The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

මහා භාණ්ඩාගාරයේ මුදල් සොරාගැනීම හැකර්වරුන්ගේ ක්‍රියාවක් බව සිතිය නොහැකියි - දිලිත්

T

The Leader Desk

April 25, 2026 • 4:28 AM

මහා භාණ්ඩාගාරයේ මුදල් සොරාගැනීම හැකර්වරුන්ගේ ක්‍රියාවක් බව සිතිය නොහැකියි - දිලිත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසන්නේ, මහා භාණ්ඩාගාරයේ මුදල් හඳුනා නොගත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය හැකර්වරුන්ගේ ක්‍රියාවක් යැයි විශ්වාස කළ නොහැකි බවයි.
  • ''සාධාරණ පරීක්ෂණයක් සඳහා මුදල් අමාත්‍යවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා ඉල්ලා අස්විය යුතුයි '' ඊයේ (24) ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ මෙම මූල්‍ය වංචාව පිටුපස සිටින්නේ කවුද සහ ඉන් ප්‍රතිලාභ ලැබුවේ කවුද යන්න සෙවීම සඳහා විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බවයි.
  • ඒ සඳහා අවශ්‍ය සාධාරණ පරීක්ෂණයකට පසුබිම සකස් කරමින් මුදල් අමාත්‍යවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා සිය තනතුරුවලින් ඉවත්වීම සදාචාරාත්මක ක්‍රමවේදය බව ද ඔහු කියා සිටියේය.
  • දිලිත් ජයවීර පෙන්වා දෙන්නේ අදාළ විෂය භාර ඇමතිවරුන් සහ ලේකම්වරයා පරස්පර ප්‍රකාශ නිකුත් කිරීම තුළින් මෙහි සෘජු වංචාවක් හෝ වංචාවට අනුබල දීමක් සිදුව ඇති බව මනාව පැහැදිලි වන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසන්නේ, මහා භාණ්ඩාගාරයේ මුදල් හඳුනා නොගත් පාර්ශ්වයක් අතට පත්වීමේ සිද්ධිය හැකර්වරුන්ගේ ක්‍රියාවක් යැයි විශ්වාස කළ නොහැකි බවයි.

''සාධාරණ පරීක්ෂණයක් සඳහා මුදල් අමාත්‍යවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා ඉල්ලා අස්විය යුතුයි ''

ඊයේ  (24) ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පැවසුවේ මෙම මූල්‍ය වංචාව පිටුපස සිටින්නේ කවුද සහ ඉන් ප්‍රතිලාභ ලැබුවේ කවුද යන්න සෙවීම සඳහා විධිමත් පරීක්ෂණයක් අවශ්‍ය බවයි.

ඒ සඳහා අවශ්‍ය සාධාරණ පරීක්ෂණයකට පසුබිම සකස් කරමින් මුදල් අමාත්‍යවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා සිය තනතුරුවලින් ඉවත්වීම සදාචාරාත්මක ක්‍රමවේදය බව ද ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පැවති ණය පරිපාලන කටයුතු මුදල් අමාත්‍යාංශය යටතට පවරා ගැනීමෙන් පසු, ඩොලර් මිලියන 2.5ක දැවැන්ත මූල්‍ය වංචාවක් සිදුව ඇති බව පවසන සර්වජන බලයේ නායක දිලිත් ජයවීර, මෙම සිදුවීම සිදුවී මාස තුන හතරක් ගතවන තුරුත් එය මාධ්‍යයෙන් සහ මහජනයාගෙන් වසන් කර තබා ගැනීමට බලධාරීන් කටයුතු කර ඇති බවට ද චෝදනා කළේය.

දිලිත් ජයවීර පෙන්වා දෙන්නේ අදාළ විෂය භාර ඇමතිවරුන් සහ ලේකම්වරයා පරස්පර ප්‍රකාශ නිකුත් කිරීම තුළින් මෙහි සෘජු වංචාවක් හෝ වංචාවට අනුබල දීමක් සිදුව ඇති බව මනාව පැහැදිලි වන බවයි.

ව්‍යාපාරික භාෂාවෙන් කිවහොත්, මෙය වෙනත් පාර්ශවයක් ලෙස පෙනී සිටිමින් ඊමේල් පණිවුඩ හරහා සිදුකළ සරල සන්නිවේදන වංචාවක් බවත් ඊමේල් පණිවුඩයකට ප්‍රතිචාර දක්වමින් නිසි සත්‍යාපනයකින් තොරව මුදල් බැර කිරීම රජයේ ඉහළම මූල්‍ය ආයතනයක දුර්වලතාවයක් බව ඔහු පවසයි..

මෙම ගනුදෙනුවේදී දුරකථන ඇමතුම් සහ ලිඛිත ස්ථිර කිරීම් ලබාගෙන තිබියදීත් වංචාව සිදුවීම තුළින් මෙහි අනිවාර්ය මානුෂීය මැදිහත්වීමක් පවතින බව ද ඔහු කියා සිටියේය.

