන් දෙදෙනෙකු වීම උත්ප්‍රාසජනක කරුණක් යැයිද ඊට කඩිනමින් මැදිහත්වීමක් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද එම සංගමය පවසයි.

 

මෙම සිදුවීම පසුගිය ආණ්ඩු ගෙන ආ මර්දන අණ පනත් ඉදිරියට ගෙනයාමේ හා වර්තමානයේ සාකච්ඡාවට බඳුන්ව ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ඇහිරීමට සංස්කෘතික අමාත්‍යාංශය ආරක්ෂක අමාත්‍යාංශයේ සරණ පැතීම වැනි කාරණාවලම දිගුවක් යැයි පවසන ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය එමගින් පෙන්වන්නේ ජාතික ජනබලවේග පාලන තන්ත්‍රයේ මාධ්‍ය ප්‍රතිපත්තිය යැයි අවධාරණය කරයි.

 

එමනිසා රාජ්‍ය හස්තය යොදමින් සිදුවන මෙවැනි ක්‍රියා වැලැක්වීමට කඩිනමින් මැදිහත්වී ජනමාධ්‍යවේදීන්ට වෘත්තිය ගෞරවයකින් යුතුව රාජකාරි කිරීමේ ඉඩ සකසා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ යැයි ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් හා ලේකම් රංග බණ්ඩාරනායකගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

ගිම්හාන් ද සිල්වා


ජනමාධ්‍ය අමාත්‍යවරයාට ද පිටපතක් සහිතව යොමුකර ඇති ලිපියේ මෙසේ සඳහන් වේ.

ජනාධිපති මාධ්‍ය ඒකකයේ මැරවර මාධ්‍ය උපදේශකගේ තිරශ්චීන හැසිරීම හෙළා දැකීම
 

දැනට රට තුළ ක්‍රියාත්මක අවිහිංසාවාදය මුල් කරගත් ‘එහිපස්සිකෝ’ භික්ෂු සාම පාගමනේ මාධ්‍ය ආවරණය සිදු කිරීමට කටයුතු කළ ලේක්හවුස් මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු වෙත තම වෘත්තීය කටයුතු සිදුකිරීමට ඇති අයිතිය අවහිර කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකයේ මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර විසින් සිදුකළ ඔවුන්ට ශාරීරිකව පහරදීමේ සහ බියවද්දා පළවා හැරීමේ ක්‍රියාවලිය ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය බලවත් පිළිකුලෙන් යුතුව හෙළා දකින්නෙමු.

 

ඔබගේ මෙම මැරවර මාධ්‍ය උපදේශකවරයාගේ තිරශ්චීන ක්‍රියාවට දඹුල්ලේදී මුහුණපා ඇත්තේ ඔබගේම රාජ්‍ය ග්‍රහණය යටතේ පාලනය වන රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදී බුවනෙක එස්. පෙරේරා සහ තවත් එම ආයතනයේම මාධ්‍යවේදියෙකු වීම උත්ප්‍රාසජනක තත්වයකි. ඔබේ මාධ්‍ය උපදේශකවරයා මෙහිදී හැසිරී ඇත්තේ රාජ්‍ය නිලධාරියෙකු සතු බලතල වල සීමාව ඉක්මවා යන පරිද්දෙන් හා අනවශ්‍ය ලෙස පෞද්ගලික මාධ්‍ය ආයතනයකට ප්‍රමුඛත්වය හිමිවන පරිද්දෙන් කටයුතු කරමින්ය.

 

මෙය ඔබේ පාලනතන්ත්‍රයේ පවතින මාධ්‍ය ප්‍රතිපත්තිය මැනවින් පිළිබිඹු වන අවස්ථාවක් වශයෙන් අප සලකන අතර ඒ පිළීබඳ අපගේ බලවත් කණගාටුව පළ කරන්නෙමු.

එමෙන්ම ඔබේ මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාරගේ මෙම පහරදීම, පසුගිය ආණ්ඩු විසින් ගෙන ආ මර්දන අණපනත් වන ඊනියා ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය, ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත(PSTA), මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත(OSA) තවදුරටත් පවත්වා ගෙන යාම සහ වර්තමානයේ දැඩි ආණ්දෝලනයකට තුඩු දී ඇති භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස අහිමි කිරීමට සංස්කෘතික අමාත්‍යාංශයේ නිලධාරීන් ආරක්ෂක අමාත්‍යාංශයේ සරණ පැතීම වැනි සමස්ත රාජ්‍ය මර්දන යාන්ත්‍රණයේම දිගුවක් බව හොඳින් පැහැදිලිය.  

එබැවින් ලංකාවේ මාධ්‍ය නිදහස අහිමි කිරීම කෙරෙහි බලපාන මෙවැනි රාජ්‍ය හස්තයන් යොදවමින් සිදුකරන මැරවර ක්‍රියා අත්හිටුවීම කෙරෙහි ඔබගේ කඩිනම් අවධානය යොමු කොට මාධ්‍යවේදීන්හට තම රාජකාරිය වෘත්තීය ගෞරවයක් සහිතව සිදු කිරීමට අවශ්‍ය පරිසරයක් සකසන මෙන් ඉල්ලා සිටිමු.

 

මේ අනුව ඔබේ රාජ්‍යයේ මර්දනයට ලක්විය යුත්තේ මෙරට ජනමාධ්‍ය හෝ මාධ්‍යවේදීන් නොව ඔබ යටතේ මෙවැනි මැරවර ක්‍රියා සිදුකරමින් රාජ්‍යය අපකීර්තියට ලක්කරනු ලබන ඔබේ මෙම මාධ්‍ය උපදේශක වැනි නිලධාරීන් බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ අපි  අවධාරණය කරමු.

5rvyrvyeryrgg56u75u5


whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...