ඇය මේ බව සඳහන් කළේ මැයි දින රැළියට එක්වන ලෙස සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කළ ආරාධනයට පිළිතුරු ලිපියක් යොමු කරමිනි.
හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස අගමැතිවරයාව සිටි සමයේ පෙන්වා දුන් පරිදි මැයි දිනය පොහෝ දිනක යෙදෙන්නේ නම් එදින දේශපාලන කටයුතුවල යෙදීම සුදුසු නොවන බවට වූ ප්‍රතිපත්තිය ගරු කරමින් මෙම තීරණය ගෙන ඇති අතර, ඒ හේතුවෙන් සමගි ජන බලවේගයේ හෝ වෙනත් කිසිදු පක්ෂයක මැයි දින රැළි සඳහා සහභාගී වීමට අවකාශයක් නොමැති බව ඇය දන්වා සිටියි.
කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව කටයුතු කිරීම බොහෝ දෙනෙකුගේ අපේක්ෂාව බව පිළිගන්නා බවත්, ඉදිරි අනාගත දේශපාලන කටයුතුවලදී එක්ව වැඩ කිරීමට තම පක්ෂය සූදානම් බවත් මහලේකම්වරිය සිය ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කර ඇත.





