The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

මත්ද්‍රව්‍ය ගෙනා භික්ෂුන් පිරිස මෙහෙයවූ ප්‍රධාන භික්ෂුවට වැඩ වරදී !

T

The Leader Desk

April 26, 2026 • 3:37 PM

මත්ද්‍රව්‍ය ගෙනා භික්ෂුන් පිරිස මෙහෙයවූ ප්‍රධාන භික්ෂුවට වැඩ වරදී !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "කුෂ්" සහ "හෑෂ් " මත්ද්‍රව්‍ය සමග ඊයේ (25) රාත්‍රි අත්අඩංගුවට පත්වූ අතර මෙම භික්ෂුන් පිරිස මෙහෙයවූ බව පැවසෙන ප්‍රධාන භික්ෂුව ගම්පහ මීගහමුල්ල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන තිබුණි.
  • අත්අඩංගුවට ගත් භික්ෂූන් වහන්සේ මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට සැකකරන බවත් ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන ඇති බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මක බවත් පොලිස් අධිකාරී මිනුර සෙනරත් පවසයි.
  • එමෙන් ම, අත්අඩංගුවට පත්වූ භික්ෂූන් වහන්සේලා ඔවුන්ගේ අනුදැනුමකින් තොරව මෙම ජාවාරම සඳහා යොදාගෙන ඇති බවට පොලිසිය සැක පළ කරයි.
  • එහිදී භික්ෂුන් විසිදෙදෙනාව දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර නියෝග කළාය.
අකුරු ප්‍රමාණය (Font Size):

"කුෂ්" සහ "හෑෂ් " මත්ද්‍රව්‍ය සමග ඊයේ (25) රාත්‍රි අත්අඩංගුවට පත්වූ අතර මෙම භික්ෂුන් පිරිස මෙහෙයවූ බව පැවසෙන ප්‍රධාන භික්ෂුව ගම්පහ මීගහමුල්ල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් භික්ෂූන් වහන්සේ මෙම ජාවාරම මෙහෙයවා ඇති බවට සැකකරන බවත් ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගෙන ඇති බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මක බවත් පොලිස් අධිකාරී මිනුර සෙනරත් පවසයි.

එමෙන් ම, අත්අඩංගුවට පත්වූ භික්ෂූන් වහන්සේලා ඔවුන්ගේ අනුදැනුමකින් තොරව මෙම ජාවාරම සඳහා යොදාගෙන ඇති බවට පොලිසිය සැක පළ කරයි.

අත්අඩංගුවට ගත් භික්ෂුන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග

කෙසේවුවද අත්අඩංගුවට ගැනුණු භික්ෂුන් විසිදෙදෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (26) පස්වරුවේ ඉදිරිපත් කෙරුණි.

එහිදී භික්ෂුන් විසිදෙදෙනාව දින 7ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මීගමුව අතිරේක මහේස්ත්‍රාත් සුභානි අබේසේකර නියෝග කළාය.

ත්‍රෛනිකායික මහනාහිමිවරුගෙන් නිවේදනයක්

මේ අතර ත්‍රෛනිකායික මහනාහිමිවරු අද නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, මෙම ශාසන විරෝධී ක්‍රියාවට සම්බන්ධ සියලු භික්ෂු ප්‍රතිරූපකයින් සම්බන්ධයෙන් අදාළ නිකාය පාර්ශ්වයන් මගින් ඉදිරියේදී කරුණු සොයාබලා ශාසනයෙන් නෙරපීමට කටයුතු කරන බවය.

තායිලන්තයේ සංචාරයක නිරත වූ භික්ෂුන් විසිදෙදෙනෙකු බණ්ඩාරනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණේ ඊයේ (25) රාත්‍රි 10.11ට පමණය.

අදාළ භික්ෂුන්ගේ විවිධ වර්ණවලින් යුක්ත වූ එකම වර්ගයේ ගමන්මලු පරීක්ෂා කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් පියවර ගත්තේ එම නිලධාරීන්ට ලැබී තිබූ බුද්ධි තොරතුරකට අනුවය.

