මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී ගජනායක සදහන් කළේ සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් අදාළ විමර්ශනය ආරම්භ කර ඇති බවය.
ඊයේ (27) පෙරවරුවේ මැගසින් බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධියකින් බන්ධනාගාර රැදවියන් දෙදෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීවරයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබුණි.
එහිදී එක් රැදවියෙකු මියගොස් ඇති බව වාර්තා වේ.
එසේ මියගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි 37 හැවිරිදි නවගම්පුර, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකි.
මෙම සිදුවීමට අදාළව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සොයිසා ගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.




