ඒ අනුව සාගරිකා දුම්රියේ රියදුරු, නියාමක, රියදුරු සහයක හා උප නියාමකවරයා මෙලෙස වැඩ තහනම් කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා කටයුතු කොට ඇත.
මේ අතර අඩු පාඩු සහිත දුම්රිය එන්ජින් යන්ත්‍ර හා බලවේග කට්ටල ධාවනයෙන් ඉවත්වීමට දුම්රිය එන්ජින් රියදුරු වරුන්ගේ සංගම් තීරණය කර ඇතැයි ද එහි ප්‍රකාශකයෙක් පැවැසීය.
සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය පෙරේදා (24) උතුරු කළුතර හා වාද්දූව දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක් වූ අතර මේ හේතුවෙන් එම ස්ථානයේ මාර්ග දෙකම අවහිර වී එදින දුම්රිය ධාවනයට බාධා පැමිනුණි.
ඉන්පසු සාගරිකා දුම්රිය පීලිගත කර යළි කොළඹ බලා පැමිණීමේදී ඊයේ (25) පස්වරු 06.20ට පමණ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේදී යළිත් පීලි පැනීමකට ලක්ව තිබිණ.
මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මාර්ගයක් යළිත් අවහිර වී වූ අතර ඉන්පසු කොළඹ කොටුව හා වැල්ලවත්ත අතර එක් මාර්ගයක පමණක් දුම්රිය ධාවන කටයුතු සිදුකෙරිණි.
ගිම්හාන් ද සිල්වා