එහිදී අධ්‍යාපනික උපකරණ, රසකැවිලි සහ ආහාර අසුරා තිබූ එම ගමන්මලුවල සැකසූ ව්‍යාජ පතුල්වල සඟවා තිබූ "කුෂ්" සහ "හෑෂ්" මත්ද්‍රව්‍ය නිලධාරීන් සොයාගෙන තිබේ.

ඒ අනුව භික්ෂුන් විසිදෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් කටයුතු කළේය.

සෑම භික්ෂුවකම සතුව තිබූ ගමන්මල්ලේ කිලෝග්‍රෑම් 5ක පමණ මත්ද්‍රව්‍ය පැකට්ටු ලෙස සඟවා තිබී ඇති අතර මුළු මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 112ක් බව පොලීසිය පවසයි.

මත්ද්‍රව්‍ය තොගයක් සමග භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව

රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් මෙම මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණු විශාලතම මත්ද්‍රව්‍ය තොගය යි.

එමෙන්ම භික්ෂුන් පිරිසක් මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාවද මෙය බව වාර්තා වේ.

මෙම පිරිස පසුගිය 22 වෙනිදා තායිලන්ත චාරිකාව සඳහා පිටත්වගොස් තිබූ අතර, එය සම්බන්ධීකරණය තිබුණේ ජඹුරලිය ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂුන්  තිදෙනෙකු විසිනි.

ඔවුන් සෙසු භික්ෂුන් 19 දෙනා සම්බන්ධ කරගෙන ඇත්තේ ෆේස්බුක් හරහාය.

ඒ අතරින් පිරිසක් තායිලන්තයේදී ගිහි ස්වරූපයෙන් පෙනීසිටින ආකාරය ඔවුන්ගේ දුරකථනවල තිබූ ජායාරූප මගින් පොලීසිය අනාවරණ කරගෙන තිබේ.

සැකකාර භික්ෂුන් අතර පිරිවෙනක ආචාර්යවරයෙක්

පොලීසිය පැවසුවේ, පිරිස අතරින් 21 දෙනෙකුම වයස අවුරුදු 30ට අඩු භික්ෂුන් වන අතර ඔවුන් මෙරට විවිධ ප්‍රදේශවල විහාරවාසීව සිටිමින් උසස් අධ්‍යාපනය හදාරන තරුණ භික්ෂුන් බවය.

අනෙක් භික්ෂුව පිරිවෙනක ආචාර්යවරයෙකු බව වාර්තා වේ.

අත්අඩංගුවටගත් භික්ෂුන් ගෙන් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම් වලදී ඔවුන් අනාවරණ කර ඇත්තේ මෙම සංචාරයේ ගුවන් ටිකට්පත් සහ කෑමබීම මෙන්ම නවාතැන් පහසුකම් නොමිලේ හිමිවූ බවය.

ඒ වෙනුවට අනුග්‍රාහකයින් විසින් ලබාදෙන, පාසල් සිසුන් සඳහා අවශ්‍ය උපකරණ ඇතුළත් ගමන් මලු මෙරටට රැගෙන එන ලෙස සම්බන්ධීකරණය කළ භික්ෂුන් පැවසූ බවද ඔවුන් අනාවරණ කර තිබේ.

පසුගිය මාසයේදීත් භික්ෂුන් 12 දෙනෙකු රැගෙන ගිහින්

මේ අතර, තායිලන්ත සංචාරය සම්බන්ධීකරණය කළ භික්ෂුන් තිදෙනා පසුගිය මාසයේදීත් භික්ෂුන් 12 දෙනෙකු රැගෙන තායිලන්ත සංචාරයක නිරතව සිට ඇති අතර ලබන මාසයේ තවත් භික්ෂුන් පිරිසක් සමග තායිලන්ත සංචාරයකට සැලසුම් කර තිබූ බවද පොලසිය පවසයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන ගේ මෙහෙයවීමෙන් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

ලෝක සාමය පතා විදෙස් භික්ෂූන් වහන්සේලා පිරිසක් මෙරට පා ගමනක යෙදෙන මොහොතක විදෙස් සංචාරයකට ගොස් පෙරළා පැමිණි මෙරට බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් මත්ද්‍රව්‍ය සමග කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනීම සුවිශේෂී කාරණයකි.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...