නියෝග කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් ඉදිරිපත් කළ අභියාචනය විභාග කිරීමේ කටයුතුවලින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච් එස් ඩී නවාස් අද (27) ඉවත් විය.
ඒ.එච්.එම්.ඩී. නවාස්, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මේ බව දැනුම් දෙන ලදී.
පෞද්ගලික හේතූන් මත තමන් මෙම පෙත්සම් විභාගයෙන් ඉවත්වන බව විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් විවෘත අධිකරණයේදී සඳහන් කළේය.
ඒ අනුව වෙනත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම අභියාචනා පෙත්සම කැඳවීමට නියම කෙරිණ.
විල්පත්තු රක්ෂිත වනාන්තර ආශ්‍රිතව පිහිටා තිබෙන මරිච්චිකට්ටු, කල්ලාරු රක්ෂිතයේ වනාන්තර කපා ඉවත් කිරීම ට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබුණි.
එම පෙත්සමෙහි වගඋත්තරකරුවකු ලෙස හිටපු ඇමැති රිෂාඩ් බදුර්දීන් නම් කර සිටියේය.
2015 වසරේ ගොනු කළ එම පෙත්සම විභාග කර අවසානයේ එහි තීන්දුව ලබාදුන් අභියාචනාධිකරණය අනවසර පදිංචි කිරීම් සිදු කිරීම සදහා කැලෑ එලි පෙහෙලි කළ එම ප්‍රදේශයේ යලි වන වගාව සිය පෞද්ගලික වියදමින් සිදු කරන ලෙස හිටපු ඇමැති වරයා ට නියම කළේය
අදාළ ප්‍රදේශයේ කැලෑ හෙළි පෙහෙළි කිරීමේ කටයුතු වලට හිටපු අමාත්‍යවරයා බව කිව යුතු බැවින් අනුව නැවත වන වගා කිරීම සඳහා වැයවන වියදම ඔහු විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු බවට එහිදී නියෝග කර තිබුණි.
එලෙස නැවත වන වගා කිරීමේ කටයුතු සදහා හිටපු අමාත්‍යවරයා විසින් රුපියල් කෝටි එකසිය හයක පමණ මුදලක් ගෙවිය යුතු බවටත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගණනය කර තිබුණි.
එම අභියාචනාධිකරණ තීන්දුව දෝෂ සහගත බැවින් එය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රිෂාඩ් බදියුදීන් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
එම නඩු තීන්දුව බල රහිත කරන ලෙස පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.
මෙම පෙත්සම් විභාගයෙන් මහින්ද සමයවර්ධන, යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු ද මීට පෙර ඉවත් වී ඇත.
| නෙල්කා මැදගෙදර
Nelka Medagedara
'ද ලීඩර්' අධිකරණ වාර්තාකාරිනී
nelindum41@gmail.com




