The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

මේ මර්දනයේ ආරම්භය විතරයි - ජන අරගල සන්ධානයෙන් අනතුරු ඇඟවීමක්

T

The Leader Desk

April 24, 2026 • 3:29 PM

මේ මර්දනයේ ආරම්භය විතරයි - ජන අරගල සන්ධානයෙන් අනතුරු ඇඟවීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපි කියනවා මේ මර්දනයේ ආරම්භය විතරයි.
  • අද අපි ආණ්ඩුවේ මේ හැසිරීමට විරුද්ධ නොවුනොත් හෙට දවසේ මුළු සමාජයේම භාෂණයේ නිදහස අහිමි කරන්න ආණ්ඩුව මේ පෙළ පාවිච්චි කරනවා'' යයි ජන අරගල සන්ධානය පවසයි.
  • දීපචෙල්වන්ගේ පොත් අත්අඩංගුවට ගැනීම සහ ආණ්ඩුව විසින් කෙටුම්පත් කර ඇති ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ජන අරගල සන්ධානය අද (24 ) දින පස්වරුවේ නුගේගොඩදී කැඳවූ මාධ්‍ය හමුවක් කැඳවා තිබිණ.
  • ඒ සිද්ධිය වුණේ මාර්තු 18 වෙනිදා.
අකුරු ප්‍රමාණය (Font Size):

අපි කියනවා මේ මර්දනයේ ආරම්භය විතරයි. අද අපි ආණ්ඩුවේ මේ හැසිරීමට විරුද්ධ නොවුනොත් හෙට දවසේ මුළු සමාජයේම භාෂණයේ නිදහස අහිමි කරන්න ආණ්ඩුව මේ පෙළ පාවිච්චි කරනවා'' යයි  ජන අරගල සන්ධානය පවසයි.

දීපචෙල්වන්ගේ පොත්  අත්අඩංගුවට ගැනීම සහ ආණ්ඩුව විසින් කෙටුම්පත් කර ඇති ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත්  කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා ජන අරගල සන්ධානය අද (24 ) දින පස්වරුවේ නුගේගොඩදී කැඳවූ මාධ්‍ය හමුවක් කැඳවා තිබිණ.

ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභිකයින් වන දුමින්ද නාගමුව, ධර්මසිරි ලංකාපේලි, වී වීරසිංහම් සහ සිතාරා කුලරත්න මෙහිදී අදහස් දක්වන ලදී.

එහිදී ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව මෙසේ පැවසිය.


''මෙතන පැහැදිලිවම මුස්ලිම් සහ දෙමළ ජනතාවට වෙනස් කොට සැලකීමක් දකින්න ලැබෙනවා''
 
" අපි දන්නවා දීපචෙල්වන් කියන සාහිත්‍යවේදියාගේ පොත් ප්‍රමාණයක් මේ ආණ්ඩුව මැදිහත් වෙලා රේගු භාරයේ තියාගෙන ඉන්නවා. මෙවැනි සාහිත්‍ය කෘතිවලට මර්දනය කැඳවීම් වුණු පළමු අවස්ථාව මේක නෙවෙයි. ඒ හැම අවස්ථාවකදීම වගේ දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ සාහිත්‍ය කෘතිවලට තමයි වැඩියෙන් එහෙම මර්දනයක් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ නිසා අපි හිතනවා මෙතන පැහැදිලිවම මුස්ලිම් සහ දෙමළ ජනතාවට වෙනස් කොට සැලකීමක් දකින්න ලැබෙනවා.
               
මේ ආණ්ඩුවට කත් අදින සමහර න්‍යායාචාර්‍යවරු උත්සහ කරමින් ඉන්නවා මේ ප්‍රශ්නය ජාතික ආරක්ෂාව, ත්‍රස්තවාදී ක්‍රියා වගේ අදහස්වලට සීමා කරන්න. නමුත් අපි දන්නවා සාහිත්‍ය කෘතිවල තියෙන්නේ පුද්ගලයෙක්ගේ සාහිත්‍යාත්මක අදහසක්. ඒ නිසා එවැනි කෘතියක් කිසිසේත්ම ත්‍රස්තවාදී ලේබලය යටතේ වර්ගීකරණය කරන්න පුලුවන් කමක් නැහැ.

