The Leader News
BREAKING
රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●'සුපිරි එල් නිනෝ' අනතුර ගැන ඕස්ට්‍රේලියානු අගමැතිගෙන් අනතුරු ඇඟවීමක්●ආගමික ගරුත්වය හා ගොවි ගැටලු ගැන සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි●IMF ණයට වඩා කනකර බඩු උකසේ: නාමල්ගෙන් හෙළිදරව්වක් !●ඇමරිකානු යුද නෞකාවක් යළි කොළඹ වරායට●මෙඩ්වියැඩෙෆ්ට දැවැන්ත දඩයක්: චීන විවෘතයෙන් එළියට!●හමුදා සේවයෙන් ගැලවී උදම් වූ කොරියානු ක්‍රීඩකයෝ සමාව අයැදිති!●
Top Ad
පුවත්

‘හැකර්’ කතා මුලාවක් - පික්පොකට් න්‍යායෙන් වැඩ වරදින හැටි නාමල් කියයි

T

The Leader Desk

April 28, 2026 • 11:35 AM

‘හැකර්’ කතා මුලාවක් - පික්පොකට් න්‍යායෙන් වැඩ වරදින හැටි නාමල් කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද දින තංගල්ලේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ මුදල් අමාත්‍යාංශයේ ගිණුම හැක් කළ බව කීම හාස්‍යයට කරුණක් බවයි.
  • ලෝකයේ කිසිදු රටක හැකර්වරයෙකු කෝල් කර තමන් ගිණුම හැක් කරන්නට යන බව පවසා අදාළ ලිපිවලට අත්සන් ලබා නොගන්නා බවත්, මෙය පැහැදිලිවම අත්සන් ලබාගෙන සිදු කළ වංචාවක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
  • හැකර් හැංගේවි යැයි පවසමින් මාස අටක් තිස්සේ පරීක්ෂණ නොකර සිටීම තුළින්ම මෙහි ඇති සැකසහිත බව තහවුරු වන බවත්, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සහ මුදල් ලේකම්වරයා මීට වගකිව යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.
  • විදේශගත ශ්‍රී ලාංකිකයන් එවන විනිමය මෙන්ම ජනතාවගේ බදු මුදල් ආරක්ෂා කිරීමට ආණ්ඩුව අසමත් වී ඇති බවත්, සැබෑ හොරුන් සිටින්නේ ආණ්ඩුව ඇතුළේම බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


අද දින තංගල්ලේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ මුදල් අමාත්‍යාංශයේ ගිණුම හැක් කළ බව කීම හාස්‍යයට කරුණක් බවයි.

 
ලෝකයේ කිසිදු රටක හැකර්වරයෙකු කෝල් කර තමන් ගිණුම හැක් කරන්නට යන බව පවසා අදාළ ලිපිවලට අත්සන් ලබා නොගන්නා බවත්, මෙය පැහැදිලිවම අත්සන් ලබාගෙන සිදු කළ වංචාවක් බවත් ඔහු පෙන්වා දුන්නේය.
 
හැකර් හැංගේවි යැයි පවසමින් මාස අටක් තිස්සේ පරීක්ෂණ නොකර සිටීම තුළින්ම මෙහි ඇති සැකසහිත බව තහවුරු වන බවත්, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා සහ මුදල් ලේකම්වරයා මීට වගකිව යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.

තමන්ගේ හොරකම වසා ගැනීමට අන් අයට හොරා යැයි කෑගසන 'පික්පොකට්' න්‍යාය දැන් ආණ්ඩුවට වැරදී ඇති බව පවසන රාජපක්ෂ, වරායෙන් කන්ටේනර් 323ක් අතුරුදන් වීම, ලෝකයේ වැඩිම මිලට තෙල් සහ බාල ගල් අඟුරු ගෙන්වීම හරහා ආණ්ඩුව දැවැන්ත කොමිස් මුදල් ලබාගෙන ඇති බවට චෝදනා කළේය. 
 
මාස ගණනාවක් තිස්සේ ගෙවීම් නොකළ ආයතන තිබියදී ඇතැම් හිතවත් කොන්ත්‍රාත් සමාගම්වලට මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) හරහා දෙවතාවක් ගෙවීම් කර ඇති බව ද ඔහු අනාවරණය කළේය.

විදේශගත ශ්‍රී ලාංකිකයන් එවන විනිමය මෙන්ම ජනතාවගේ බදු මුදල් ආරක්ෂා කිරීමට ආණ්ඩුව අසමත් වී ඇති බවත්, සැබෑ හොරුන් සිටින්නේ ආණ්ඩුව ඇතුළේම බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් මැඬලීමට පත් කළ 'මාලිමාවේ' ඇතැම් උසස් පොලිස් නිලධාරීන්ම අපරාධකරුවන් සමඟ ගනුදෙනු කරන බව හෙළි වී ඇති බවත්, ඔවුන්ට විදේශගත වීම පවා තහනම් කර ඇති බවත් මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. පොලිස්පතිවරයා ද ආණ්ඩුවට අවශ්‍ය පරිදි කටයුතු කරමින් අපරාධකරුවන් ආරක්ෂා කරන තත්ත්වයක් තුළ, රටේ මුදල් වංචා කිරීම පිටුපස සිටින්නේ ද ආණ්ඩුවම බව නාමල් රාජපක්ෂ වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
 

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...