The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

භික්ෂු ප්‍රතිරූපකයන් මැඬලීමට ‘කතිකාවත් පනත’ වහා ගෙන එන්න - කරු ජයසූරිය

T

The Leader Desk

April 28, 2026 • 11:15 AM

භික්ෂු ප්‍රතිරූපකයන් මැඬලීමට ‘කතිකාවත් පනත’ වහා ගෙන එන්න - කරු ජයසූරිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මේ සඳහා සකස් කරන ලද පනත් කෙටුම්පත 2015 දෙසැම්බර් 11 වන දින ගැසට් කළ ද, එය මෙතෙක් බලාත්මක කිරීමට නොහැකි වීම සමස්ත බෞද්ධ ප්‍රජාවගේම කම්පාවට හේතු විය යුතු බව නිවේදනයෙන් අවධාරණය කරයි.
  • මෙවැනි නෛතික බලයක් තහවුරු වන තෙක් ශාසන විලෝපිතයන් ලෙස ක්‍රියා කරන භික්ෂු ප්‍රතිරූපකයන්ට එරෙහිව පියවර ගැනීමට මහානායක හිමිවරුන් ප්‍රමුඛ කාරක සංඝ සභාවලට බලයක් හිමි නොවන බව කරු ජයසූරිය පෙන්වා දෙයි.
  • එබැවින් මහානායක හිමිවරුන්ගේ අනුශාසනා පරිදි ථේරවාදි භික්ෂු කතිකාවත් පනත නොපමාව සම්මත කර, විහාර හා දේවාලගම් පනත ද සංශෝධනය කරමින් ශාසනයේ චිරස්ථිතිය උදෙසා රාජ්‍යයේ වගකීම ඉටු කරන ලෙස ඔහු ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටියි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ශ්‍රී ලංකා රාජ්‍යය ගොඩනැඟීමේ මූලික පාදම වූ සංස්කෘතික හා සභ්‍යත්ව සාරධර්ම ආරක්ෂා කරන අතිපූජනීය භික්ෂූන් වහන්සේලාගේ ගෞරවයට මුවා වෙමින් මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවල නිරත වීම අතිශය බැරෑරුම් තත්ත්වයක් සහ, මේ හේතුවෙන් ජාත්‍යන්තරය හමුවේ රටට මහත් අපකීර්තියක් අත්ව ඇති බැවින් මෙම සිදුවීම සම්බන්ධයෙන් තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීම අතිශයින් වැදගත් බව එම නිවේදනයේ දැක්වේ.

 

මෙවැනි ශාසනික විලෝපනයන් සිදුවන අවස්ථාවලදී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ වගකීම පැවරී ඇති ශාසන භාරධාරීන් මෙන්ම රාජ්‍ය බලධාරීන් ද අතීතයේ ක්‍රියා කර ඇති ආකාරය සැලකිල්ලට ගනිමින් අවශ්‍ය පියවර ගත යුතු බව කරු ජයසූරිය  අවධාරණය කරයි. 

 

වර්තමාන නීති රාමුව තුළ අධිකරණය හමුවේ දඬුවම් ලබාදීමේ හැකියාව තිබුණ ද, ශාසනික පාරිශුද්ධිය උදෙසා අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේදී මහානායක හිමිවරුන් ප්‍රමුඛ කාරක සංඝ සභාවන් හමුවේ ඇති නෛතික බාධාවන් ඉවත් කිරීම ජාතික වගකීමක් බව ඔහු පෙන්වා දෙයි.

 

ඒ සඳහා ශාසන හිතකාමීන්ගේ මැදිහත් වීමෙන් සහ මහානායක හිමිවරුන්ගේ ආශිර්වාදයෙන් යෝජනා කර ඇති 'ථේරවාදි භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත' සහ විහාර හා දේවාලගම් පනතෙහි 41 සහ 42 වගන්ති සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ඔහු නැවතත් අවධාරණය කරයි. 

 

ථේරවාදි භික්ෂු කතිකාවත් පනත නොපමාව සම්මත කරන්න

 

මෙම යෝජනා මීට පෙර රජයන් කිහිපයකට මෙන්ම වර්තමාන රජයට ද ඉදිරිපත් කර ඇති බවත්, එමගින් භික්ෂූන් වහන්සේලා තමන්ට අදාළ නිකායේ ලියාපදිංචි කතිකාවතට අනුකූලව කටයුතු කිරීම සහ එය උල්ලංඝනය කරන පිරිස්වලට දඬුවම් පැමිණවීමට අවශ්‍ය විධිවිධාන සැලසීමට අපේක්ෂා කරන බවත් නිවේදනයේ සඳහන් වේ.

 

මේ සඳහා සකස් කරන ලද පනත් කෙටුම්පත 2015 දෙසැම්බර් 11 වන දින ගැසට් කළ ද, එය මෙතෙක් බලාත්මක කිරීමට නොහැකි වීම සමස්ත බෞද්ධ ප්‍රජාවගේම කම්පාවට හේතු විය යුතු බව නිවේදනයෙන් අවධාරණය කරයි.

 

මෙවැනි නෛතික බලයක් තහවුරු වන තෙක් ශාසන විලෝපිතයන් ලෙස ක්‍රියා කරන භික්ෂු ප්‍රතිරූපකයන්ට එරෙහිව පියවර ගැනීමට මහානායක හිමිවරුන් ප්‍රමුඛ කාරක සංඝ සභාවලට බලයක් හිමි නොවන බව කරු ජයසූරිය පෙන්වා දෙයි.

 

එබැවින් මහානායක හිමිවරුන්ගේ අනුශාසනා පරිදි ථේරවාදි භික්ෂු කතිකාවත් පනත නොපමාව සම්මත කර, විහාර හා දේවාලගම් පනත ද සංශෝධනය කරමින් ශාසනයේ චිරස්ථිතිය උදෙසා රාජ්‍යයේ වගකීම ඉටු කරන ලෙස ඔහු ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටියි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...