අනිත් කාරණය තමයි රේගුවට හරි බුද්ධි අංශයට හරි මොකක්ද තියෙන සුදුසුකම සාහිත්‍ය කෘතියක් ගැන මෙහෙම තීරණයක් ගන්න ? දීපචෙල්වන්ගේ සාහිත්‍ය කෘති හතරක් තමයි මේ විදිහට රේගුව මගින් රඳවාගෙන තිබුණේ. ඒ සිද්ධිය වුණේ මාර්තු 18 වෙනිදා. මේ සම්බන්ධයෙන් කතුවරයට දැනුම් දීලා තිබුණේ මාර්තු 27 වෙනිදා. දැන් අප්‍රේල් මාසයත් ඉවර වෙන්න ළඟයි හැබැයි තවමත් පොත් දෙකයි රේගුව මගින් නිදහස් කරලා තියෙන්නේ. දීපචෙල්වන්ගේ සාහිත්‍ය කෘති දෙකක් තවම තියෙන්නේ රේගු භාරයේ.

සමහරුන්ට දැන් හිතනවා ඇති පොතක් අත්අඩංගුවට ගත්තා කියලා ඕකට ඔච්චර තියෙන අමාරුව මොකක්ද කියලා. අපි කියනවා මේ මර්දනයේ ආරම්භය විතරයි. අද අපි ආණ්ඩුවේ මේ හැසිරීමට විරුද්ධ නොවුනොත් හෙට දවසේ මුළු සමාජයේම භාෂණයේ නිදහස අහිමි කරන්න ආණ්ඩුව මේ පෙළ පාවිච්චි කරනවා.

අපි දැක්කා එක බුද්ධිමතෙක් කියලා තිබුණා වෙන ආණ්ඩුවක් හිටියනම් දීපචෙල්වම් හිරේ කියලා. ඒ කියන්නේ මේගොල්ලො මේ උත්සහ කරන්නේ වෙන ආණ්ඩුවක් හිටියනම් මර්දනය මීට වඩා වැඩියි හැබැයි අපේ ආණ්ඩුවෙන් චුට්ටයි මර්දනය කරන්නේ ඒ නිසා කටපියාගෙන ඉමු කියලා මේ සිද්ධියේ සැර බාල කරන්න. නමුත් අපි සූදානම් නැහැ එහෙම නිහඬව බලාගෙන ඉන්න. මොන තත්වයක් යටතේ වුණත් භාෂණයේ නිදහස උල්ලංඝනය වෙන ඕනෑම  අවස්ථාවක ඊට එරෙහිව අපි හඬ නගනවා. ඒ වගේම තමයි අපි රටේ ජනතාවටත් කියනවා ආණ්ඩුව කරන දේවල් දිහා ඇස් ඇරගෙන අවධානයෙන් ඉන්න කියලා. මොකද එහෙම නොවුනොත් හෙට මේ මර්දනය ඔබේ දොරකඩටත් එන්න පුලුවන්.

                       
ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත
 
ඒකට හොඳම උදහරණය තමයි දැන් ආණ්ඩුව හදිසියේම පාර්ලිමේන්තුවට ගෙනල්ලා තියෙන "ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත්  කෙටුම්පත " කියන මර්දන පනත. මේ පනත මුලින්ම ගෙනාවේ 2005 අවුරුද්දේ. දැන් පහුගිය කාලේ සම්මත කරගන්න උත්සහ කරලා බැරි වුණු ප්‍රතිත්‍රස්ත පනත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත වගේ මර්දන පනත්වලින් කරගන්න උත්සහ කරපු දේම තමයි මේ පනතිනුත් කරන්න උත්සහ කරලා තියෙන්නේ.

