The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

මත්ද්‍රව්‍ය සිද්ධියේ සැකකරුවන් සසුනෙන් නෙරපනවා : ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගෙන් නිවේදනයක්

T

The Leader Desk

April 26, 2026 • 3:05 PM

මත්ද්‍රව්‍ය සිද්ධියේ සැකකරුවන් සසුනෙන් නෙරපනවා : ත්‍රෛනිකායික මහානාහිමිවරුන්ගෙන් නිවේදනයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා පවසති.
  • උන්වහන්සේලා මේ බව ප්‍රකාශ කරන්නේ බුද්ධ චීවරය අවභාවිත කරමින් තායිලන්තයේ සිට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ සිදුවීම මුල්කරගෙන නිවේදනයක් නිකුත් කරමිනි.
  • නීති විරෝධී කටයුතු කරන භික්ෂු ප්‍රතිරූපකයින් සසුනෙන් නෙරපීමට නිසි යාන්ත්‍රණයක් සකස් කිරීමේ අවශ්‍යතාව යළිත් ප්‍රකට වන මෙම අවස්ථාවේ දී ඒ සඳහා අවශ්‍ය කරන නෛතික ප්‍රතිපාදන සම්පාදනය කරලීමට රාජ්‍ය යාන්ත්‍රණය කඩිනමින් මැදිහත් වීම අත්‍යාවශ්‍ය බව ද එහි සඳහන් වේ.
  • තව ද උපක්‍රමශීලීව මෙන්ම සංවිධානාත්මකට තරුණ භික්ෂූන් වහන්සේලා මෙබඳු නීති විරෝධී කටයුතු සඳහා පොළඹවාගන්නා මත්ද්‍රව්‍ය ජාල හා මත්ද්‍රව්‍ය බෙදා හරින්නන් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන සිදුකොට නෛතික ක්‍රියා මාර්ග ගැනීමට ද ආරක්ෂක අංශ යුහුසුළුව කටයුතු කළ යුතු බව උන්වහන්සේලා පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):

ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා පවසති.

උන්වහන්සේලා මේ බව ප්‍රකාශ කරන්නේ බුද්ධ චීවරය අවභාවිත කරමින් තායිලන්තයේ සිට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ සිදුවීම මුල්කරගෙන නිවේදනයක් නිකුත් කරමිනි.

උතුම් බුද්ධ චීවරය අවභාවිත කරමින් භික්ෂු ශාසනය මෙන්ම ශ්‍රී ලාංකේය ඓතිහාසික භික්ෂු භුමිකාව සමස්ත ලෝකය ඉදිරියේ අවමානයට පත් කරමින් භික්ෂු ප්‍රතිරූපකයින් පිරිසක් විසින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන් ලැබ ඇතැයි ද එයින් සිදු කරන ලද ශාසන විරෝධී, සමාජ විරෝධී මෙන්ම නීති විරෝධී ක්‍රියාව හෙළා දකින්නේ යැයි ද උන්වහන්සේලා පවසති.

ලාංකේය සමාජය තුළ භික්ෂුන් වහන්සේ නමක් වෙත උරුමව ඇති සාම්ප්‍රදායික ගෞරවය හා පිළිගැනීමත් උතුම් වූ බුද්ධ චීවරය පිළිබඳ බෞද්ධයන්ගේ ශුද්ධාධ්‍යාශයන් ද අවභාවිත කරමින් සිදුකරන ලද මෙම නිතී විරෝධි ක්‍රියාවට සම්බන්ධ සියලු භික්ෂු ප්‍රතිරූපකයින්ට නිසි දඬුවම් ලබා දීමට කටයුතු කළ යුතු බව එහි මහානාහිමිවරු අවධාරණය කර ඇත.


නීති විරෝධී කටයුතු කරන භික්ෂු ප්‍රතිරූපකයින් සසුනෙන් නෙරපීමට නිසි යාන්ත්‍රණයක් සකස් කිරීමේ අවශ්‍යතාව යළිත් ප්‍රකට වන මෙම අවස්ථාවේ දී ඒ සඳහා අවශ්‍ය කරන නෛතික ප්‍රතිපාදන සම්පාදනය කරලීමට රාජ්‍ය යාන්ත්‍රණය කඩිනමින් මැදිහත් වීම අත්‍යාවශ්‍ය බව ද එහි සඳහන් වේ.


තව ද උපක්‍රමශීලීව මෙන්ම සංවිධානාත්මකට තරුණ භික්ෂූන් වහන්සේලා මෙබඳු නීති විරෝධී කටයුතු සඳහා පොළඹවාගන්නා මත්ද්‍රව්‍ය ජාල හා මත්ද්‍රව්‍ය බෙදා හරින්නන් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන සිදුකොට නෛතික ක්‍රියා මාර්ග ගැනීමට ද ආරක්ෂක අංශ යුහුසුළුව කටයුතු කළ යුතු බව උන්වහන්සේලා පවසති.

එමෙන්ම සෑම තරුණ භික්ෂුවක් පිළිබඳව ම නිරන්තර අවධානයෙන් කටයුතු කරමින් ශාසන විරෝධී යම් කටයුත්තක නිරත වන බවට නිරීක්ෂණය වන්නේ නම් ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බලා එවැනි තරුණ භික්ෂූන් ආයති සංවරයෙහි පිහිටුවීමට සෑම ආචාර්යන් වහන්සේ නමක් ම නිරන්තරයෙන් ව්‍යාවෘත විය යුතු බවට ද මාහානාහිමිවරු එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

(සටහන | ගිම්හාන් ද සිල්වා)
 er3rdfd

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...