මෙවැනි මූල්‍ය අක්‍රමිකතා හේතුවෙන් ජාත්‍යන්තරය ඉදිරියේ රටේ මූල්‍ය විශ්වාසනීයත්වයට සහ කීර්තිනාමයට දැඩි හානියක් සිදුව ඇති බව ද දිලිත් ජයවීර වැඩිදුරටත් සදහන් කළේය.



බුද්ධි අංශ 'හැකරුන්' සොයා ලෝකය පීරයි

මේ අතර ඕස්ට්‍රේලියාවට ගෙවූ ඩොලර් ලක්ෂ 25ක මුදල (රුපියල් කෝටි අසූවක්) වංචනික ලෙස ලබාගත් පරිගණක හැකර්වරුන් විශේෂිත තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ හඳුනා ගැනීම සඳහා රජයේ බුද්ධි අංශ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

මේ සඳහා පරිගණක හැකර්වරුන් පිළිබඳ තොරතුරු වාර්තා රැසක් පරීක්ෂාවට ලක් කර ඇතැයි රජයේ බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

මීට අමතරව මෙම පරිගණක හැකරුන් හඳුනා ගැනීම සඳහා විදේශීය ආරක්ෂක අංශ සහ බුද්ධි අංශවලද සහාය ගනිමින් සිටින බව රජයේ ආරංචි මාර්ග පවසයි.

ඕස්ට්‍රේලියාවේ ආරක්ෂක අංශද මේ සඳහා සහාය දෙන බව ශ්‍රී ලංකා රජයට දැනටමත් ප්‍රකාශ කර ඇත.

ඕස්ට්‍රේලියාවට ගෙවූ ණය මුදල අත්පත් කර ගැනීමට පෙර ඉන්දියාවට ගෙවූ ණය මුදලක්ද පරිගණක හැකර්වරුන් වංචනික ලෙස අත්පත් කර ගැනීමට උත්සාහ දරා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. ඒ පිළිබඳවද රජයේ බුද්ධි අංශවල අවධානය යොමු වී ඇතැයි දැනගන්නට ඇත.

ඕස්ට්‍රේලියාවට ගෙවූ ණය මුදලක් පරිගණක හැකර්වරුන් අත්පත් කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම මහා භාණ්ඩාගාරයේ කණ්ඩායමක්ද පරීක්ෂණ පවත්වමින් සිටී.

මුදල් අමාත්‍යාංශයේ දත්ත වලට තබා තිබුණු ලංසුව

cyber open anuraශ්‍රී ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය (NCSOC) ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය වසරේ සැප්තැම්බර් මස 25 වනදා විවෘත කෙරිණි.
ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශයේ දත්ත, සයිබර් අපරාධකරුවන් විසින් සොරා ගන්නා දත්ත විකිණීම සිදුකරනු ලබන ඩාර්ක් වෙබ් සංසදයක ඇති බවට Dark Web Intelligence නම් වූ වෙබ් අඩවිය 2025 සැප්තැම්බර් 15 කරුණු වාර්තා කර තිබිණි.

ඒ, ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘත කිරීමට දින කිහිපයකට ඉහත දීය.

Dark Web Intelligence වෙබ් අඩවියට අනුව මුදල් අමාත්‍යාංශයේ සංවේදී දත්ත සහ ඉහළ මට්ටමේ පද්ධති ප්‍රවේශය සඳහා අවශ්‍ය කරන දත්ත හැකර්වරුන් විසින් අත්පත් කරගෙන තිබෙන බවට එහි සඳහන් වේ.

හැකර්කරුවන් විසින් ඇමෙරිකානු ඩොලර් 4,000 ක් වටිනා බිට්කොයින් මිලකට එම තොරතුරු අළෙවි කිරීමට බලාපොරොත්තු වන බවට Dark Web Intelligence නම් වූ වෙබ් අඩවියේ වැඩිදුරටත් තොරතුරු අනාවරණය කර තිබිණි.

විකිණීමට ඇති බවට ලැයිස්තුගත කර තිබූ බව පැවසෙන දත්තවලට අනුව මුදල් අමාත්‍යාංශ සේවකයින්ගේ සම්පූර්ණ නම්, රජයේ හැඳුනුම්පත් අංක සහ ඔවුන්ගේ නිවසේ සහ රැකියා ස්ථානයේ ලිපින මෙන්ම පුද්ගලික දුරකථන අංක සහ කාර්යාල විද්‍යුත් තැපෑල, ජංගම සහ ස්ථාවර දුරකථන අංක මෙන්ම සරල මුරපද (Plain Text Passwords) සහ සේවකයින්ගේ වැටුප් ශ්‍රේණි යන තොරතුරු ඇතුළත් බව Dark Web Intelligence නම් වූ වෙබ් අඩවිය වැඩිදුරටත් කරුණු වාර්තා කර තිබිණි.


වැඩිදුරටත් විස්තර :

2025 වසරේදී මුදල් අමාත්‍යාංශයේ දත්ත වලට ඇ.ඩො 4,000ක බිට්කොයින් මිලකට තබා තිබුණු ලංසුව 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...