අනිත් ලැජ්ජාසහගත කාරණය තමයි මේ පනත ගෙනල්ලා තියෙන්නේ අධිකරණයේ නිවාඩුව පවතින කාලය ඇතුලේ. පනතට එරෙහිව මිනිස්සු අධිකරණයට යන එක නවත්වන්න තමයි එහෙම කපටි විදිහට මේ පනත ගෙනාවේ. ඇත්තටම ආණ්ඩුවට ඕන වෙලා තියෙන්නේ ආණ්ඩුවේ විනාශකාරී ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියන්න. IMF න්‍යායපත්‍රයට අනුව තමයි ආණ්ඩුව දිගටම වැඩ කරන්නේ. 
 
ඒ නිසා ඉදිරියේදී මේ රටේ කම්කරුවන්ට සියලු වැඩ කරන ජනතාවට එරෙහිව විශාල ප්‍රහාරයක් එන්න නියමිතයි. අධ්‍යාපනය සෞඛ්‍යය ඇතුළු රාජ්‍ය ආයතන විකුණා දමන නීති ඉදිරියටත් ගේන්න නියමිතයි. ඒ ටික හොඳට කරගන්න නම් ආණ්ඩුවට වෙනවා සඨන් කරන දේශපානලන ව්‍යාපාරවල වෘත්තීය සමිතිවල කට වහන්න. අන්න ඒකට තමයි මෙහෙම මර්දන පනත් අරගෙන එන්නේ.
                     
අපි දන්නවා මේ මැයි 1 වෙනිදා ලෝකය පුරාම කම්කරු දිනය සමරනවා. හැබැයි කම්කරුවන්ගේ කරපිටින් ආව ආණ්ඩුවක් ඒ කම්කරු ජනතාවටම පයින් ගහලා නවලිබරල් ධනකුවේරයන්ගේ ඔඩොක්කුවට වැටිලා ඉවරයි. ඉස්සරහට එළඹෙන්නේ මේ රටේ සියලු ජනතාවට තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සටන් කරන්න වෙන කාලයක්.

අර දීපචෙල්වන්ගේ පොත් තහනම් කළාම අපි මොකටද ඒකට කතාකරන්නේ අපිට ඒවා වැඩක් නෑනේ වගේ කතා කියලා නිහඬව ඉන්න සූදානම් වෙන්න එපා කියලා අපි සියලු වැඩ කරන ජනතාවට කියනවා. එක එක්කෙනා කරන හුදකලා සටන්වලින් විතරක් දැන් අපිට මේ නවලිබරල් වැඩපිළිවෙළ පරාජය කරන්න පුලුවන් කමක් නැහැ. ඒ නිසා මේ රටේ සියලු  සඨන් කරන ව්‍යාපාර, වෘත්තිය සමිති, කලාකරුවන්, පොදු ජනතාව ඒකරාශි කරගත් පුළුල් අරගලයක් සඳහා එකතුවෙමු කියලා අපි මේ වෙලාවේ ජනතාවට යෝජනා කරනවා."

''ආණ්ඩුව සූදානම් වෙන්නේ ජනතාවගේ භාෂණයේ නිදහසටත් වට බඳින්න ''
chthg| ජන අරගල සන්ධානයේ ලේකම් ධර්මසිරි ලංකාපේලි
මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ ලේකම් ධර්මසිරි ලංකාපේලි,  
 
" ජනතාව මේ ආණ්ඩුව බලයට ගෙනාවේ නිදහස ගැන විශාල බලාපොරොත්තුවක් තියාගෙන. ජනතාව හිතුවා මේ පීඩාකාරී ආර්ථික ක්‍රමයෙන් තමන්ව මුදවාගන්න ආණ්ඩුව මැදිහත් වෙයි කියලා. නමුත් අපිට පේනවා දැන් මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම හිටගෙන ඉන්නේ ජනතාවට සතුරු පැත්තේ. නවලිබරල් ධනකුවේරයෝ එක්ක එකතුවෙලා ආණ්ඩුව ජනතාවට විරුද්ධව විශාල ප්‍රහාරයක් දියත් කරලා ඉවරයි.

