The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

'මහජන මුදල් එක්ක 'බබා පාර්ට්'දාන්න එපා ! - මුදල් ලේකම් වහා ඉල්ලා අස්විය යුතුයි' - ජාතික නිදහස් පෙරමුණ

T

The Leader Desk

April 24, 2026 • 3:32 PM

'මහජන මුදල් එක්ක 'බබා පාර්ට්'දාන්න එපා ! - මුදල් ලේකම් වහා ඉල්ලා අස්විය යුතුයි' - ජාතික නිදහස් පෙරමුණ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රජය ඉදිරිපත් කරන ‘හැකර්’ තර්කය හුදෙක් බොළඳ ප්‍රකාශයක් බවත්, මෙම මූල්‍ය අපරාධය සම්බන්ධයෙන් වගකීම භාරගෙන මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අවධාරණය කරයි.
  • අද (24) බත්තරමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් වීරවංශ කියා සිටියේ, අදාළ ඩොලර් මිලියන 2.5ක මුදල මංකොල්ලකෑම පිටුපස සිටින සැබෑ ‘හැකර්වරයා’ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාම විය හැකි බවට සැකයක් පවතින බවයි.
  • ඕස්ට්‍රේලියාවේ ණය හිමියෙකුට ගෙවීමට තිබූ මුදලක්, හුදෙක් ඊමේල් පණිවිඩයකින් ලැබුණු වෙනත් ගිණුම් අංකයකට බැර කිරීමට තරම් මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් බොළඳ වීම පිළිගත නොහැකි බව හෙතෙම පැවසීය.
  • වසර 76ක මෙරට මූල්‍ය ඉතිහාසය තුළ මෙවැනි බරපතළ සහ අතාර්කික ගනුදෙනුවක් කිසිදා සිදුවී නොමැති බවත්, පෞද්ගලික ආයතනයක පවා මෙවැනි මුදල් හුවමාරුවකදී අනුගමනය කරන මූලික සත්‍යාපන ක්‍රියාවලීන් භාණ්ඩාගාරය විසින් උල්ලංඝනය කර ඇති බවත් වීරවංශ කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

රජය ඉදිරිපත් කරන ‘හැකර්’ තර්කය හුදෙක් බොළඳ ප්‍රකාශයක් බවත්, මෙම මූල්‍ය අපරාධය සම්බන්ධයෙන් වගකීම භාරගෙන මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අවධාරණය කරයි.

අද (24) බත්තරමුල්ලේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් වීරවංශ කියා සිටියේ, අදාළ ඩොලර් මිලියන 2.5ක මුදල මංකොල්ලකෑම පිටුපස සිටින සැබෑ ‘හැකර්වරයා’ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාම විය හැකි බවට සැකයක් පවතින බවයි.

ඕස්ට්‍රේලියාවේ ණය හිමියෙකුට ගෙවීමට තිබූ මුදලක්, හුදෙක් ඊමේල් පණිවිඩයකින් ලැබුණු වෙනත් ගිණුම් අංකයකට බැර කිරීමට තරම් මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් බොළඳ වීම පිළිගත නොහැකි බව හෙතෙම පැවසීය.


වසර 76ක මෙරට මූල්‍ය ඉතිහාසය තුළ මෙවැනි බරපතළ සහ අතාර්කික ගනුදෙනුවක් කිසිදා සිදුවී නොමැති බවත්, පෞද්ගලික ආයතනයක පවා මෙවැනි මුදල් හුවමාරුවකදී අනුගමනය කරන මූලික සත්‍යාපන ක්‍රියාවලීන් භාණ්ඩාගාරය විසින් උල්ලංඝනය කර ඇති බවත් වීරවංශ කියා සිටියේය.


වත්මන් මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ මීට පෙර ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ බව සිහිපත් කළ වීරවංශ, ඔහු ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබූ, එරට සමඟ සමීප සබඳතා පවත්වන “ද්විත්ව පුරවැසියෙකු” බවද සඳහන් කළේය.

“මෙම වංචාව සිදුව ඇත්තේ ඕස්ට්‍රේලියානු ගනුදෙනුවක් මුල් කරගෙනයි. ඒ නිසා මේ පිටුපස තිබෙන්නේ වෙනත් සැලසුම් සහගත මංකොල්ලයක් මිස අහම්බෙන් සිදුවූ හැකර් ප්‍රහාරයක් නොවෙයි." යැයි විමල් වීරවංශ වැඩිදුරටත් චෝදනා කළේය.

මේ දිනවල ජනතාව ඖෂධ පවා මිලදී ගත නොහැකිව අන්ත අසරණව සිටින තත්ත්වයක් තුළ, මහජන ධනය මෙලෙස කොල්ලකෑම සහගහන අපරාධයක් බව ඔහු පැවසීය.


මෑතකදී NDB බැංකුව හරහා සිදුවූ රුපියල් බිලියන 13.2ක ක්‍රිප්ටෝ මුදල් වංචාව, ඩීසල් නැව් දෙකකට ඩොලර් මිලියන 38ක් වැඩියෙන් ගෙවීම සහ ගල්අඟුරු වංචාව යන සියල්ල මෙම ‘කාපාලු ආණ්ඩුවේ’ අසාර්ථක පාලනයේ ප්‍රතිඵල බවද ඔහු කියා සිටියේය.


සැප්තැම්බර් මාසයේ ඇරඹි හොරකමක් පිළිබඳ ජනවාරි මාසය වනතුරු මුදල් අමාත්‍යාංශය නිහඬව සිටීම දැඩි සැකයට තුඩු දෙන්නක් බවත්, සාමාන්‍ය බඩ බුරුල් වීමකදී පවා CID එකට දුවන ජනාධිපති ලේකම්වරයා මෙවැනි බරපතළ වංචාවකදී නිහඬව සිටින්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේය.

"මුදල් ඇමතිට කොන්දක් තියෙනවා නම් මුදල් ලේකම්ව වහාම අස් කරන්න ඕනේ. එහෙම කරන්නේ නැත්නම් අපිට පිළිගන්න වෙන්නේ මේ දෙන්නම එකතු වෙලා තමයි මේ ඩොලර් මිලියන 2.5 ගෙදර ගෙනිච්චේ කියලා." යනුවෙන් වීරවංශ සිය කතාව අවසන් කරමින් කියා සිටියේය.

මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ මධ්‍යම කාරක සභික ආචාර්ය සුපුන් ජයසිංහ සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සඳුන් බෝදරගම ද සහභාගී වූහ.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...