මේ සම්බන්ධයෙන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත විශේෂ සාකච්ඡාවකින් අනතුරුව අදාළ ඉල්ලා අස්වීම් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.
මේ අතර 'ලංකාදීප' වාර්තාකර ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා එම තනතුරින් බදාදා (29) ඉල්ලා අස්වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරන බවයි.
ෂම්මි සිල්වා ට තනතුරින් ඉල්ලා අස්වන ලෙස රජය පාර්ශවයෙන් කළ දැනුම් දීමකට අනුව ඔහු ඉල්ලා අස්වන බව දැනගන්නට ඇතැයි ද එම පුවත් වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.
ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු සහ සජබ මොරටුව සංවිධායක එරාන් වික්‍රමරත්න පත් කිරීමට නියමිත බවද වාර්තාවේ.
2019 වසරේ පෙබරවාරි මාසයේ දී ක්‍රිකට් ආයතනයේ ඡන්දයෙන් ජයන්ත ධර්මදාස පරාජය කර ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට මුලින්ම තේරී පත් වූ ෂම්මි සිල්වා අනතුරුව අඛණ්ඩවම එම සභාපති ධුරයෙහි කටයුතු කළේය.
ක්‍රිකට් ආයතනයේ වත්මන් සභාපති ෂම්මි සිල්වා ගේ ඉල්ලා අස්වීමෙන් පසුව, ක්‍රිකට් පරිපාලනය සඳහා නව අතුරු පාලක කමිටුවක් පත් කිරීමට නියමිතව ඇති බවත් අදාළ අතුරු කමිටුව සඳහා ප්‍රවීණ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන සිදත් වෙත්තමුණි සහ රොෂාන් මහානාම ගේ නම් මේ වන විටත් යෝජනා වී ඇති බවත් 'ලංකාලෝකය' වාර්තාකර තිබේ.