එහෙම වෙලාවක තමයි අනිත් පැත්තෙන් ජනතාවගේ භාෂණයේ නිදහසටත් වට බඳින්න ආණ්ඩුව සූදානම් වෙන්නේ. එහි ආසන්නම සිද්ධිය තමයි දීපචෙල්වම්ගේ කෘති රේගුව මගින් රඳවා ගැනීම. මිලිටරියට එහෙම කොහොමද අයිතියක් තියෙන්නේ සාහිත්‍යය කෘතියක් ගැන තීරණ ගන්න ? දැන් ආණ්ඩුව උත්සහ කරනවා මේක ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් කියලා යට ගහන්න. හැබැයි අපි දන්නවා දීපචෙල්වන් කියන්නේ විශිෂ්ට සාහිත්‍යවේදියෙක්. ඔහු ත්‍රස්තවාදියෙක් නෙවෙයි. 
 
ආණ්ඩුව මේ උත්සහ කරන්නේ ප්‍රශ්න අහන මිනිස්සුන්ගේ කටවල් වහන්න. අපි දැක්කා කන්ටේනර් පෙට්ටි 323ක් පහුගිය කාලේ කිසිඳු පරීක්ෂාවක් නැතුව රේගුවෙන් එළියට පැනපු හැටි. ඒ කාරණය ගැන අදටත් විධිමත් පරීක්ෂණයක් වුණේ නැහැ. එහෙම වැඩ කරපු ආණ්ඩුවක් තමයි කිසිම ලැජ්ජාවක් නැතුව දීපචෙල්වන්ගේ පෑන මර්දනය කරන්න සූදානම් වෙන්නේ.

මෙතන තියෙන කණගාටුදායකම කාරණය තමයි දකුණේ සමහර ජනතාවාදී කියාගෙන හිටපු සාහිත්‍යවේදීන් පවා ආණ්ඩුවේ මේ නීච ක්‍රියාවට එරෙහිව කිසිඳු හඬක් නගන්නෑ. ජයතිලක කම්මැලිවීර, සුනිල් විජේසිරිවර්ධන වගේ අය දීපචෙල්වන්ගේ ප්‍රශ්නය ගැන කරපු ප්‍රකාශ දිහා බැලුවම ඇත්තටම ඇතිවෙන්නේ ලැජ්ජාවක්. ආණ්ඩුවක් වෙනුවෙන් තමන්ගේ සාහිත්‍ය මතවාද මෙහෙම පාවාදෙන්න කෙනෙක්ට පුලුවන් ද ? කියන ප්‍රශ්නය අපි ඔවුන්ගෙන් අහන්න කැමතියි.

තමන්ගේ අදහසක් ප්‍රකාශ කරන්න ඕනෑම පුද්ගලයෙක්ට අයිතියක් තියනවා. ඒ අයිතිය උතුරේ මිනිස්සුන්ටත් ලැබිය යුතුයි. ඒ අයිතියට ඉස්සර ඉඳන් වැට බැඳපු නිසා තමයි අපිට අවුරුදු තිහක් යුද්ධයෙන් බැට කන්න වුණේ. මොකද ඒ මිනිස්සු නැගී හිටියේ තමන්ගේ පීඩනයට එරෙහිව. ඒ යුද්ධයේ තුවාල තවම සුවවෙලා නැහැ. ආණ්ඩුව දැන් උත්සහ කරන්නේ තුවාල ආයෙමත් පාරන්න. හැබැයි අපි ඒකට ඉඩ තියන්නේ නැහැ. දීපචෙල්වන් වේවා වෙනයම් ලේඛකයෙක් වේවා ඒ සියලුදෙනාගේම භාෂණයේ නිදහස වෙනුවෙන් අපි හිටගන්නවා. "

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...